Feb 13, 2013

Windows 8 වලටත් අපිට පුරුදු Start Menu ලබාගන්නේ මෙහෙමයි..!

      මේ දවස්වල Windows 8 ගැන තමයි ගොඩක් අය කතාකරන මාතෘකාවක් බවට පත්වෙලා තියෙන්නේ.. නවතම සංස්කරණය පිටවෙලා දිනකිහිපයක් යන්නටත් මත්තෙන් ගොඩක් අපේ අය Windows 8 වලට මාරුවෙන්න පටන් අරන්.. ඇත්තටම Windows 8 මෙහෙයුම් පද්ධතිය මෙතෙක් අපි භාවිතා කළ Windows මෙහෙයුම් පද්ධති සංස්කරණවලට වඩා වෙනස්... ප්‍රධානම දේ තමයි ස්ටාර්ට් මෙනු එක මේ මෙහෙයුම් පද්ධතියේ දකින්නට නොලැබීම..

    ඉතින් අපිට පුරුදු Start Menu එක ලබාගන්න පුලුවන් ක්‍රමයක් මට හම්බුනා.. මේක කුඩා මෘදුකාංගයක්.. මෙම මෘදුකාංගය ස්ථාපනය කිරීම පමණයි අප විසින් කළ යුත්තේ... ඔයාට කැමති විදිහේ ස්ටාර්ට් මෙනු එකක් ස්ථාපනය කරගන්න පුලුවන්... මම ඔයාලට බාගත කරගන්න දීලා තියෙන ගොණුවේ ස්ටාර්ට් මෙනු වර්ග දෙකක්ම තියනවා.. වෙනත් ස්ටාර්ට් මෙනු ලබාගන්න පුලුවන් මම පහළ දීලා තියෙන අනික් ලින්ක් එක භාවිතා කරලා.. මම පහලින් දීලා තියන වීඩියෝ එක බලන්න. මේ වීඩියෝ එක බලද්දි ඔයාට අවශ්‍ය වෙන ලින්ක් මම පහලින් දීලා තියනවා. එහෙනම් Windows 8 වලටත් අපිට පුරුදු Start Menu ලබාගන්නේ කොහොමද කියලා දැන් දන්නවානේ.. යාලුවන්ටත් මේ ගැන කියන්න. ගොඩක් අය මේ ගැන විමසීම් කරලා තිබුන නිසා තමයි මම අද මේ ලිපිය ලිව්වේ.. ප්‍රයෝජනවත් වුනු හැමෝම කැමති ආකාරයකට අපගේ සාමාජිකත්වය අරගන්න. ඒ සදහා පහත ඇති ඕනෑම ක්‍රමයක් භාවිතා කරන්න පුලුවන්.. හොදයි එහෙනම් මෘදුකාංගය බාගත කරගෙන බලන්න...
   
 


අමතර ස්ටාර්ට් මෙනු සදහා

      එහෙනම් මම හිතනවා මේ පෝස්ට් එක ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා... මේක ඔයාලට ප්‍රයෝජනයක් වුණා නම් කමෙන්ට් එකක් එහෙම දාලා අපගේ මෙම්බර් කෙනෙක් වෙන්න. ඔයාලගෙ ප්‍රතිචාර මත තමයි තව එක එක දේවල් ඔයාලට දෙන්න හිතෙන්නෙ. එහෙනම් ආයෙත් වැදගත් දෙයක් එක්ක හමුවෙමු...

 



0 ක් ප්‍රතිචාර ලැබී ඇත.:

Post a Comment

ලිපිය සම්බන්ධයෙන් ඇති ඔබේ අදහස්, ගැටලු ආදිය විමසීමට මෙය භාවිතා කරන්න. අනවශ්‍ය ලෙස Backlinks යෙදූ ප්‍රතිචාර ඉවත් කෙරෙනු ලැබේ..