Feb 15, 2013

පෙන් එකෙන් Windows 7 දාගන්නේ මෙහෙමයි.!

      සුභ දවසක් ප්‍රාර්ථනා කරනවා හැමෝටම.. අද මුලින්ම ජනේල 7 ට අදාළ දෙයක් ගැන තමයි කතාකරන්න හිතුවේ.. මේ දිනවල ගොඩක් අය මේ ගැන හොයනවා.. පෙන් එකෙන් Windows 7 දාගන්නේ කොහොමද කියන එකගැන තමයි මම අද ඔයාලව දැනුවත් කරන්නේ.. වෙනම විදිහකට කියනවා නම් කොහොමද ලේසියෙන්ම Bootable Pen Drive එකක් හදා ගන්නේ කියලා තමයි අද පාඩම. මේ ක්රගමය වඩා වැදගත් වෙන්නේ පරිගණකයේ CD/DVD ROM එකක් නැති NoteBook වැනි පරිගණක හිමිකරුවන්ටයි.. ඉතින් මේ සදහා අපට කුඩා මෘදුකාංගයක සහාය පැතීමට සිදුවනවා.. ඒ සදහා අවශ්යක මෘදුකාංගය බාගතකරගැනීමේ පහසුකම් මම පහලින් දීලා තියනවා. ඉතින් දැන් අපි බලමු එම Windows7 USB DVD Tool මෘදුකාංගය භාවිතාකරලා Bootable Pen Drive එකක් හදාගන්නේ කියලා... 

 

  • මුලින්ම Windows7 USB DVD Tool මෘදුකාංගය පහත ලින්ක් එක භාවිතාකරලා බාගෙන Run කරන්න. Next යන්න ක්ලික් කරන්න.
  • දැන් ඔයා Windows 7 ISO Image File එක තෝරාදෙන්න. Windows 7 ISO Image File එකක් නැතිනම් Nero වැනි මෘදුකාංගයක් භාවිතාකරලා Windows 7 ISO Image File එකක් හදාගන්න පුලුවන්..


  • දැන් ලැබෙන වින්ඩෝවෙන් USB Device යන්න තෝරාදෙන්න.

දැන් ඔයාගේ Pen Drive එක තෝරාදෙන්න. එය අවම වශයෙන් 8GB Pen එකක්වත් වියයුතුය.

  • පෙන් එකේ තියන දත්ත මකන්නද කියලා අහනවා පණිවිඩයක් ලැබෙනවා. අවශ්‍ය දේවල් Backup කරගෙන Erase USB Device යන්න ක්ලික් කරන්න.


  • පසුව ලැබෙන වින්ඩෝවට Yes යන විධානය ලබාදෙන්න.

දැන් ඔයාගේ Pen Drive එක Bootable Pen Drive එකක් බවට පත්වෙනවා. අවසානයේදී පහත පරිදි වින්ඩෝවක් ලැබේවි. දැන් සියල්ල සාර්ථකව සිදුකර අවසන්..


 

      එහෙනම් මම හිතනවා මේ පෝස්ට් එක ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා... මේක ඔයාලට ප්‍රයෝජනයක් වුණා නම් කමෙන්ට් එකක් එහෙම දාලා අපගේ මෙම්බර් කෙනෙක් වෙන්න. ඔයාලගෙ ප්‍රතිචාර මත තමයි තව එක එක දේවල් ඔයාලට දෙන්න හිතෙන්නෙ. එහෙනම් ආයෙත් වැදගත් දෙයක් එක්ක හමුවෙමු...
 



1 comment:

ලිපිය සම්බන්ධයෙන් ඇති ඔබේ අදහස්, ගැටලු ආදිය විමසීමට මෙය භාවිතා කරන්න. අනවශ්‍ය ලෙස Backlinks යෙදූ ප්‍රතිචාර ඉවත් කෙරෙනු ලැබේ..