Mar 9, 2013

පහසුවෙන් වින්ඩෝස් 8 Shutdown සහ Restart කරන්නේ මෙහෙමයි..!

      කොහොමද යාළුවනේ... අද මම ඔයාලව දැනුවත් කරන්න හිතුවේ වින්ඩෝස් 8 වල ඇති ගැටලුවක් පිළිබදවයි.. ගොඩක් අය දැන් වින්ඩෝස් 8 භාවිතයට නැඹුරු වෙලා... වින්ඩෝස් 8 දාගත්තත් එහි ගොඩක් අංග වින්ඩෝස් කළින් සංස්කරණවලදී මෙන් නොවීම නිසා අපේ යාළුවන්ට ලොකු ලොකු කරදර ගොඩක් ඇති කියලා හිතනවා.. ඔව්, ඇත්තටම වින්ඩෝස් 8 අතුරු මුහුණත අනෙක් මෙහෙයුම් පද්ධතිවලට වඩා හාත්පසකින්ම වෙනස්... ඇතැම් දේවල් තනියෙන්ම හොයාගන්න බෑ.. ඉතින් ඒ විදිහට මේ නව සංස්කරණය එළිදැක්වූයේ ඇයි දැයි කියන්නට කාටත් ගැටලුවක්.. 

      ඉතින් මේ අරුම පුදුම මෙහෙයුම් පද්ධතියේ ඇති තවත් ගැටලුවක් තමයි Shutdown, Restart කරන්න පහසු ක්‍රමයක් හොයාගන්නට නැතිවීම... ඉතින් පරිගණකය ඔන් කරගත්තා වගේම ඕෆ් කරන්නත් ඕනෙනේ... ඉතින් මම අද කියලා දෙන්න යන්නේ පහසුවෙන් ඕනෑම අවස්ථාවකදී එසේ සිදුකරගන්නා ආකාරය පිළිබදවයි.. හොදයි.. එහෙනම් අද වින්ඩෝස් පාඩමට අවධානය යොමු කරමු...



  • මේ සදහා අපට කළ හැකි පහසුම දෙයක් තමයි Shortcuts නිර්මාණය කරගැනීම...ඒ සදහා මුලින්ම Shutdown නමින් ෆෝල්ඩරයක් නිර්මාණය කරගන්න. එහි ඇතුළට ගොස් Right ක්ලික් කර New > Shortcut යන්න මගින් Shortcut වින්ඩෝව ලබාගන්න.

  • Type the location of  the item තුළට shutdown.exe /s /t 00 යන්න Type කරන්න. Next කර Type a name for this shortcut තුළට Shutdown යන්න සදහන් කර Finish කරන්න. ඔබ දැන් සාර්ථකව Shutdown කිරීම සදහා shortcut එක සකසා අවසන්..

ඒ ආකාරයටම,

*. Restart සදහා shutdown.exe /r /t 00 යන්නද


*. Log Off සදහා shutdown.exe /l යන්නද


*. Sleep or Hibernate සදහා rundll32.exe powrprof.dll,SetSuspendState යන්නද


*. Lock සදහා rundll32.exe user32.dll,LockWorkStation යන්නද


*. Switch user සදහා tsdiscon.exe යන්නද ලබාදෙමින් shortcut සියල්ල නිර්මාණය කරගන්න.


  • දැන් shortcut වෙන වෙනම Right ක්ලික් කර Properties වෙත ගොස් ගැලපෙන Icon ලබාදෙන්න.


  • දැන් ඔබ සියල්ල සාර්ථකව සිදුකර අවසන්... අවශ්‍ය නම් මේ වැඩේ තවත් ලස්සන කරන්න පුලුවන් අපට.. ඒ සදහා පහත පියවරයන් අනුගමනය කරන්න.

  • Taskbar එක Right ක්ලික් කර Toolbars > New toolbar command එක ක්ලික් කරගන්න. දැන් අප කළින් නිර්මාණය කරගත් ෆෝල්ඩරය එතැනට ලබාදෙන්න. 

     හරි.. දැන් එහි වඩා අලංකාර පෙනුමක් තියෙනවා නේද... හරි.. දැන් ඔයාට පහසුවෙන්ම ඔන්, ඕෆ් කරන්න පුලුවන් නෙහ්.. එහෙනම් අදට වින්ඩෝස් පාඩම ඉවරයි.. තවත් වින්ඩෝස් 8 පිළිබද ලිපි කිහිපයක්ම ලබාදෙන්නට බලාපොරොත්තු වෙනවා..


Search Keywords : windows 8 shutdown button, how to shutdown windows 8, easy way, shutdown, restart, log off, in windows 8, Shutdown icon in windows 8, windows 8 shutdown buttons, free, blogspot.com, help, pc tricks for windows 8
      එහෙනම් මම හිතනවා මේ පෝස්ට් එක ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා... මේක ඔයාලට ප්‍රයෝජනයක් වුණා නම් කමෙන්ට් එකක් එහෙම දාලා අපගේ මෙම්බර් කෙනෙක් වෙන්න. ඔයාලගෙ ප්‍රතිචාර මත තමයි තව එක එක දේවල් ඔයාලට දෙන්න හිතෙන්නෙ. එහෙනම් ආයෙත් වැදගත් දෙයක් එක්ක හමුවෙමු...
 

2 comments:

ලිපිය සම්බන්ධයෙන් ඇති ඔබේ අදහස්, ගැටලු ආදිය විමසීමට මෙය භාවිතා කරන්න. අනවශ්‍ය ලෙස Backlinks යෙදූ ප්‍රතිචාර ඉවත් කෙරෙනු ලැබේ..