Feb 6, 2013

Tera Copy මගින් වේගයෙන් ෆයිල් කොපි කරමු..!


      ෆයිල් කොපි කරන එක අපි හැමෝටම වැදගත් වෙන දෙයක්.. ඉතින් අපිට සුළු කාලයක් තුළ විශාල ගොණුවක් ඉක්මනින් කොපි කරන්න පුලුවන් නම් කොච්චර හොදද කියලා හිතිලා ඇති ඔයාලටත්. ඉතින් ඒකටම නිෂ්පාදනය කළ හොද මෘදුකාංගයක් හම්බුනා. මේක දැන් ගොඩක් අය දන්න දෙයක්.. නොදන්න අයටත් එක්ක ඒ ගැන කතාකරන්න හිතුවා.. සමහර අය දැනටත් මේක පාවිච්චි කරනවත් ඇති. මෙහි ක්‍රියාකාරීත්වය ඉතා සරළයි. මෘදුකාංගය ස්ථාපනය කිරීම පමණයි අපි විසින් සිදුකළ යුත්තේ.. මේක අපි කෙලින්ම රන් කරන්න ඕනේ මෘදුකාංගයක් නෙමෙයි. අපි මොනවා හරි කොපි කරන්න උත්සහ කරද්දි මේ මෘදුකාංගය ඉබේ ක්‍රියාත්මක වෙලා අපේ කොපි කරන වේගය වැඩි කරල දෙනවා. ඊට අමතරව පහත දේවලුත් මේකෙන් කරගැනීමේ හැකියාව පවතිනවා...

  • Copy file - වේගවත්ව කොපි කරගැනීමේ හැකියාව
  • Pause and Resume File Transfer Activities - අවශයය වේලාවට කොපි කරන එක නැවැත්වීමටත් අයෙමත් පටන් ගැනීමට සැනසීමටත් ඇති හැකියාව.
  • Error recovery - කොපි වෙනකොට ඇතිවන වැරදි නිවැරදි කිරීම මෘදුකාංගය විසින්ම සිදු කරගන්නවා.
  • Interactive file list - කොපි වෙන ෆයිල් කොටස් වශයෙන් ලිස්ට් එකක් විදියට පෙන්වීම.
  • Full Unicode Support යුනිකේත සහයෝගය දැක්වීම.
  • windows 32bit, 64bit Support වින්ඩෝස් සියලුම version වලට සහයෝගය දැක්වීම.

      ඉතින් මේ මෘදුකාංගයේ වටිනාකම පිළිබද යම් වටිනාකමක් ඇතිබව ඔබට වැටහෙන්නට ඇති.. ඉතින් මෙම මෘදුකාංගය ලබාගැනීමට පහත ලින්ක් එක භාවිතා කරන්න. මෘදුකාංගය පිළිබද අදහස් මෙහි දක්වන්න.




 
      එහෙනම් මම හිතනවා මේ පෝස්ට් එක ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා... මේක ඔයාලට ප්‍රයෝජනයක් වුණා නම් කමෙන්ට් එකක් එහෙම දාලා අපගේ මෙම්බර් කෙනෙක් වෙන්න. ඔයාලගෙ ප්‍රතිචාර මත තමයි තව එක එක දේවල් ඔයාලට දෙන්න හිතෙන්නෙ. එහෙනම් ආයෙත් වැදගත් දෙයක් එක්ක හමුවෙමු...

 



0 ක් ප්‍රතිචාර ලැබී ඇත.:

Post a Comment

ලිපිය සම්බන්ධයෙන් ඇති ඔබේ අදහස්, ගැටලු ආදිය විමසීමට මෙය භාවිතා කරන්න. අනවශ්‍ය ලෙස Backlinks යෙදූ ප්‍රතිචාර ඉවත් කෙරෙනු ලැබේ..