Mar 6, 2013

ඔයාව දාල ගිය යාළුවෝ තමයි මේ...!

       කොහොමද යාළුවනේ... අද මම ඔයාලට ෆේස්බුක් සම්බන්ධයෙන් වැදගත් වෙන දෙයක් තමයි කියන්න හිතුවේ.. ගොඩක් අය නම් මම අද කියන්න යන එක දන්නවා ඇති.. ඒත් නොදන්න අයත් ගොඩක් ඉන්න නිසා මේ සම්බන්ධයෙන් ලිපියක් ලියන්නේ... ඔයා දන්නවාද මුහුණු පොතේ ඔයාව දාල ගිය අයව..? ඔයාගේ යාලුවන් ලෑස්තුව දිනෙන් දින අඩුවන්නේ කොහොමද කියලා...? අපි හොයලා බලමු කවුද අපිව දාලා ගියේ කියලා... ඒත් පොඩි ගැටලුවක් තියෙනවා.. කොහොමද අපි ඒක හොයන්නේ..? ෆේස්බුක් ඒ සම්බන්ධයෙන් කිසිම උදව්වක් සපයලා නෑ නේද? ඉතින් අපි කොහොමද එහෙනම් ඒක හොයන්නේ..? ඒක තමයි අද ලිපියෙන් ඔයාලව දැනුවත් කරන්නේ...



      මේ සදහා විසදුමක් ලෙස අපට Facebook Unfriend Finder Script භාවිතා කරන්න පුලුවන්... මෙම Script එක සෑම වෙබ් බ්‍රව්සරයක් සදහාම නිර්මාණය කර තිබෙනවා.. අපට මෙම Script එක නොමිලයේ ලබාගැනීමේ අවස්ථාව මෙය නිර්මාණය කළ අය ලබාදී තියෙනවා.. මෙය Internet Explorer, Firefox, Google Chrome, Opera, Safari යන ඕනෑම වෙබ් බ්‍රව්සරයක ක්‍රියාකරනවා... මේ Facebook Unfriend Finder එක Google Chrome browser බ්‍රව්සරයට ස්ව්‍යංක්‍රීයව ස්ථාපනය වන අතර Firefox Browser සදහා මුලින් Greasemonkey Add-on ය ස්ථාපනය කිරීම අවශ්‍ය වේ..

      Facebook Unfriend Finder අපව දැනුවත් කරනවා ෆේස්බුක් යාළුවෙක් අපව අන්ෆ්‍රෙන්ඩ් කළ වහාම. එමෙන්ම යාළුවගේ ප්‍රොෆයිල් එකක් Deactivate වුනු විගසත් එය අපගේ නොටිෆිකේෂන්ස් ගොඩට ඒ පිළිබදව දැනුවත් කරමින් පණිවිඩයක් ලබාදෙනවා.. එපමණක් නොව මෙම ස්ක්‍රිප්ට් එක මගින් අපගේ පෙන්ඩින් රික්වෙස්ට් වුවද බලාගැනීමේ පහසුකම් සපයා දී තිබෙනවා.. මෙම ස්ක්‍රිප්ට් එක මගින් අපව අන්ෆ්‍රෙන්ඩ් කළ මිතුරන් ප්‍රමාණය කොපමණදැයිද පහසුවෙන් බලාගත හැකිය.



කොහොමද Facebook Unfriend Finder Script එක වැඩකරන්නේ..?
 
පහත දැක්වෙන පියවරයන් කියවා මෙම ස්ක්‍රිප්ට් එක පිළිබදව වැඩිදුර කරුණු දැනගන්න.



  • මෙම ස්ක්‍රිප්ට් එක අලුත් ටැබ් එකක් unfriends නමින් මුහුණුපොතේ නිවස පිටුවේ වම් පස තීරුවට එක්කරනවා. 
  • හැරගිය යාලුවන් පිළිබස විස්තර ප්‍රධාන නොටිෆිකේෂන් ටැබ් එකේ සදහන් කරයි.
  • මෙම ස්ක්‍රිප්ට් එක මගින් ඔබගේ යාළුවන්ගේ ෆේස්බුක් ගිණුම් අක්‍රීය වූ අවස්ථාවන්හිදීද ඒ පිළිබදව ඔබව දැනුවත් කරයි.
  • තීන්දු නොලැබුණු මිතුරුන්ගේ විස්තරද බලා ගැනීමට හැකියාව ලබා දේ.. එමගින් අවශ්‍ය නම් එම ඉල්ලීම ඉවත් කරගැනීමේ හැකියාව ඔබට ලැබේ.

කොහොමද Facebook Unfriend Finder Script එක ලබාගන්නේ..?

ඔබගේ වෙබ් බ්‍රව්සරයට ගැලපෙන ස්ක්‍රිප්ට් එක පහළින් ලබාගන්න.
Search Keywords : I want to know friends who remove me in facebook, fb, friends, remove, pending request finder, app, Script for find pending requests, remove pending requests, facebook deactivations finder, unfriend finder for firefox, unfriend finder for facebook, unfriend finder chrome, facebook remove, facebook remove

      එහෙනම් මම හිතනවා මේ පෝස්ට් එක ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා... මේක ඔයාලට ප්‍රයෝජනයක් වුණා නම් කමෙන්ට් එකක් එහෙම දාලා අපගේ මෙම්බර් කෙනෙක් වෙන්න. ඔයාලගෙ ප්‍රතිචාර මත තමයි තව එක එක දේවල් ඔයාලට දෙන්න හිතෙන්නෙ. එහෙනම් ආයෙත් වැදගත් දෙයක් එක්ක හමුවෙමු...
 

11 comments:

  1. මේක දාගන්න හැටි පැහැදිලි මදි . .

    ටිකක් විස්තර කරලා කියන්න පුලුවන්ද කොහොමද දාගන්නේ කියලා

    ReplyDelete
    Replies
    1. ඔයාගේ වෙබ් බ්‍රව්සරයට ගැලපෙන ස්ක්‍රිප්ට් එක බාගතකරගෙන ස්ථාපනය කිරීමෙන් පසුව බ්‍රව්සරය රීස්ටාර්ට් කරන්න.

      පසුව ෆේස්බුක් හෝම් පේජ් එකට යන්න. එහි නිව්ස් ෆීඩ්, ඉවෙන්ට්ස් ගොඩට අලුත් ටැබ් එකක් unfriends නමින් එකතු වී තිබෙනවා.

      එය ක්ලික් කරන්න. එවිට No Unfriends හෝ ඔබව රිමූව් කළ මිතුරන් පෙන්වයි.
      එයට පහළ ඇති Pending Requests මගින් තවමත් තීරණයක් නොලැබුණු යහළු සබදතා සහ Requests Accepted යහළුවන් පිළිබදව විස්තර දක්වයි.

      වම් පස unfriends නමින් ඇති ටැබ් එකේ උප ටැබ් එකක් ලෙස Settings ඇත. අවශ්‍ය නම් වෙනස් කරගත හැකියි.

      Delete
  2. අහ් හරි වැඩේ ගොඩ දා ගත්තා . . ස්තූතියි

    ReplyDelete
  3. Replies
    1. ඔයාගේ වෙබ් බ්‍රව්සරයට ගැලපෙන ස්ක්‍රිප්ට් එක බාගතකරගෙන ස්ථාපනය කිරීමෙන් පසුව බ්‍රව්සරය රීස්ටාර්ට් කරන්න.

      පසුව ෆේස්බුක් හෝම් පේජ් එකට යන්න. එහි නිව්ස් ෆීඩ්, ඉවෙන්ට්ස් ගොඩට අලුත් ටැබ් එකක් unfriends නමින් එකතු වී තිබෙනවා.

      එය ක්ලික් කරන්න. එවිට No Unfriends හෝ ඔබව රිමූව් කළ මිතුරන් පෙන්වයි.
      එයට පහළ ඇති Pending Requests මගින් තවමත් තීරණයක් නොලැබුණු යහළු සබදතා සහ Requests Accepted යහළුවන් පිළිබදව විස්තර දක්වයි.

      වම් පස unfriends නමින් ඇති ටැබ් එකේ උප ටැබ් එකක් ලෙස Settings ඇත. අවශ්‍ය නම් වෙනස් කරගත හැකියි.

      Delete
  4. Unfriend Finder is no longer available
    kiyala enawane crome ekata download karaganna giyama

    ReplyDelete
    Replies
    1. Ayemath eyalata Facebook eken case dala.. aye tika dawasak yanakam dena ekak nee...

      Delete
  5. chorme ekata dan wada karanne nahe

    ReplyDelete

ලිපිය සම්බන්ධයෙන් ඇති ඔබේ අදහස්, ගැටලු ආදිය විමසීමට මෙය භාවිතා කරන්න. අනවශ්‍ය ලෙස Backlinks යෙදූ ප්‍රතිචාර ඉවත් කෙරෙනු ලැබේ..