Feb 8, 2013

Samsung Galaxy Y දුරකථනය flash කරගන්නේ මෙහෙමයි!

      ඔන්න යාලුවේ මම අද ඔයාලට කියලා දෙන්න යන්ේ ඔයාSamsung Galaxy Y දුරකථනය flash කරගන්නේ කොහොමද කියලයි... මොකක්ද මේ flash කරගන්නවා කියන්නේ කියලා ඇතෙමෙකුට හිතෙන්න පුලුවන්... ඒකට දෙන්න පුලුවන් සරළම පිළිතුර තමයි දුරකථනය අලුතින් ගන්නකොට තිබුනු විදිහටම නැවත දුරකථනය සකසා ගැනීම කියන එක. ඉතින් ඇත්තටම ඇයි මේක අපිට වැදගත් වෙන්නේ..? ඔබ දැනටමත් ඔබගේ Galaxy Y දුරකථනයට Custom ROMs ස්ථාපනය කරගෙන ඉන්න කෙනෙක් වෙන්න පුලුවන්... ඉතින් කාලයක් යනකොට සාමාන්‍යයෙන් ආයේ මුලින් තිබුනු තත්ත්වයටම දුරකථනය පත් කර ගැනීමට අතැම් පුද්ගලයෙකුට වුවමනා වෙන්න පුලුවන්... ඉතින් එහෙම වුවමනාවක් මටත් ඇතිවුන නිසා තවද Samsung Galaxy Y දුරකථනයක හිමිකරුවෙකු වූ ඔබටත් එය වැදගත් වන නිසා අද මම මේ පිළිබදව ලිපියක් පළකරන්නට හිතුවේ... හොදයි දැන් අපි මේ සදහා සූදානම් වෙමු.

      ටිකක් වැදගත් කාර්යයක් නිසා මේ සදහා මම වීඩියෝවක් එක්කළේ... මේක බලාගෙන කාර්යය සාර්ථකව සිදුකරගන්න මටත් පුලුවන් වුණා... මෙම කාර්යය සිදුකරගැනීමට ප්‍රධාන වශයෙන් මෘදුකාංග දෙකක් අවශ්‍ය වෙනවා... එකක් තමයි Odin මෘදුකාංගය... අනෙක් මෘදුකාංගය අවශ්‍ය වන්නේ ඔබේ දුරකථනය පරිගණකය හා සම්බන්ධ කිරීමටයි. ඒ සදහා USB Driver මෘදුකාංගයක් මට ඵාවිතා කරන්නට සිදුවුණා. නමුත් මෙම වීඩියෝවේ එවැන්නක් පිළිබද සදහන් කරලා නම් නෑ... කෙසේ නමුත් මේ සදහා මම යොදාගත්තේ Kies මෘදුකාංගය නම් නොවේ.. පහත දී ඇති බාගත ලිනක් වලින් අදාළ මෘදුකාංග මුලින්ම බාගත කරගන්න. මේ සදහා 123MB පමණ දත්ත ප්‍රමාණයක් විතරයි වැය වෙන්නේ.. Kies මෘදුකාංගය මේ සදහා යොදාගත්තා නම් තවත් වැඩිපුර 100MB පමණ වැයවීමට ඉඩ තිබුණා. හොදයි එහෙනම් අවශ්‍ය සියල්ල මා මෙහිදී සපයා තිබෙනවා.. අදාළ වීඩියෝවට අනුව මේ කාර්යය සාර්ථකව දැන් ඔයාලටත් සිදුකරගන්න පුලුවන් වේවි.. මේක Samsung Galaxy Y දුරකථනය භාවිතාකරන සෑම ශ්‍රී ලාංකිකයෙකුටම වැදගත් ලිපියක් කියලා මම හිතනවා.. එසේ නම් ඔබේ මේ කාරයය සාර්ථකව සිදුකරගත හැකි වේවායි මම ප්‍රාර්ථනා කරනවා...
 


අවශ්‍ය වන මෘදුකාංග : 
     Odin මෘදුකාංගය



    USB Driver මෘදුකාංගය


          එහෙනම් මම හිතනවා මේ පෝස්ට් එක ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා... මේක ඔයාලට ප්‍රයෝජනයක් වුණා නම් කමෙන්ට් එකක් එහෙම දාලා අපගේ මෙම්බර් කෙනෙක් වෙන්න. ඔයාලගෙ ප්‍රතිචාර මත තමයි තව එක එක දේවල් ඔයාලට දෙන්න හිතෙන්නෙ. එහෙනම් ආයෙත් වැදගත් දෙයක් එක්ක හමුවෙමු...

     



    0 ක් ප්‍රතිචාර ලැබී ඇත.:

    Post a Comment

    ලිපිය සම්බන්ධයෙන් ඇති ඔබේ අදහස්, ගැටලු ආදිය විමසීමට මෙය භාවිතා කරන්න. අනවශ්‍ය ලෙස Backlinks යෙදූ ප්‍රතිචාර ඉවත් කෙරෙනු ලැබේ..