Feb 15, 2013

Ads වදයක් වෙලාද? එහෙනම් බ්ලොක් කරමු..!

      අද වන විට අන්තර්ජාලයේ ඇති වෙබ් අඩවිවලින් Ads නැති වෙබ් අඩවියක් සෙවීම ඇත්තටම අපහසුයි. Image Ads, Text Ads, Top Header Ads, Sidebar Ads වශයෙන් දැන් එක එක නම්වලින් Ads වර්ග දකින්න ලැබෙනවා. අදවන Advertising Companies බොහෝමයක් අන්තර්ජාලය තුළ දකින්නට පුලුවන්.. ඉතින් අපි යන හැම වෙබ් අඩවියකම වගේ මේ Ads දකින්න පුලුවන් වෙනවා.. ඉතින් මම අද කියලා දෙන්න යන්නේ Ads නැතුව අන්තර්ජාලයේ සැරිසරන්න පුලුවන් ක්‍රමයක් ගැනයි. ඇත්තට ම කියනවා නම් මේක Addon එකක්. මේක දාගත්තට පස්සේ Ads වලින් කිසිම කරදරයක් ඇතිවන්නේ නැහැ. මෙම ඇඩොනයට Facebook Ads පවා අයින් වෙනවා.


 
      අවශ්‍යනම් තමන්ට අවශ්‍ය අඩවියක ඇඩ්ස් පමණක් පෙන්වන ආකාරයට හදන්නත් මෙම ඇඩොනය මගින් ඔබට පුළුවන් වෙනවා.. වෙබ් අඩවියකට ගිහින් Disable on "වෙබ් සයිට් එකේ නම" යන්න මෙහි ඇති menu එකෙන් තේරූවිට එය සිදුකරගන්න පුළුවන්. එලෙසම සම්පූර්ණයෙන්ම යළි තිබුනු ආකාරයටම හැම අඩවියක ම Ads Enable කිරීමටත් ඔවුන් පහසුකම් සලසා දී තිබෙනවා.



      ඉතින් මෙම ඇඩොනය මගින් ඔයාට ඕනම වෙබ් අඩවියකට ඉක්මණින් යාමටත් අනවශ්‍ය ලෙස දත්ත අපතේ යාම වැළැක්වීමටත් හැකියාව තියෙනවා.. මෙය ස්තාපනයෙන් පසුව Status Bar එකේ රතුපැහැති ABP ලකුණින් දිස්වේ.

Firefox සදහා


Chrome සදහා
      එහෙනම් මම හිතනවා මේ පෝස්ට් එක ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා... මේක ඔයාලට ප්‍රයෝජනයක් වුණා නම් කමෙන්ට් එකක් එහෙම දාලා අපගේ මෙම්බර් කෙනෙක් වෙන්න. ඔයාලගෙ ප්‍රතිචාර මත තමයි තව එක එක දේවල් ඔයාලට දෙන්න හිතෙන්නෙ. එහෙනම් ආයෙත් වැදගත් දෙයක් එක්ක හමුවෙමු...
 



2 comments:

ලිපිය සම්බන්ධයෙන් ඇති ඔබේ අදහස්, ගැටලු ආදිය විමසීමට මෙය භාවිතා කරන්න. අනවශ්‍ය ලෙස Backlinks යෙදූ ප්‍රතිචාර ඉවත් කෙරෙනු ලැබේ..