Mar 8, 2013

පහසුවෙන්ම GIF ඇනිමේෂන්ස් හදාගන්නේ මෙහෙමයි..!

      කොහොමද යාළුවනේ.. අයහපත් කාලගුණය නිසා මට ඔයාලට ලිපියක්වත් දෙන්න බැරිවුණා... ඒ ගැන කියන අතරේ ඔන්න මම අද ඔයාලට ගෙනවා පහසුවෙන්ම GIF ඇනිමේෂන්ස් හදන්න පුළුවන් මෘදුකාංගයක්.. ඕනෑම අයෙකුට පහසුවෙන් ස්ව්‍යං අධ්‍යනයක් මගින් වුවද මේ මෘදුකාංගයෙන් පහසුවෙන්ම GIF ඇනිමේෂන්ස් ඉගෙනගැනීමට සෑදීමට පුලුවන්.. අපේ අය ගොඩ දෙනෙක් මේ මෘදුකාංගය හොයනවා.. ගොඩක් අයට බැනර් ඇඩ්ස් හදාගන්න තමයි මෙවැනි මෘදුකාංගවල සහාය පතන්නේ.. ඉතින් අද දෙන මේ මෘදුකාංගයේ වැදගත්ම ලක්ෂණයක් තමයි සිංහල ෆොන්ට්වලට වගේම සිංහල යුනිකෝඩ් වලටත් සහාය පළකිරීම.. ඔයාගේ නිර්මාණ හැකියාව අනුව මේ මෘදුකාංගයෙන් අලංකාරවත් නිර්මාණ සිදුකිරීමේ හැකියාව පවතිනවා.. විවිධ ආකාරයේ විෂුවල් ඉෆෙක්ට්ස් දැමීමේ හැකියාවද මෙම මෘදුකාංගයට ඇත. ඉතින් මේ මෘදුකාංගයේ නම තමයි Easy GIF Animator කියන්නේ...

      මෙම මෘදුකාංගය මගින් නිර්මාණය කරගත් ඕනෑම ඇනිමේෂන් එකක් උසස් තත්ත්වයේ පවතින අතර කම්ප්‍රෙෂන් තත්ත්වයද ඉහළ අගයක් ගනී... GIF Animator මෘදුකාංග අතර අදවන විට ඉදිරියෙන්ම Easy GIF Animator මෘදුකාංගය පවතී.

 

Easy GIF Animator මෘදුකාංගයෙන් කළ හැකි දේවල්

- Easily create animated banners, pictures and buttons [View samples]
- Create animated GIF images from scratch
- Edit and modify animated GIF images
- Add visual effects to your GIF animation
- Create moving text effects
- Optimize animated GIF images so they take less space and load faster
- Preview GIF animation in web browser
- Resize whole animations at once
- Manage animation frames
- Set animation loop count and frame duration
- Extract separate animation frames
- Reverse GIF animation or a portion of it
- Easily set transparency
- Add sound to your animation
- Save animation in SWF Flash format
- Search the Web to find images for use in your animation
- Export GIF animation to AVI format
- Use GIF, JPG, PNG and BMP images in your animation
- Generate HTML code for publishing animation on the web


Easy GIF Animator මෘදුකාංගයෙන් කුඩා බැනර් එකක් ඇනිමේට් කරන අන්දම

     මෘදුකාංගය දීලා විතරක් මදි නිසා මේ මෘදුකාංගයෙන් වැඩක් ගන්න හැටිත් කියලා දෙන එක වටිනවා.. ඉතින් ඒක නිසා ගොඩක් අය ආස කරන ඇනිමේට් වෙන බැනර් හදන හැටි තමයි දැන් කියලා දෙන්න යන්නේ.. හොදයි පහත පියවරයන් නිවැරදිව අනුගමනය කරන්න.

1. පළමුවෙන්ම පහළ ලින්ක් එකෙන් මෘදුකාංගය බාගත කරගන්න. සිzප් ගොණුවට යතුර ඇතුළත් කර ඇත.

2. අන්තර්ජාල සබදතාව අක්‍රීය කර මෘදුකාංගයට යතුර ලබාදී ඇක්ටිවේට් කරගන්න.

3. මම මෙහිදී 478 * 60 ප්‍රමාණයේ බැනරයක් අශ්‍රෙයන් පැහැදිලි කරදීම් කරන්නේ.. හොදයි දැන් මෘදුකාංගය විවෘත කරගන්න. එහි Create Animated Banner යන්න තෝරාගන්න. මෙහිදී Text Effect එකක් සිදුකරගන්නා ආකාරය පැහැදිළි කිරීමට සදහා මම මෙහිදී එය භාවිතා කරන්නෙමි.


 
4. දැන් පහත රූපයේ පරිදි Get Size From Background Image කියන ස්ථානයේ Browse යන්න ක්ලික් කර ඔයා කැමති පින්තූරයක් තෝරා Next විදානය ලබාදෙන්න. පින්තූරයක් නොදමා ඔයාලා Gif එක හදනවා නම් Select Standard Size හෝ Specify Custom Size තෝරාදී ඒ අනුව ඊලඟ පියවර Next දෙන්න.  



5. දැන් ලැබුණු වින්ඩෝවේ Settings වල වෙනසක් නොකර Background Picture Settings යන්නට  Browse ක්ලික් කර ඔබගේ පින්තූරය ලබාදී Next විදානය ලබාදෙන්න.



6. දැන් ඔයාට පහත රූපයේ පරිදි වින්ඩෝවක් ලැබේවි.. රතු පාටින් සලකුණු කර ඇති Text 1, Text 2, Text 3 යන Tabs ක්ලික් කරලා ඔයා ඇනිමේට් වෙන්න යොදන්න කැමති වාක්‍යයන් ඇතුළත් කරන්න. Settings වෙනස් කරමින් විෂුවල් ඉෆෙක්ට්ස් වෙනස් කරමින් ඔබට කැමති ආකාරයට ඇනිමේෂන් එක සකස් කරගත් පසු Next විදානය ලබාදෙන්න.



7. දැන් ලැබෙන වින්ඩෝවෙන් Save Banner to File යන්න ක්ලික් කර අප සාදාගත් බැනරය Save කළ හැකිය.



Search Keywords : Easy Gif animator, animation, animater, easy way to make a gif image, high quality gif composer, gif picture mker, software, animated pictures, how to make a animated image, pictute, blogspot, help, ways
 
      එහෙනම් මම හිතනවා මේ පෝස්ට් එක ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා... මේක ඔයාලට ප්‍රයෝජනයක් වුණා නම් කමෙන්ට් එකක් එහෙම දාලා අපගේ මෙම්බර් කෙනෙක් වෙන්න. ඔයාලගෙ ප්‍රතිචාර මත තමයි තව එක එක දේවල් ඔයාලට දෙන්න හිතෙන්නෙ. එහෙනම් ආයෙත් වැදගත් දෙයක් එක්ක හමුවෙමු...
 

5 comments:

  1. ඇයි මේ ස්ත්‍රී/පුර්ෂ භාවය අසන්න වින්ජෙක්ටුවක් දාලා තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. විශේෂයෙන් දැනගන්න ඕන දෙයක් ඒක... මට මුල ඉදන්ම මේ පිළිබදව දැනගන්නට වුවමනාවක් තිබුණා.. ඒවාගේම මේක මගින් මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා.. පොඩි දෙයක් වුනත් වැඩි විස්තර ප්‍රමාණයක් ලබන්න පුලුවන් වුණා.. කාන්තා පාර්ශවය මේ විෂයය ක්ෂේත්‍රයේ ලබා ඇති දියුණුව පිළිබදව වුවත් යම් දළ අදහසකට එන්නට පුලුවන් නේද? (:
      මෙවැන්නක් ඇසීම පිළිබදව ස්තූතිවන්ත වෙනවා.. (:

      Delete
    2. aiya..........mata facebook ake e mail akai password akai hack karanna beriwenna monawahari widihak kiyala denna puluwannda

      Delete

ලිපිය සම්බන්ධයෙන් ඇති ඔබේ අදහස්, ගැටලු ආදිය විමසීමට මෙය භාවිතා කරන්න. අනවශ්‍ය ලෙස Backlinks යෙදූ ප්‍රතිචාර ඉවත් කෙරෙනු ලැබේ..