Feb 18, 2013

Youtube එකේ පොඩි Tricks ටිකක් ඔයාටත්..!

      YouTube කියන්නේ අපි හැමෝම දන්න වීඩියෝ බෙදාහැරීමේ සමාජ ජාලයක්.. දවසකට එක වතාවක්වත් අපේ යාළුවෝ මේ අඩවිය‍ වෙත යනවා. නවතම ගීත, චිත්‍රපටවල ට්‍රේලර්ස්, අලුත්ම පරිගණක ක්‍රීඩා පිළිබද අලුත්ම වීඩියෝවන් දිනපතා මෙම අඩවියට එක් වෙනවා. අවශ්‍ය නම් අපගේ වීඩියෝවක් වුවත් ඒ අඩවියට එක් කිරීමට පුලුවන්.. ඉතින් යාළුවනේ මම දැන් ඔයාලව දැනුවත් කරන්න යන්නේ අපි ගොඩාක් පාවිච්චි කරන YouTube එකේ තියෙන සැඟවුනු tricks ගැන ටිකක් ගැනයි.. මින් ගොඩක් ඒවා අපේ ලංකාවේ ඉන්න අපේ යාළුවන්ට වැදගත් වෙන tricks ටිකක්. එහෙනම් පහතින් දීලා තියෙන ඒවා මොනවාද බලන්නකෝ.



1. ගොඩාක් quality low කරලා බලන්න අවශ්‍ය Video එකේ URL එකේ අගට නම් &fmt=5 නැත්තම් &fmt=13 එකතු කරන්න. 

2. මුල ටික skip කරලා කැමති තැනකින් පටන් අරගෙන බැලීම සදහා URL එකේ අගට #t=02m32s එකතු කරන්න ( දැන් Play වෙන්නේ 2:32 සිටයි. ) 

3. Video එකක් Embed කරන විටකදී කැමති තැනකින් පටන් ගන්න සෙට් කරන්න &start=10 එකතු කරන්න.

4. Videos බලන විට Play කළ පසු තමන් video එකට කැමති නැත්තම් Load වෙන එක නවත්තන්න Video එක Right ක්ලික් කරලා, 'stop download' යන්න ක්ලික් කරන්න.

5. මුලු Page එකේ Play වෙන්න දාන්න watch?v= වලින් v/ වලට මාරු කරන්න. Full page කරනවාට වඩා මේ ක්‍රමේ වාසි තියෙනවා. අපේ රටට සමහර Videos බලන්න බැරි කරවලා තියෙන්නේ. නමුත් ඇතැම් විට  සමහර Videos මේ විදියට බලන්න පුලුවන්...

6. YouTube videos download කරන්න මම භාවිතාකරන්නේ ඇඩොන් එකක්. කැමතිනම් try කරලා බලන්න

7. අවශ්‍ය නම් වීඩියෝවක URL එකේ Youtube.com කියල තියන තැනට Voobys.com ‌ කියල මාරුකර ENTER කර බලන්න.
      එහෙනම් මම හිතනවා මේ පෝස්ට් එක ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා... මේක ඔයාලට ප්‍රයෝජනයක් වුණා නම් කමෙන්ට් එකක් එහෙම දාලා අපගේ මෙම්බර් කෙනෙක් වෙන්න. ඔයාලගෙ ප්‍රතිචාර මත තමයි තව එක එක දේවල් ඔයාලට දෙන්න හිතෙන්නෙ. එහෙනම් ආයෙත් වැදගත් දෙයක් එක්ක හමුවෙමු...
 


0 ක් ප්‍රතිචාර ලැබී ඇත.:

Post a Comment

ලිපිය සම්බන්ධයෙන් ඇති ඔබේ අදහස්, ගැටලු ආදිය විමසීමට මෙය භාවිතා කරන්න. අනවශ්‍ය ලෙස Backlinks යෙදූ ප්‍රතිචාර ඉවත් කෙරෙනු ලැබේ..