Feb 5, 2013

Facebook යහළුවන්ගේ Birthday එකට Automatically Wish කරමුද?

       සුබ දවසක් යාළුවනේ, ගොඩ කාලයකින් තමයි මට බ්ලොග් එක පැත්තට එන්න පුලුවන් වුණේ.. තදබල අසනීප තත්ත්වයකින් පෙළුනු  නිසා තමයි මට මේ පැත්තට එන්න බැරිවුනේ... ඒ පිළිබදව මාගේ කණගාටුව ප්‍රකාශ කරනවා... ඉතින් තවමත් හරිහැටි සුවයකින් නොවන නිසා පොඩි ලිපියක් තමයි ලියන්න වුණේ.. ආහ්.. තව දෙයක්.. ගොඩකාලයකින් මෘදුකාංගයක් නිර්මාණය කරන්නටත් බැරිවුණා... අලුතින් අදහසක් ආවේම නෑ.. ඉතින් ඔයාලට මොනවා හරි අදහස් තියනවා නම් මේ ලිපිනයට එවන්න. ඔබේ අදහස අනිවාර්යෙන්ම අගය කිරීමකට ලක්වන නිසා ඒ පිළිබදව මැළිවන්නට එපා.. හොදයි එහෙනම් මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ මුහුණු පොතට සම්බන්ධ දෙයක්.. මේක Facebook යාළුවන්ට ගොඩක් වැදගත් වෙයි කියලා හිතෙනවා.. ඒ තමයි යාළුවන්ගේ උපන්දිනේට ස්ව්‍යංක්‍රීයව සුබපැතීම.  මට නම් ඇත්තෙන්ම මේක ගොඩක් වැදගත් වුණා, මොකද යාළුවො ගොඩක් ඉන්න නිසා... Facebook එකේ ඉන්න යාළුවන්ට එයාගේ උපන්දිනේට සුබ පතන්න ඕනමනේ... හදිස්සියකදිවත් යාළුවෝ දෙතුන් දෙනෙක්ට සුභපතලා එක්කෙනෙක් හරි මිස් වුණොත් ඒ යාළුවා අනිවාර්යෙන්ම තරහ වෙනවා.. ඉතින් එහෙම නොවන්නට වැඩකටයුතු මේ මම අද දෙන  Extension එක මගින් සුදුකරගන්න පුලුවන්..  එහෙත් මෙය භාවිතා කරන්න පුළුවන් Google Chrome Browser එක පාවිච්චි කරන අයට විතරයි. මං හිතන්නේ ගොඩක් දෙනෙක් Google Chrome පාවිච්චි කරන නිසා ගැටලුවක් ඇති නොවෙයි.. ඉතින් ඔයාලට තියෙන්නෙ Google Chrome එකට පොඩි Extension එකක් දාගන්න එක විතරයි.. පලමුවෙන්ම පහළ තියෙන Extension එක Browser එකට Install කරගන්න.


      ඉහත පිංතූරය ක්ලික් කරලා Extension එක Browser එකට Add කරගන්න.. මේ Extension එක ක්‍රියාත්මක වෙන්න ටිකක් වෙලා යනවා... දැන් ඔබට Google Chrome එකෙහි අලුත් Extension එක දකින්න පුළුවන්, විනාඩි දෙක තුනකින් ඔබට අවශ්‍ය විදිහට සුභ පැතුම් හදාගන්න පුළුවන්... විනාඩි කිහිපයකට පසු එක Extension එක Right Click කරන්න.. ලැබෙන Menu එකෙන් Option යන්න... පහත ආකාරයේ New Tab එකකින් Extension එකේ Setting හදන්න පුළුවන්..

      මෙහි තිබෙන Wishes list එක අපිට කැමති විදිහට හදාගන්න පුළුවන්.. ඉතින් ඔබ මෙහි තිබෙන Wishes වලට කැමති නැතිනම් ඒවා Delete කරලා හරි තියෙද්දින්ම හරි අලුත් ඒවා එකතු කරගන්න පුළුවන්... ඒ වගේම Modify කරගන්න පුළුවන්.. අලුතින් එකතු කරන ඒවා සිංහලෙන් වූවත් එකතු කිරීමේ හැකියාව තියනවා.. 

      ඔබට කැමති විදිහට Add a Element බට්න් එක ක්ලික් කරලා අවශ්‍ය සුභ පැතුම එකතු කරන්න.. Ok කරන්න.. ඒ වගේම මේ සුභ පැතුම යවන්න අවශ්‍ය දින කාල සීමාව සකස් කරන්න පුළුවන්.. Wish happy birthday to birthdays within the last ## days මෙතනින් අවශ්‍ය විදිහට සකස් කර ගන්න... පහළ තියෙන, Save Setting බට්න් එක ක්ලික් කරලා වෙනස් කිරීමේ Save කරන්න.. දැන් සියල්ල සිදුකර අවසන්..
 
      එහෙනම් මම හිතනවා මේ පෝස්ට් එක ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා... මේක ඔයාලට ප්‍රයෝජනයක් වුණා නම් කමෙන්ට් එකක් එහෙම දාලා අපගේ මෙම්බර් කෙනෙක් වෙන්න. ඔයාලගෙ ප්‍රතිචාර මත තමයි තව එක එක දේවල් ඔයාලට දෙන්න හිතෙන්නෙ. එහෙනම් ආයෙත් වැදගත් දෙයක් එක්ක හමුවෙමු...

 



0 ක් ප්‍රතිචාර ලැබී ඇත.:

Post a Comment

ලිපිය සම්බන්ධයෙන් ඇති ඔබේ අදහස්, ගැටලු ආදිය විමසීමට මෙය භාවිතා කරන්න. අනවශ්‍ය ලෙස Backlinks යෙදූ ප්‍රතිචාර ඉවත් කෙරෙනු ලැබේ..