Feb 21, 2013

ඔයාගේ ඇන්ඩ්‍රොයිඩ් දුරකථනය Root කරගන්නේ මෙහෙමයි..!

    ඇන්ඩ්‍රොයිඩ් ගැන අපි නිතරම කතාකරනවා.. ඇන්ඩ්‍රොයිඩ් කියන්නේ අද කාලයේ ජනප්‍රියතම මෙහෙයුම් පද්ධතියක්... ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය කෙතරම් වටිනා මෙහෙයුම් පද්ධතියක්ද යන වග හරි හැටි දන්නේ ඇන්ඩ්‍රොයිඩ් දුරකථන හිමිකරුවන්ය. ඇන්ඩ්‍රොයිඩ් දුරකථනයකින් පරිගණයක් භාවිතා කර සිදුකරන වැඩ රාශියක්ම කරගැනීමේ හැකියාව තියෙනවා... ඇත්තටම පරිගණක සදහා නිර්මාණය කළ ඇතැම් මෘදුකාංග ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය සදහාද වෙනම නිර්මාණය කර තිබෙනවා.. ඉතින් දැන් මම කියන්න යන්නේ ඇන්ඩ්‍රොයිඩ් දුරකථනයකින් මෙතෙක් සිදුකරගත් දේවල්වලට වඩා වැඩිපුර දෙයක් කරගන්න පුලුවන් දෙයක් ගැනයි, 100වන ලිපිය වෙනුවෙන් මම තොරාගත්තේ ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතියක් රූට් කරගන්නා අන්දම පිළිබදවයි.


      මොකක්ද මේ රූට් කරනවා කියලා කියන්නේ..? ඔව් එය ඇත්තෙන්ම ලිපිය කියවන ඔබට ඇතිවන ගැටලුවක්.. මෙය පැහැදිළි කිරීමට වඩාත් සුදුසු නිදසුන ඔබගේ පරිගණකයයි. පරිගණකයක් තුළ අපි එකිනෙකට වෙනස් පරිගණක භාවිතාකරන්නන් සදහා ගිණුම් නිර්මාණය කරලා තියෙනවා.. උදාහරණයක් විදිහට ආගන්තුක පුද්ගලයින් සදහා වෙනම ගිණුමක්, සහෝදර සහෝදරියන් සදහා වෙනත් ගිණුම්, ඔබ භාවිතා කරන්නේ Administratorගිණුමයි. ඉතින් ඇයි ඔබ Administrator ගිණුම තෝරාගන්නේ.. යම් වැටහීමක් එන්නට ඇති.. ඔව්.. ඔබ තෝරාගත්තේ බලතල වැඩිම ගිණුමයි. ඔබට පුලුවන් කම තියෙනවා අනිත් ගිණුම්වලට බලපෑම් එල්ල කිරීමට.. ඉතින් ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය තුළත් අපට වැඩි බලතල ලබාගැනීම සදහා අප විසින් සිදුකරන කාර්යයක් තමයි රූට් කරනවා කියලා කියන්නේ.. ඉතින් අපි අපේ ඇන්ඩ්‍රොයිඩ් දුරකතනය රූට් කිරීමෙන් පසුව අපට බලතල වැඩියෙන් ලැබෙනවා..


       ඉතින් අපි දැන් බලමු සදහා භාවිතාකරන මෘදුකාංග අතුරින් SuperOneClick යන මෘදුකාංගය භාවිතා කර ඇන්ඩ්‍රොයිඩ් දුරකථනයක් රූට් කරන්නේ කොහොමද කියලා... මුලින්ම කිව යුත්තක් තියෙනවා.. ඒ තමයි මෙම ක්‍රියාවලිය සිදුකිරීමට ප්‍රථම ඔයාට අවශ්‍ය සියල්ලක්ම Backup කර ගැනීමක් සිදුකළ යුතු බව.. ඒ සදහා Super Backup වැනි මෘදුකාංගයක් දුරකථනයට ස්ථාපනය කර සිදුකරගත හැකියි. හොදයි දැන් පහත දැක්වෙන පියවරයන් නිවැරදිව අනුගමනය කිරීම කළ යුතුයි...

1. Super One Click පහත ලින්ක් එකෙන් බාගන්න.

2. ඔයාලගේ ජංගම දුරකතනයේ මෙමරිකාඩ් එක ඉවත්කරන්න.

3. දුරකථනයේ Settings > Applications > Development වෙත ගොස් USB Debugging යන්න ටික් කරගන්න. දැන් ඔයාගේ දුරකථනය දැන් USB කේබලය හරහා පරිගනකයට ප්ලග් කරගන්න. 




4. දැන් ඔබ බාගතරගත් මෘදුකාංගය විවෘත කරගන්න. දැන් පහත රූපයේ දිස්වන පරිදි Root යන්න ක්ලික් කරන්න...


5. දැන් මෙම කාරයය ඔබ මෘදුකාංගයට බාර දී අවසන්.. මෘදුකාංගය අදාළ ක්‍රියාවන් සිදුකර අවසානයේ Success යන පණිවිඩය ලබාදෙන තුරු මදක් ඉවසන්න. 




6. මෙම ක්‍රියාවලිය අවසන් වූ වහාම ඔයාගේ දුරකථනය reboot  වීමක් සිදුවෙනවා.. අවසානයේදී දුරකථනයේ ඇප්ලිකේෂන්ස් ගොඩට Superuserයනුවෙන් ඇප් එකක් එකතු වේවි. එමගින් ඔබගේ දුරකථනය රූට්කළ එකක් බව පහසුවෙන්ම හදුනාගත හැකියි..





      දැන් ඉදන් විශේෂ යම් මෘදුකාංගයක් දුරකථනයට ස්ථාපනය කරන සෑම අවස්ථාවකදීම Superuser මෘදුකාංගයේ අවසර පතයි. ඒ අවස්ථාවන් හීදී Allow කිරීම සිදුකරන්න. 


  


      සියල්ල සිදුකර අවසන්... දැන් ඉදලා ඔයා ස්ථාපනය කරන සෑම මෘදුකාංගයක් මගින්ම මෙහෙයුම් පද්ධතියෙන් උපරිම ප්‍රයෝජනයක් ගැනීමට පුලුවන් වේවි. ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතියක් රූට් කිරීමෙන් පසු ලැබෙන වාසි රාශියක්ම තියෙනවා. නමුත් මෙහිදී මම ඒවා පැහැදිළි කිරීමට බලාපොරොත්තු වන්නේ නැහැ.. කෙසේ නමුත් වැඩිදෙනාගේ ඉල්ලීම නිසා කළින් පලකළ Samsung Galaxy Y දුරකථනය රූට්කරගන්නා අන්දමට අමතරව ඕනෑම දුරකථනයක් රූට් කරගන්නා අන්දම පැහැදිළි කර දිය යුතුයි කියාලා සිතුවා.. ඉතින් මෙම ලිපිය ඔයාලට ගොඩක් ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලයි මම හිතන්නේ... 
  
Search keywords:  How, to, Root, Android, phone, Easy, software, method, blogspot, help, Super one click, free, download, Smart Phone
      එහෙනම් මම හිතනවා මේ පෝස්ට් එක ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා... මේක ඔයාලට ප්‍රයෝජනයක් වුණා නම් කමෙන්ට් එකක් එහෙම දාලා අපගේ මෙම්බර් කෙනෙක් වෙන්න. ඔයාලගෙ ප්‍රතිචාර මත තමයි තව එක එක දේවල් ඔයාලට දෙන්න හිතෙන්නෙ. එහෙනම් ආයෙත් වැදගත් දෙයක් එක්ක හමුවෙමු...
 


10 comments:

  1. ගොඩක් වටින කියන ලිපියක්. ඒත් මේ 3rd party මෘදුකාංග දුරකතනය මත හො සමග වැඩ කිරීම අනතුරුදායක නැද්ද‍‍‍.

    ReplyDelete
    Replies
    1. වෙනත් විසදුමක් නැහැ.. ඒත් වගකීම තමා දරන්න බලාගෙන කරන්න වෙනවා. වෙනත් සේවා ස්ථානයකදී වුවත් ඔවුන් භාවිතා කරන්නේ ද මෙවැනිම මෘදුකාංගයි.

      Delete
  2. Bro rooth karahama battry eke ikmnta bahinwda.......

    ReplyDelete
    Replies
    1. Ehema ekak nam ne bro, but one nethi apps walata run wenna denna epa. Ewata ikmanata battery low wenawa...

      Delete
  3. Bro mage thiyenne galaxy y ekak ..eke Os eka update karanne khmda....Os eke update karoth leda aida?

    ReplyDelete
    Replies
    1. Aluth karanawanam original premium os ekak ganna.. free dena ewa daganna epa samahara options weda wenne nee..

      Delete
  4. niyama post eka ayye.
    ayye samsung google nexus s ekata jelly bean support karanawada?

    ReplyDelete
    Replies
    1. Bohoma Sthuthy desman... (:
      Ow.. Puluwan... (:

      Delete
  5. Root wenna loku welawak gannawada,....?

    ReplyDelete
    Replies
    1. Vinadi 15 kata adu kalayakin karaganna puluwan :c

      Delete

ලිපිය සම්බන්ධයෙන් ඇති ඔබේ අදහස්, ගැටලු ආදිය විමසීමට මෙය භාවිතා කරන්න. අනවශ්‍ය ලෙස Backlinks යෙදූ ප්‍රතිචාර ඉවත් කෙරෙනු ලැබේ..