Feb 19, 2013

වදයක් නැතිව Softwareවල Keys ගන්න ඕනද? මෙන්න මෘදුකාංගය..!

  කොහොමද අපේ යාළුවන්ට.. අදත් මුලින්ම වටින මෘදුකාංගයක් තමයි දෙන්න හිතුවේ. මේක ගොඩක් අපේ රටේ අයට තමයි අවශ්‍ය වෙන්නේ.. ඉතින් අද මම දෙන මෘදුකාංගයේ නම තමයි Universal KeyGen Generator. අපි හැමොම වගේ මිල අධික මෘදුකාංග මුදලට ගන්නෙ නැහැනේ.. ඉතින් අපි භවිතා කරන මෘදුකාංගවල යතුරු හොයන එක එතරම් පහසු කාර්යයක් නෙමෙයි නේ.. ඉතින් අද මම දෙන මේ මෘදුකාංගය නිසා දැන් ඉදන් ඔයාට වදයක් වෙන්න දෙයක් නැහැ... මේක ඇත්තටම Key Generator මෘදුකාංගයක්.. මේ මෘදුකාංගයේ යතුරු රාශියක් ඇතුළත් කරලයි නිර්මාණය කරලා තියෙන්නේ.. හොදයි. එහෙනම් අපි බලමු මෙම මෘදුකාංගය කොහොමද භාවිතාකරන්නේ කියලා.. 


      මුලින්ම පහළ ලින්ක් එකෙන් මෘදුකාංගය බාගත කරගන්න. Zip ගොණුව unzip කරගැනීම සිදුකරන්න. එහි ඇති Universal KeyGen Generator එක විවෘත කරගන්න. දැන් ඔබ යතුරක් සෙවීමට අවශ්‍ය මෘදුකාංගයේ නම ලබා දී මෘදුකාංගය තොරගෙන Generator බට්න් එක ක්ලික් කරන්න. එවිට අපට අවශ්‍ය මෘදුකාංගයේ යතුර අපට මෙම මෘදුකාංගය ලබාදෙනවා.. ඉතින් දැන් ඔයාලට පහසුවෙන්ම තමන්ට අවශ්‍ය යතුරු සෙවීම කළ හැකියි. කෙසේ වෙතත් මෙම මෘදුකාංගය විවෘත කිරීමේදී Microsoft .NET Framework ඔබගේ පරිගණකයේ ස්ථාපිත කර නොමැතිනම් දෝශ පණිවිඩයක් ලැබේ. එවිට මෙතන ක්ලික් කර Microsoft .NET Framework එක ලබාගන්න.

219.34 KB

Search keywords: Universal KeyGen Generator, License, Keys, Serial, Numbers, Crack, Software Keys,
මෘදුකාංග, යතුරු, සීරියල්  
      එහෙනම් මම හිතනවා මේ පෝස්ට් එක ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා... මේක ඔයාලට ප්‍රයෝජනයක් වුණා නම් කමෙන්ට් එකක් එහෙම දාලා අපගේ මෙම්බර් කෙනෙක් වෙන්න. ඔයාලගෙ ප්‍රතිචාර මත තමයි තව එක එක දේවල් ඔයාලට දෙන්න හිතෙන්නෙ. එහෙනම් ආයෙත් වැදගත් දෙයක් එක්ක හමුවෙමු...
 


0 ක් ප්‍රතිචාර ලැබී ඇත.:

Post a Comment

ලිපිය සම්බන්ධයෙන් ඇති ඔබේ අදහස්, ගැටලු ආදිය විමසීමට මෙය භාවිතා කරන්න. අනවශ්‍ය ලෙස Backlinks යෙදූ ප්‍රතිචාර ඉවත් කෙරෙනු ලැබේ..