Feb 23, 2013

කරදරයක් නැතිව පරිගණක ක්‍රීඩාකරන්න මෙන්න මෘදුකාංගය..!

      කොහොමද යාළුවනේ.. ඔන්න අද මම ඔයාලට තවත් වැදගත් වෙන මෘදුකාංගයක් අරන් ආවා.. ඇත්තටම අද දෙන මේ මෘදුකාංගය ගොඩක් වැදගත්වෙන්නේ පරිගණක ක්‍රීඩාවල නිරතවන අයටයි. දන්න තරමින් දැන් ගැහැණු ළමයෙක්වත් පරිගණක ක්‍රීඩාවන් නොකර ඉන්නේ නැහැ.. Action Gamesවලට දැන් ගැහැණු ළමයිනුත් ගොඩක් කැමතියි. ඒවාගේම අලුතින් එන සෑම පරිගණක ක්‍රීඩාවක් පිළිබදවත් ඔවුන් අවදියෙන් තමා ඉන්නේ.. ඉතින් ඒක නිසා අද දෙන මේ මෘදුකාංගය කාටත් ප්‍රයෝජනවත් වේවි කියලයි මගේ හැගීම. ඉතින් අද මම දෙන්නේ Game Booster මෘදුකාංගය. නමේ තේරුමෙන්ම දළ අදහසක් ඔලුවට එන්න ඇති කියලා හිතෙනවා.. ඔව්, මේක මගින් අපට පරිගණක ක්‍රීඩාවක් කරදරයක් නැතිව ප්ලේ කිරීමට අවශ්‍ය පසුබිම සකස්කරලා දෙනවා.. වේගයන් පිළිබදව ගැටලු ඇතිකරන මෘදුකාංග, වැඩසටහන් ආදිය තාවකාලිකව නවත්වා ඔබගේ පරිගණක ක්‍රීඩාවට වැඩි අවධානයක් යොමු කරලීම මෙම මෘදුකාංගය මගින් සිදුකරනවා..


      
       ඉතින් මේ මෘදුකාංගයෙන් ඔබගේ පරිගණකයේ ඔබ නොදැනුවත්ව ක්‍රියාකරන මෘදුකාංගවලට Ram එකෙන් වෙන්කරන ඉඩ ප්‍රමාණය අඩුකරමින් ඔයාගේ පරිගණක ක්‍රීඩාව කරදරයක් නැතිව ක්‍රියාකරවන්න උදව්වේවි. එහෙනම් පහළ ලිනක් එක භාවිතාකරලා මෘදුකාංගය බාගතකරගන්න.


 
Search keywords:  Game booster, method, blogspot, free, download, software, Increase Ram, Computer games, pc games, play


      එහෙනම් මම හිතනවා මේ පෝස්ට් එක ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා... මේක ඔයාලට ප්‍රයෝජනයක් වුණා නම් කමෙන්ට් එකක් එහෙම දාලා අපගේ මෙම්බර් කෙනෙක් වෙන්න. ඔයාලගෙ ප්‍රතිචාර මත තමයි තව එක එක දේවල් ඔයාලට දෙන්න හිතෙන්නෙ. එහෙනම් ආයෙත් වැදගත් දෙයක් එක්ක හමුවෙමු...
 

0 ක් ප්‍රතිචාර ලැබී ඇත.:

Post a Comment

ලිපිය සම්බන්ධයෙන් ඇති ඔබේ අදහස්, ගැටලු ආදිය විමසීමට මෙය භාවිතා කරන්න. අනවශ්‍ය ලෙස Backlinks යෙදූ ප්‍රතිචාර ඉවත් කෙරෙනු ලැබේ..