Mar 13, 2013

Google Play එකෙන් ඔබගේ පරිගණකයටම ඇන්ඩ්‍රොයිඩ් මෘදුකාංග බාගන්නේ මෙහෙමයි..!

      කොහොමද යාළුවනේ... අද මම ඔයාලට වැදගත් වෙන දෙයක් අරන් ආවා... ේක ොඩක් වටින්ේ ඔයාත් ඇන්්‍රොයිඩ් දුරකථනයක් භාවිතා කරන්නෙක් නම් තමා... ොදයි එහෙනම් දැන් අපි අද පාඩමට අවධානය ොමු කරමු... අද ඇන්්‍රොයිඩ් පාඩමෙන් මම ඔයාලට කියලා දෙන්න යන්ොමද ඔයාේ පරිගණකයෙන් Android marketplace (Google Play)කෙන් කෙළින්ම පරිගණකයට ඇන්්‍රොයිඩ් මෘදුකාංග ලබාගන්ොමද කියලායි.. 



      ේක ොඩක් අයට ප්‍රශ්නයක්.. ොකද ඇතැම් ඇන්්‍රොයිඩ් මෘදුකාංග දුරකථනයෙන්ම බාගත කිරීම ඇතැම් විට අලාභ දායකයි... තවත් දෙයක් තමයි අපි Android marketplace (Google Play)කෙන්ෘදුකාංගයක් බාගත කරගෙන ස්ථාපනය කළත් ඒ මෘදුකාංගය ඉවත් කළ පසු නැවත *.apk ොණුව අපට නැවත ස්ථාපනය කිරීමට අවශ්‍ය වුවොත් යළි බාගත කිරීමට සිදුවෙනවා... ඉතින් ේ වොඩක් ගැටලුවලට අද මම දෙන Chrome extension ඔයාලට වැදගත් ේවි. ොදයි එහෙනම් මෙය සිදුකරගන්නා අන්දම බලමු. පහත පියවරයන් ඒ සදහා අනුගමනය කරන්න...

 

1. මුලින්ම මෙම ලින්ක් එකෙන් ේ සදහා අවශ්‍ය වන Chrome extension භාගත කරගන්න.


2. SSL error warning Disable කිරීම කළ යුතුයි දැන්. ඒ සදහා Chrome browser shortcut එක Right click කර ‘Properties’ වෙත යන්න. එහි Shortcut tab හි ඇති –remote-debugging-port=9222 යන්න –ignore-certificate-errors ලෙස වෙනස් කරගන්න.



3. දැන් ඔේ විද්‍යුත් ලිපිනය හා Device ID දැනගැනීම අවශ්‍යයි. 

4. දැන් APK Downloader විවෘත කරගෙන option page හි Device ID, Email address and Password ලබාදෙන්න. දැන් ඔබට අවශ්‍ය ඕනෑම ඇන්්‍රොයිඩ් මෘදුකාංගයක් පරිගණකය හරහා බාගත කරගැනීමට පුලුවන්...




      ඒ සදහා Android marketplace (Google Play) වෙත ොස් ොග් වීම අවශ්‍ය ේ.. එවිට අවශ්‍ය ඕනෑම මෘදුකාංගයක් බ්‍රව්සරේ ඉහළ දකුණු කෙළෙවඇති අයිකනය ක්ලික් කිරීම පමණයි අවශ්‍ය වෙන්ේ.. ඔබ බාගතකරගත්  *.apk ොණුව අපේ දුරකථනයට USB හරහා ලබාගෙන ස්ථාපනය කරගැනීම සිදුකළ හැකියි.



Search Keywords : android application downloader for pc, computer, android app download from pc, android pc download, software, addon, simple method, blogspot, free, help, ඇන්්‍රොයිඩ් මෘදුකාංග පරිගණකයට, ඇන්ොයිඩ් මෘදුකාංග බාගන්න

      එහෙනම් මම හිතනවා මේ පෝස්ට් එක ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා... මේක ඔයාලට ප්‍රයෝජනයක් වුණා නම් කමෙන්ට් එකක් එහෙම දාලා අපගේ මෙම්බර් කෙනෙක් වෙන්න. ඔයාලගෙ ප්‍රතිචාර මත තමයි තව එක එක දේවල් ඔයාලට දෙන්න හිතෙන්නෙ. එහෙනම් ආයෙත් වැදගත් දෙයක් එක්ක හමුවෙමු...
 

Mar 11, 2013

පරිගණකයෙන් ගීත නිර්මාණයට මෙන්න මෘදුකාංගය..!

      කොහොමද යාළුවනේ... අද මම ඔයාලට දෙන දෙවන මෘදුකාංගය තමයි මේ... මේ මෘදුකාංගය ගොඩක් වැදගත් වෙන්නේ පරිගණක ආශ්‍රයෙන් ගීත නිර්මාණය කරන අයටයි... මේ මෘදුකාංගය අපේ යාළුවෝ ගොඩක් දෙනා හොයන එකක් නිසා වටිනාකමක් ඇති කියලා හිතුනා.. ඉතින් මේ මෘදුකාංගයේ නම තමයි FL STUDIO කියන්නේ.. මමත් ඉස්සර භාවිතා කළ මෘදුකාංගයක් FL STUDIO මෘදුකාංගය.. ඒත් ඒක පැරණි සංස්කරණයක්... ඒ වුනාට අද මම ඇත්තටම මේ මෘදුකාංගයේ නවතම සංස්කරණය තමයි ඔයාගට දෙන්නේ... මෘදුකාංගය ගැන විස්තර කියන්න ගියොත් කියලා ඉවරකරන්න බැරිවෙනවා... සරළ පෙනුමක් මේ මෘදුකාංගයට දීලා තිබුණත් එයින් ගත හැකි ප්‍රයෝජන, ඉෆෙක්ට්ස් ආදියේ අවසානයක් දකින්නට බෑ... මා භාවිතාකළ සංස්කරණයට වඩා මෙම නව සංස්කරණයේ තවත් අංග වැඩි ප්‍රමාණයක් තියෙනවා..




      කියන්නට තවත් වැදගත් දෙයක් තියෙනවා... මේ මෘදුකාංගය භාවිතාකරලා තමයි ගොඩක් අය ගීත Remix කරන්නේ... මම කළින් ලිපියකින් ලබා දුන්නා කටහඩ වෙනකර ගන්නා මෘදුකාංගයක්... එම මෘදුකාංගය භාවිතයෙන් කටහඩ වෙන්කරගත් *.WAV ගොණුව මෙම මෘදුකාංගයට ලබාගෙන තමයි එවැනි නිර්මාණ කරන්නේ... ඉතින් මේ දේවල් කරන්න මෘදුකාංග සියල්ල තිබුනත් මදි හොද සංගීත දැනුමක් හා හැකියවක් තියෙනනත් ඕන.. මහන්සි වුනොත් තමයි හොද නිර්මාණ බිහිකරන්නට පුලුවන් වෙන්නේ... ආහ්... ගොඩක් අය කියලා තිබ්බා කළින් මෘදුකාංගයෙන් සම්පූර්ණයෙන් කටහඩ ඉවත් කරගන්න බැරිවුණා කියලා... ඒක කරන්න පුලුවන්... නමුත් පොඩි පොඩි ව්‍යාකූළතා අපි Output කරගන්නා *.wav ගොණුවේ තියෙන්නට පුලුවන්... නමුත් ඒ ව්‍යාකූළතා සියල්ල මෙම මෘදුකාංගයෙන් අප සාදාගන්නා නාදරටාවන් වලදී මැකී යනවා... ඉතින් උත්සාහ කරළා බලන්න.. ඔයාට සාර්ථක නිර්මාණ බිහිකිරීමට හැකිවෙන්න කියායි අපේ ප්‍රාර්ථනාව...!




නිවැරදිව ස්ථාපනය කරගන්නා අන්දම


1. අන්තර්ජාල සබදතාව අක්‍රීය කරන්න.
2. මෘදුකාංගය ස්ථාපනය කරගන්න.
3. මෘදුකාංගය ක්ලෝස් කරන්න.
4. ලබාදී ඇති පැච් ගොණුව මෘදුකාංගය ස්ථාපනය කරගත් ස්ථානයට පිටපත් කරගන්න.
5. පැච් ගොණුව විවෘත කරන්න.
6. පැච් ගොණුවේ ඇති පින්තූරයේ දිවියාගේ හිස ක්ලික් කරන්න.
7. දැන් ඔබ සාර්ථකව මෘදුකාංගය පැච් කරගෙන අවසන්...

232.98MB
පැච් ගොණුව
Search Keywords : පරිගණක සංගීත නිර්මාණය, පරිගණක සින්දු නිර්මාණ, ගීත රටා නිර්මාණය, බීට්ස් නිර්මාණය කරන මෘදුකාංග, කටහඩට නාදරටා, කොම්පියුටර් ගීත නිර්මාණය කරන මෘදුකාංග

 
      එහෙනම් මම හිතනවා මේ පෝස්ට් එක ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා... මේක ඔයාලට ප්‍රයෝජනයක් වුණා නම් කමෙන්ට් එකක් එහෙම දාලා අපගේ මෙම්බර් කෙනෙක් වෙන්න. ඔයාලගෙ ප්‍රතිචාර මත තමයි තව එක එක දේවල් ඔයාලට දෙන්න හිතෙන්නෙ. එහෙනම් ආයෙත් වැදගත් දෙයක් එක්ක හමුවෙමු...
 

පෙත්තප්පු මෘදුකාංගය ඕනද?

      කොහොමද යාළුවනේ... අද මම ඔයාලව දැනුවත් කරන්න හිතුවේ අපේ රටේ නිපදවූ තවත් වටිනා මෘදුකාංගයක් පිළිබදවයි... මේ මෘදුකාංගය නිල වශයෙන් නිකුත් වී ඇත්තේ මීට පැය කිහිපයකට පමණ පෙරයි. මුලින්ම කියන්නට ඕනා මේ මෘදුකාංගය සම්පූර්ණයෙන්ම නොමිලයේ බෙදාහරින මෘදුකාංගයක් බව... මෙම මෘදුකාංගය නිර්මාණය කළේ රුහුණු විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ තුසිත මනතුංග මහතා විසින්... ඔහුගේ තවත් නිර්මාණයක් අපි කළින් ලිපියකිනුත් දැනුවත් කරා... ඉතින් අද මම ඔයාලට දෙන මෘදුකාංගය එයාගේ නවතම නිර්මාණයයි.. ඉතින් මේ නිර්මාණය ගැන එයාගේ අදහස් තමයි මේ...

       සරළවම පවසන පරිදි "පෙත්තප්පු" යනු Unicode <--> Office සිංහල අකුරු Converter එකකි. එමගින් ඔබ ලියන ලද සිංහල Unicode ලිපියක් Office ආකාරයටත් (DL_Malithi,FM_Derana... ආදී ඕනෑම අකුරු වර්ගයකටත් ) DL_Malthi,FM_Derana ... ආදී සාමාන්‍ය සිංහල අකුරු වලින් ලියූ ලිපියක් Unicode ලිපියක් බවට හැරවීමත්, "පෙත්තප්පු" නිසා දැන් ඔබට ඉතා පහසු කටයුත්තකි. ඒ සඳහා අවශ්‍ය වන්නේ එක් mouse click එකක් පමණි.
       මේ නිසා දැන් ඔබට ඕනෑම සිංහල ලිපියක් ටයිප් කිරීමට අවශ්‍ය වන්නේ එක් වරක් පමණි. ඉන්පසු එය පෙත්තප්පු මඟින් ඔබට අවශ්‍ය ආකාරයකට convert කර ඕනෑම ස්ථානයක පළ කිරීමේ හැකියාව ඔබට ලැබී ඇත.
       මෙහි විශේෂත්වය වන්නේ යම් කිසි අයුරකින් ඔබගේ ලිපියේ ඉංග්‍රීසි අකුරු අඩංගු වුවහොත් ඒවා නිසි පරිදි detect කර එම ඉංග්‍රීසී වචන ඒ ආකාරයෙන්ම සිංහල වචන සමග මිශ්‍ර නොවි convert කර ගැනීමේ හැකියාවයි.
       මෙවැනි පහසුකමක් සහිත ලංකාවේ එකම සහ පළමු මෘදුකාංගයද මෙය වේ. මෙය නිපදවූයේ පැන්සල මෘදුකාංගය නිපදවූ Serandibsoft විසිනි. මෙය නොමිලේ ලබා දෙන මෘදුකාංගයකි.
මේ හරහා දැන් ඔබට ලැබෙන වාසි ගැන මඳක් සිතා බලන්න.
       Pen drive එකක් ගසා ටීවී එකෙන් සිංහල ෆිල්ම් බලන විට Computer එකේ දිස්වන සිංහල subtitle ටීවී එකේ දිස් නොවන බව ඔබ දැක ඇත. එසේ වන්නේ එම subtitles unicode ආකාරයෙන් ලියා තිබීම වේ. නමුත් දැන් "පෙත්තප්පු" හරහා එම සිංහල subtitles වෙනත් කැමති සිංහල ෆොන්ට් එකකට හරවාගෙන, එය හොඳ subtitle editing software එකක් මගින් සිංහල ෆොන්ට් එක subtitle එකට embeddedකරගැනීමෙන් ඔබට එය ටීවී එකේ නැරඹීමේ හැකියාව හිමි වී ඇත.
       එමෙන්ම Internet එකේ blog වල ඇති සිංහල ලිපි දැන් ඔබට ක්ෂණයෙන් වෙනත් ඕනෑම සිංහල ෆොන්ට් එකකට හරවාගෙනකැමති පරිදි අලංකාර කරගෙන PDF format එකෙන් save කිරීමටද "පෙත්තප්පු" නිසා ඔබට හැකිවී ඇත.
       Unicode ලිපි Office වලට හරවනවා වාගේම ඔබ ලියූ ඕනෑම DL_Malithi,FM_Derna ආදී අකුරු අඩංගු වූ සිංහල ලිපියක් දැන් ඉතා පහසුවෙන් Unicode ආකාරයට convert කරගෙන බ්ලොග් එකක් ලෙස Internet එකේ පළ කිරීමේ හැකියාවද ඔබට හිමි වී ඇත.
       මෙය භාවිතා කරන විට මෙහි ඇති විශේෂත්වය ඔබටම වැටහෙනු ඇත . එමනිසා දැන්ම මෙය download කරගෙන වෙනස අත්විදින්න.

"පෙත්තප්පු" උපකාරක වීඩියෝව



"පෙත්තප්පු" download කරගැනිමට පහත link එකට පිවිසෙන්න.



Search Keywords : peththappu, sinhala, software, unicode, office, type, application, download, soft, app, easy, method, blogspot.com, help, font

 
      එහෙනම් මම හිතනවා මේ පෝස්ට් එක ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා... මේක ඔයාලට ප්‍රයෝජනයක් වුණා නම් කමෙන්ට් එකක් එහෙම දාලා අපගේ මෙම්බර් කෙනෙක් වෙන්න. ඔයාලගෙ ප්‍රතිචාර මත තමයි තව එක එක දේවල් ඔයාලට දෙන්න හිතෙන්නෙ. එහෙනම් ආයෙත් වැදගත් දෙයක් එක්ක හමුවෙමු...
 

Mar 9, 2013

පහසුවෙන් වින්ඩෝස් 8 Shutdown සහ Restart කරන්නේ මෙහෙමයි..!

      කොහොමද යාළුවනේ... අද මම ඔයාලව දැනුවත් කරන්න හිතුවේ වින්ඩෝස් 8 වල ඇති ගැටලුවක් පිළිබදවයි.. ගොඩක් අය දැන් වින්ඩෝස් 8 භාවිතයට නැඹුරු වෙලා... වින්ඩෝස් 8 දාගත්තත් එහි ගොඩක් අංග වින්ඩෝස් කළින් සංස්කරණවලදී මෙන් නොවීම නිසා අපේ යාළුවන්ට ලොකු ලොකු කරදර ගොඩක් ඇති කියලා හිතනවා.. ඔව්, ඇත්තටම වින්ඩෝස් 8 අතුරු මුහුණත අනෙක් මෙහෙයුම් පද්ධතිවලට වඩා හාත්පසකින්ම වෙනස්... ඇතැම් දේවල් තනියෙන්ම හොයාගන්න බෑ.. ඉතින් ඒ විදිහට මේ නව සංස්කරණය එළිදැක්වූයේ ඇයි දැයි කියන්නට කාටත් ගැටලුවක්.. 

      ඉතින් මේ අරුම පුදුම මෙහෙයුම් පද්ධතියේ ඇති තවත් ගැටලුවක් තමයි Shutdown, Restart කරන්න පහසු ක්‍රමයක් හොයාගන්නට නැතිවීම... ඉතින් පරිගණකය ඔන් කරගත්තා වගේම ඕෆ් කරන්නත් ඕනෙනේ... ඉතින් මම අද කියලා දෙන්න යන්නේ පහසුවෙන් ඕනෑම අවස්ථාවකදී එසේ සිදුකරගන්නා ආකාරය පිළිබදවයි.. හොදයි.. එහෙනම් අද වින්ඩෝස් පාඩමට අවධානය යොමු කරමු...



  • මේ සදහා අපට කළ හැකි පහසුම දෙයක් තමයි Shortcuts නිර්මාණය කරගැනීම...ඒ සදහා මුලින්ම Shutdown නමින් ෆෝල්ඩරයක් නිර්මාණය කරගන්න. එහි ඇතුළට ගොස් Right ක්ලික් කර New > Shortcut යන්න මගින් Shortcut වින්ඩෝව ලබාගන්න.

  • Type the location of  the item තුළට shutdown.exe /s /t 00 යන්න Type කරන්න. Next කර Type a name for this shortcut තුළට Shutdown යන්න සදහන් කර Finish කරන්න. ඔබ දැන් සාර්ථකව Shutdown කිරීම සදහා shortcut එක සකසා අවසන්..

ඒ ආකාරයටම,

*. Restart සදහා shutdown.exe /r /t 00 යන්නද


*. Log Off සදහා shutdown.exe /l යන්නද


*. Sleep or Hibernate සදහා rundll32.exe powrprof.dll,SetSuspendState යන්නද


*. Lock සදහා rundll32.exe user32.dll,LockWorkStation යන්නද


*. Switch user සදහා tsdiscon.exe යන්නද ලබාදෙමින් shortcut සියල්ල නිර්මාණය කරගන්න.


  • දැන් shortcut වෙන වෙනම Right ක්ලික් කර Properties වෙත ගොස් ගැලපෙන Icon ලබාදෙන්න.


  • දැන් ඔබ සියල්ල සාර්ථකව සිදුකර අවසන්... අවශ්‍ය නම් මේ වැඩේ තවත් ලස්සන කරන්න පුලුවන් අපට.. ඒ සදහා පහත පියවරයන් අනුගමනය කරන්න.

  • Taskbar එක Right ක්ලික් කර Toolbars > New toolbar command එක ක්ලික් කරගන්න. දැන් අප කළින් නිර්මාණය කරගත් ෆෝල්ඩරය එතැනට ලබාදෙන්න. 

     හරි.. දැන් එහි වඩා අලංකාර පෙනුමක් තියෙනවා නේද... හරි.. දැන් ඔයාට පහසුවෙන්ම ඔන්, ඕෆ් කරන්න පුලුවන් නෙහ්.. එහෙනම් අදට වින්ඩෝස් පාඩම ඉවරයි.. තවත් වින්ඩෝස් 8 පිළිබද ලිපි කිහිපයක්ම ලබාදෙන්නට බලාපොරොත්තු වෙනවා..


Search Keywords : windows 8 shutdown button, how to shutdown windows 8, easy way, shutdown, restart, log off, in windows 8, Shutdown icon in windows 8, windows 8 shutdown buttons, free, blogspot.com, help, pc tricks for windows 8
      එහෙනම් මම හිතනවා මේ පෝස්ට් එක ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා... මේක ඔයාලට ප්‍රයෝජනයක් වුණා නම් කමෙන්ට් එකක් එහෙම දාලා අපගේ මෙම්බර් කෙනෙක් වෙන්න. ඔයාලගෙ ප්‍රතිචාර මත තමයි තව එක එක දේවල් ඔයාලට දෙන්න හිතෙන්නෙ. එහෙනම් ආයෙත් වැදගත් දෙයක් එක්ක හමුවෙමු...