Feb 16, 2013

FACEBOOK POP UP LIKE BOX එක ඔයාගේ බ්ලොග් එකටත්.!


      කොහොමද අපේ සාමාජික මිතුරු මිතුරියන්ට.. අද මම ඔයාලට දෙන්න අරන් ආවා මුහුණු පොතේ ලයික් බොක්ස් පොප් අප් විජට් එකක්. මෙම විජට්ටුව ඔබේ අඩවියට පැමිණෙන ආගන්තුකයෙක්ම සෑම විට jQuery window එකක් සමග Facebook likebox එක දර්ශනය කරවනවා. මම අද දෙන විජට්ටුව බ්ලොගර් බ්ලොග් අඩවිවලට මෙන්ම වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවි සදහාත් ක්‍රියාකරනවා. එමෙන්ම ඔබගේ වෙබ් අඩවියට පවා මෙය කිසිදු ගැටලුවකින් තොරව ක්‍රියාකරනවා. මෙම ව්ජට් එක ඔබගේ Facebook Fans ලා වැඩිකරගන්න බොහෝ වැදගත් වේවි.




      මෙම පොප් අප් විජට්ටුව ඔබේ අඩවියට පැමිණෙන සෑම නව ආගන්තුකයෙකුටම වරක් දර්ශනය වෙනවා. ආගන්තුකයාගේ IP ලිපිනය බ්‍රව්සරය තුළ තැන්පත් කරගන්නවා cookie එකක් ලෙස සහ නැවත පිටුවක් ලෝඩ් කරද්දී විජට්ටුව නැවත දර්ශනය කිරීමක් සිදුකරන්නේ නැහැ. මොකද එමගින් පාඨක ආගන්තුකයාට එය මහත් වදයක් වන නිසා. අනෙක් කාරණාව නම් සෑම පිටුවක් සදහාම එය නැතහොත් දර්ශනය වීමට ඉඩ තිබීමයි.


     මෙම විජට්ටුව සාමාන්‍යයෙන් ඔබගේ ප්‍රධාන පිටුව සහ අනු ප්‍රධාන පිටුවලදී ආගන්තුකයාට දර්ශනය කෙරෙනවා. මම cookie refresh time එක දින 30ක් ලෙස සකසා තිබෙනවා. එහි තේරුම එකම ආගන්තුකයාට මෙම විජට්ටුව නැවත දින 30කට පසු දර්ශනය වෙනවා. අපට එසේ පෙන්විය යුතු කාල පරාසය පහසුවෙන් සැකසීමට පුලුවන්.. මෙහි පමත සදහන් ලක්ෂණ අඩංගු වෙනවා..



ලක්ෂණ :

1. කිසිම බ්‍රව්සරයකට මෙම පොප් අප් එක බ්ලොක් කළ නොහැක.

2. LightBox ඉෆෙක්ට් එක සමග පොප් අප් වීම.

3. Close බට්න් එකක්ද ඇතුළත් කර තිබීම.

4. ඉක්මණින් Load වීම සද පහසුවෙන් ස්ථාපනය කළ හැකි වීම.

5. සරළ සහ Stylish ස්වභාවය.


      හොදයි අප දැන් මෙය ඕනෑම අඩවියකට එකතුකරගන්නා අන්දම බලමු. පහත පියවර ඒ සදහා අනුගමනය කරන්න. 



බ්ලොගර් සදහා මෙය ලබාගන්නේ කොහොමද?


1. www.blogger.com වෙත යන්න.

2. බ්ලොග් එක ඕපන් කරගන්න.

3. Layout වෙත යන්න.

4. "Add A Gadget" ක්ලික් එක ලැබෙන වින්ඩෝවෙන් "HTML-JAVASCRIPT" යන්න තෝරාගන්න.

5. දැන් පහත දී ඇති කෝඩ් එක කොපිකරගෙන එ‍හි පේස්ට් කරගන්න. Title එක හිස්ව තබන්න.
   නැතොත් මෙම ලින්ක්කෙන් ොඩ් එක ලබාගන්න.

6. දැන් Save කරගන්න. දැන් එය ඔබගේ බ්ලොගයට එක් කර අවසන්.



ඔබගේ වෙබ් අඩවිය සදහා මෙය ලබාගන්නේ කොහොමද?


1. ඔබගේ HTML File වෙත යන්න.

2. පහත දී ඇති කොඩ් එක <body> </body> යන ටැග් දෙක අතරට පේස්ට් කරගන්න.

3. දැන් එය Save කරගන්න. දැන් එය ඔබගේ වෙබ් අඩවියට එක් කර අවසන්.



වෙනස් කරගත යුතු ස්ථාන : 

1. Facebook Username එක සදහා sandriesoft යන්නට ඔබගේ Username එක ලබාදෙන්න. 

2. ඔබට මෙම විජට්ටුව සෑම Reload කිරීමකදීම ආගන්තුකයාට පෙන්වීමට අවශ්‍ය නම්, true යන්න false කරගන්න. 

3 මෙම විජට්ටුව සෑම දින 30කටම වතාවක් එකම ආගන්තුකයාට පෙන්වීම සිදුකරයි ඔහු Browser Cookies Clear කර. ඔබට අවශ්‍ය නම් ම කාල පරතරය වෙනස් කිරීමට *30 යන්න වෙනස් කරගන්න. 

      එහෙනම් මම හිතනවා මේ පෝස්ට් එක ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා... මේක ඔයාලට ප්‍රයෝජනයක් වුණා නම් කමෙන්ට් එකක් එහෙම දාලා අපගේ මෙම්බර් කෙනෙක් වෙන්න. ඔයාලගෙ ප්‍රතිචාර මත තමයි තව එක එක දේවල් ඔයාලට දෙන්න හිතෙන්නෙ. එහෙනම් ආයෙත් වැදගත් දෙයක් එක්ක හමුවෙමු...
 



0 ක් ප්‍රතිචාර ලැබී ඇත.:

Post a Comment

ලිපිය සම්බන්ධයෙන් ඇති ඔබේ අදහස්, ගැටලු ආදිය විමසීමට මෙය භාවිතා කරන්න. අනවශ්‍ය ලෙස Backlinks යෙදූ ප්‍රතිචාර ඉවත් කෙරෙනු ලැබේ..