Sandriesoft Software

ඔයාගේ BMI අගය ගැන ඔයා තාම දැනුවත් නැතිද?

 පුද්ගලයෙකු කිනම් වයස් කාණ්ඩයක වුවද ඔහුගේ හෝ ඇයගේ සෞඛ්‍ය හා පෝෂණ තත්ත්වය තීරණය කිරීමට ශරීරියේ බර ඉතාම වැදගත් සාධකයකි. උසට සරිලන නියමිත බර පවත්වා ගැනීමට පෝෂ්‍යදායි ආහාර පාන නිසි ප්‍රමාණයට ගැනීමත් දිනපතා ශාරීරික ක්‍රියාකාරකම්වල යෙදීමත් කළ යුතුය.

ශරීර ස්කන්ධ දර්ශකය
ඔයාගේ BMI අගය ගැන ඔයා තාම දැනුවත් නැතිද?

      පුද්ගලයෙකුගේ උසට සරිලන නියමිත බර ප්‍රමාණය තීරණය කිරීමේ මිනුම් දණ්ඩ BMI අගය හෙවත් ශරීර ස්කන්ධ දර්ශකය නමින් හැදින්වේ.


      ඉහත සදහන් කළ විස්තරය කියවූවානම් මම අද ඔයාලට දෙන මෘදුකාංගය පිළිබද දළ අදහසක් ලබාගන්නට පුලුවන්.. හොදයි..තව දුරටත් පැහැදිළිව කියනවා නම් මෙම මෘදුකාංගයෙන් ඔයාගේ සෞඛ්‍ය තත්ත්වය කොහොමද කියලා දැනගන්න පුලුවන්... පහළ රූපයේ දැක්වෙන්නේ එහි දර්ශනයක්...


      ඔයාගේ උස සහ බර දත්ත ලෙස ඇතුළත් කිරීමෙන් අදාළ ප්‍රතිඵල ලබාගන්න පුළුවන්... BMI දර්ශකය ඉතා වැදගත් බැවින් ඔබගේ BMI අගය මගින් ඔබගේ සෞඛ්‍ය පිළිබදව දළ අදහසක් ලබාගැනීමට හැකිවේවි.. එහෙනම් මෘදුකාංගය බාගෙනම බලන්නකෝ.. මෙය 408kb පමණක් විතරයි.
 



++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++


මෙන්න අපෙන් රේඩියො කළුතර අහන්න Portable App එකක්..!
      මෙන්න අපෙන් රේඩියෝ කළුතර අහන්න Portable App එකක්... දැන් රේඩියො කළුතර නවතම තාක්ෂණයෙන් යුත් මෘදුකාංගයකින් ශ්‍රවනය කිරිමට දැන් ඔබට අවස්ථාවක්.. එය ඔබට ශ්‍රවනය කිරිමට අවම වශයෙන් 32kbps වේගයෙන් යුත් අන්තර්ජාල සබදතාවයක් තිබිය යුතුයි.. ඔබ මෙම මෘදුකාංගය පහත ලින්කුවෙන් බාගෙන්න.
( මෙය Sandriesoft මගින් Radio Zone Kalutara වෙත නිර්මාණය කර ලබාදුන්නකි.  )


 

++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++



Sandriesoft Radio නිකුත්වෙයි..!


  කොහොමද යාලුවනේ.., ඔන්න ඉතින් මම අද ඔයාලට මගේ අලුත්ම මෘදුකාංගය හදුන්වා දෙන්නයි සූදානම් වෙන්නේ.. මේ දවස්වල මෘදුකාංග නිර්මාණය කරන්න අලුත් අදහස් එනවා නම් අඩුයි.. මොකද මේ දවස්වල උ.පෙ. ට ලෑස්තිවෙන කාලයනේ.. ඉතින් දවස් දෙක තුනක් ලිපියක් පළ නොකරන්නත් ඉඩ තියෙනවා.. ඒ වුණාට එහෙම  කියලා යාලුවෝ මාත් එකක් තරහා වෙන එකක් නෑ කියලයි මම හිතන්නේ.. හ්ම්.. හරි හරි.. මම අද ඔයාලට දෙන්න අරගෙන ආවේ Radio එකක්...

මොකක්ද මේ Sandriesoft Radio කියන්නේ..?

      Sandriesoft Radio කියන්නේ මගේ අලුත්ම නිර්මාණය.. කොයි තරම් අලුත්ද කියනවා නම් මේ මෘදුකාංගය නිර්මාණය වී අවසන් වුණේ මීට විනාඩි කිහිපයකටත් වඩා අඩු කාලයකින්... මෙම මෘදුකාංගය Portable මෘදුකාංගයක් ලෙසටයි මම නිර්මාණය කළේ.. ඒ කියන්නේ ස්ථාපනය කරන්න දෙයක් නැහැ කියන එකයි.. රෑපයේ දැක්වෙන්නේ එහි දර්ශනයක්..

      ඉතා සරළ මුහුණතක් තමයි මේ මෘදුකාංගයට තියෙන්නේ.. ඉතින් ඔයාලට මේ මෘදුකාංගය නිසා ඕනෑම තැනකට පෙන් එකක ගෙනෙහින් රේඩියෝ අහන්න පුලුවන් වේවි.. ඉතින් ඔයාලගේ අදහස්, යෝජනා ආදිය මෙහි කමෙන්ට් එකක් විදිහට දමාවි කියලා මම හිතනවා...



++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++


ScoBell - පාසල් කාලකලමණාකාර මෘදුකාංගය

      ඔන්න යාලුවනේ මම අදත් ඔයාලට වැදගත්වන මෘදුකාංගයක් අරන් ආවා... මේ මෘදුකාංගය ගොඩක්ම වැදගත් වෙන්නේ ඔබ තවමත් පාසල් ශිෂ්‍යයෙක් නම් තමා... මොකද මම අද අරගෙන ආවේ පාසල් යන අපේ නංගිලා, මල්ලිලාට විශේෂ දෙයක්...

      මොකක් ද මේ Sandriesoft ScoBell කියන්නේ...? Sandriesoft ScoBell කියන්නේ...? ඔයාලගේ පාසලේ කාල කළමණාකරණය කරගන්න පුලුවන් වෙන විදිහට නිර්මාණය කළ මෘදුකාංගයක්... ඔලුවට අදහස ඇවිත් ගොඩක් කල් වුනත් මම මේ මෘදුකාංගය හැදුවේ අපේ පාඨකයෙකුගේ ඉල්ලීමකට අනුව... මේ මෘදුකාංගය දවසක් වැනි පොඩි කාලයෙකින්ම නැතිනම් මෘදුකාංගය ඉල්ලලා පැය 24ක් යන්නත් කළින් මට මේ ‍මෘදුකාංගය එයාට ලබාදෙන්න පුලුවන් වුනා...

      මම මේ මෘදුකාංගය නිර්මාණය කරන්න කලින් මෙවැනි මෘදුකාංගයක් තිබේදැයි අන්තර්ජාලයෙන් සෙවීමකට ලක්කළා... ඒත් මට එවැනි මෘදුකාංගයක් සොයාගැනීමට හැකිවුනේ නැහැ.. ඉතින් ඔයාලා කොපමණ හෙව්වත් හම්බවෙන්නේ නැති නිසා මම ඔයාලට කට්ටක් නොකා බාගත කරගන්න මේ මෘදුකාංගය ඔයාලාට දෙන්නේ නිහතමානී ආඩම්බරයකින්...


      ඉතින් යාලුවනේ පොඩ්ඩක් හිතලා බලන්න ඔයාලාගේ පාසලේ බහු මාධ්‍ය ඒකකයේ ශිෂ්‍යාව හෝ ශිෂ්‍යයාව හැම දවසකම ඔබ වෙනුවෙන් මහන්සි වෙන තරම... එයා ඔයා ඇතුලු මුලු පාසලේම ළමයින් වෙනුවෙන් විශාල මහන්සියක් අරන් කටයුතු කරන බව ඔබ මදකට හෝ සිතුවාද? ඉතින් යාලුවනේ අපි එයාලට දෙන උදව්වක් විදිහට  මෙම මෘදුකාංගය ලබාදුන්නොත් එයා කොච්චර සතුටුවේවිද...? ඔබව පාසලේදී ඇගයීමකට පත්කිරීමක් වුවද සිදුවිය හැකිය... මම වැඩි විස්තරයක් නොකරම බාගතකිරීමේ ලින්ක් එක දෙන්නම්...

      ආහ්... මතක තියාගන්න..., මම මේ මෘදුකාංගය හැදුවේ ඔයාලට ඒකේ වෙනස්කම් සිදුකරලා පාසලට අනුව හදාගන්න පුලුවන් වෙන්න... ඉතින් මම ඒකට අවශ්‍යවන නාදරටා ඔයාටම තෝරගන්න පුලුවන් වෙන්න විදිහට සිංහල භාෂාවෙන්ම මෙය නිර්මාණය කළා... එහෙනම් මෘදුකාංගය භාවිතා කරලම බලන්නකෝ...
Download : ScoBell
      එහෙනම් මම හිතනවා පෝස්ට් එක ඔයාලට වැදගත් වේවි කියලා.... ඔයාලගෙ අදහස් කමෙන්ට් එකක් විදියට දාන අතරම බොලොග් එක ෆලෝව් කරලා හෙල්ප් එකක් දෙන්න....


  ++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

Sandriesoft Eraser [World first unrecoverable file deleter] - Download




             ඔන්න යහ‍‍‍ලුවනේ මම ඔයාලට ලෝකෙ පෙරළලාවත් හොයාගන්න බැරි මෘදුකාංගයක් අරන් ආවා.. මේවගේ මෘදුකාංගයක් තවමත් නිෂ්පාදනය කරලා නැහැ. Sandriesoft කවදත් first කියලා අපේ යහලුවෝ හොදටම දන්නවානේ... මතකනේ මීට පෙර නිර්මාණය කළ Sandriesoft Facebook Profile Finder මෘදුකාංගය.. හ්ම්... මම තාම කිව්වේ නැහැනේ මගේ මේ අලුත්  මෘදුකාංගය ගැන...


             නමින් එය Sandriesoft Eraser... නම ඇහුවම බය හිතෙනවාද දන්නැහැ.. බය වෙන්න දෙයක් නැහැ, බය නැතිකරගන්න පුලුවන් දෙයක් තමයි මේක... මොකද අපේ යහලුවෝ කරන සමහර දෙවල් දෙපාරක් නොහිතා කරන බව  Sandriesoft  අපි දන්නවා.. කොල්ලා, කෙල්ල කාලේ නොකරන දේවල් ආයේ ඉතින්  කවද කරන්නද? හෙහ්හෙහ්.. lol.. කෝ ඉතින් තාම මේ මෘදුකාංගයෙන් කෙරෙන්නේ මොකක්ද කියලා කිව්වේ නැහැනේ නේද..! සමහරැන්ට නම් දැනටමත් ඔලුවට අදහසක් ඇවිල්ලා ඇති, එහෙම ආපු කෙනෙක්ම තමා  මට මේ මෘදුකාංගය නිර්මාණයට අදහස දුන්නේ.. We Activate Your Ideas කියන්නේ නිකම් නෙවෙයිනේ.. හ්ම්... මෙන්න එහෙනම් මෘදුකාංගය ගැන විස්තරය...,

             අපේ යහලුවෝ ගොඩ දෙනෙක් අපහසුතාවයට පත්වන දෙයක් තමයි අපි Delete කළ Files වෙනත් අයෙකුට Recover කර බැලිය හැකි වීම.. උදාහරණයක් හැටියට ඔයාගේ පෙම්වතිය හෝ පෙම්වතා සිපගන්නා ඡායාරෑපයක් ගෙදර අයෙකුට හෝ වෙනත් අයෙකුට හසුවුවහොත් ඔබ කොපමණ පහසුතාවයකට ලක්වේවිද? ඔවුන් ඔබ ගැන මොනවා නම් සිතයි ද? ඔබට මානසික ගැටලුවක් කරා යාමට එයද හොදටම ප්‍රමාණවත්.. ඉතින් ඒ නිසාම තමයි  Sandriesoft Eraser  ලොව ප්‍රථමUnrecoverable deleter මෘදුකාංගය නිර්මාණය වන්නේ....

             ලොව ප්‍රකට Recover මෘදුකාංගවන RecoverMyFiles, Disk Digger, Recuva වැනි ඕනෑම මෘදුකාංගයකට හසුනොවන ලෙස Files මැකිය හැකි ලොව ප්‍රථම හා එකම මෘදුකාංගය ශ්‍රීලංකාවේ Sandriesoft  තුළින් මා ඔබට ලබා දෙන්නේ නිහතමානී ආඩම්බරයකින්...! හැබැයි දැන් හිතන්නෙපා Sandriesoft  වැරදි දේවල්වලට අනුබල දෙනවා කියලා.. මොකද අපේ පරමාර්ථය වටිනා ජීවිත ආරක්ෂා කිරීම. මේ මෘදුකාංගය කොහොමද ඔයාලගේ  ජීවිත ආරක්ෂා කරන්නේ?, ඔයාලා දන්නවා ඇතිනේ පහුගිය දවස්වල විවිධ පාසල්වල දරැ දැරියන් එක එක දේවල් නිසා එක එක විදිහට ජීවිත නැතිකරගත්ත හැටි.. අපේ යහලුවෝ නම් එවැනි මෝඩවැඩ කරගන්න අය නොවෙයි කියලයි අපේ හැගීම... කෙසේ නමුත් එවැනි මානසික තත්ත්වයකට පත්වුවකුට මේ මෘදුකාංගයේ පිහිට තමා... හැබැයි ඔයාලා කරන වරඩ 1-2 පාරක් නෙවෙයි 3-4 පාරක්වත් හිතලා කරන්න කියලයි මම නම් කියන්නේ...

             හරි එහෙනම්, මෘදුකාංගය භාවිතා කරලම ගුණ දොස් කියන්නකෝ.. Registration key එකට පහත key එක ලබාදෙන්න.. මේ මෘදුකාංගය භාවිතා කරන විට අනෙකුත් windows සියල්ල close කරන්න.


Registration key = FREE1993772012052855

Download : Sandriesoft Eraser


             මෘදුකාංගය ගැන සුභවාදී ආකල්පයක් ඇත්නමි මගේ මහන්සියත් ගැන හිතලා Page එකට Like එකක් දෙන්න.. පසුව Unlike කරන්න හිතාගෙනනම්  Like කරන්නෙපා...
ස්තූතියි...
බුදු සරණයි..!!!


++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

Sandriesoft Screen Saver Builder - Download


 කොහොමද යාලුවනේ...? අද මම මගේ නවතම මෘදුකාංගය සමග ඔයාලා හමුවන්නට ආවේ.. මොකක්ද මේ නව මෘදුකාංගය කියල ඔයාලා හිතනවා ඇති.. මම අද ඔයාලට දෙන්නේ තමන්ටම කියලා Screen Saver එකක් හදාගන්න පුලුවන් මෘදුකාංගයක්...


      උඩ පින්තූරයේ තියෙන්නේ මෘදුකාංගයේ සාමාන්‍ය පෙනුමයි. ඉතා සරළ ලෙස ඔබට මෙමගින්  Screen Saver එකක් නිර්මාණය කරගන්න පුලුවන්...

      මේ මෘදුකාංගය මගින් ඔයාලගේ කැමතිම Videoවක්  Screen Saver ලෙස සකස්කිරීමට අවස්ථාව සලසා දෙනවා..
Download කරලම බලන්න. මේ මෘදුකාංගයත් ඔයාලට ගොඩක් අවශ්‍ය වේවි කියලා හිතුන නිසයි නිර්මාණය කළේ... Old Version එක නම් නැතිවෙලා තියෙන්නේ.. ඔයාලට මතක ඇතිනේ හේතුව... හරි එහෙනම් මෘදුකාංගය කොහොමද බලලා කියන්නකෝ...

                                                    New Version 2.0 Download

මෘදුකාංගය වෙනුවෙනුත්, මගේ මහන්සිය ගැනත් හිතලා මගේ Page එකට Like එකක් දාලා මා දිරිමත් කරන ලෙස නිහතමානී ඉල්ලීමක් කරනවා මම...
පසු‍ව Unlike කරන්න හිතාගෙන නම් Page එකට Like එකක් දාන්න එපා..

++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

නොදන්නා ඕනෑම කෙනෙකුගේ Facebook Photo හදුනාගන්නේ මෙහෙමයි.... [Sandriesoft Facebook Profile Finder - Sri Lankan Software ~ *NEW*~]



Facebook හි පින්තූරවල මුල් අයිතිකරැවන් සෙවීමට නිර්මානය කළ ලොව ප්රථම මෘදුකාංගය මෙයයි.. ශ්රී ලාංකිකයෙකු ලෙස ඔබට සතුටුවිය හැකියි.. මෙන්න මගේ අලුත්ම මෘදුකාංගය...


Sandriesoft Facebook Profile Finder 2.0
Now available...!!
This is a Facebook picture owner findng application. This is the World first application to find who are the owner of the picture published in Facebook!

If you like this software keep your comments here...


**PASSWORD** = SANDRIESOFTFPF2



මාදුකාංගයට කැමතිනම් https://www.facebook.com/Gihan.kashnuka.fanpage එකට LIKE එකක් දමා මා දිරිමත් කරන්න.

++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++



Sandriesoft Telephone Codes Finder 1.0


අද මම මගේ තවත් මෘදුකාංගයක් ඔබට හදුන්වා දෙන්නයි යන්නේ... ගොඩක් දෙනෙක්ට මුහුණ පාන්නට සිදුවන ගැටලුවකට පිළිතුරක් වශයෙන් තමා මම මේ මෘදුකාංගය නිර්මාණය කළේ...

මොකක්ද මේ Sandriesoft Telephone Codes Finder කියන්නේ,
  • World Telephone Codes
  • Country Codes
  • Sri Lankan Telephone Codes
ඔයාලට විවිධ අවස්ථාවන්වලදී ඉහත කී දේවල් හොයන්නට සිදුවෙන්නත් ඇති... ඉතින් මේ මෘදුකාංගය මගින් ඔයාලට ඒ අවශ්‍යතාවයන්වලදී ප්රයෝජනයට ගන්න ලේසි වෙන්නයි නිර්මාණය කළේ..

ඔයාලා ඇතුළත් කරන දත්ත මගින් අදාල විස්තර වෙනම ලබාගත හැකිවන පරිදි මෙය නිර්මාණය කළේ..
Download කරලම බලලා හොදයිද නැද්ද කියන්නකෝ... :-)

++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

තවත් මෘදුකාංග සමග නැවත හමුවෙමු...!!!