Feb 12, 2013

Desktop එකට ඔයාට කැමති Video එකක් දාන්න කැමතිද?

       කොහොමද අපේ සාමාජික මිතුරු මිතුරියන්ට... සමාවෙන්න ඕන අද උදෑසනින්ම වෙනදා වගේ ලිපියක් පළකරන්නට බැරිවීම ගැන.. තරමක් කාර්යය බහුල දිනයක් තමයි අද දවස.. කොහොම වුනත් දවසකට එක ලිපියක් හරි මම ඔයාලා වෙනුවෙන් ලියන්න මහන්සි ගන්නවා.. ආහ්.. ඒක කියද්දියි මතක් වුනේ.. මට ලගදි දැකගන්න පුලුවන් වුනා මගේ අඩවියේ ලිපියක් තවත් අඩවියක කිසිදු පැකිලීමකින් තොරව පළකර තිබෙනවා... යාලුවනේ.. මම සාමාන්‍යයෙන් වෙනත් අපේ ලාංකිකයෙකුගේ කිසිවක් නැවත මාගේ අඩවියේ පළකරලා නෑ. මොකද ඒ අයගේ මහන්සිය මම දන්න නිසා.. අනික මුල සිට කිසිදු වරදකින් තොරව ලිපියක් සකසනවා කියන එක සාමාන්‍ය කාරණාවක් නොවෙයි.. මන්ද ඒ මාතෘකාවට අදාළව සියලු දත්ත කතෘතුමා විසින් මුලින්ම අධ්‍යයනයක යෙදිය යුතුයි. නැතහොත් පාඨකයා නොමග යන්නට පුලුවන්.. ඉතින් මම වුනත් ලිපියක් ලියනකොට ඒ ලිපිය සමබන්ධයෙන් වගකීමක් කරට ඇරන් තමයි ලියන්නේ.. පාඨකයාට ඇතිවන ගැටලු මගහැරවීමට කතෘතුමාට හැකිවිය යුතුයි.. දක්ෂ විය යුතුයි.. ඉතින් මොනවා වුනත් මම වෙන වෙබ් අඩවිවල මෙන් ඒ අයට මඩගැසීමක් කරන්න කැමති නෑ... ඒක මම පිළිකුල් සහගත දෙයක් විදිහටයි දකින්නේ.. මොනවා වුනත් එහෙම ලිපියක් නැවත පළකරනවා නම් මුල් කතෘගෙන් ඒ සදහා අවසර ගත යුතුයි.. අවසර ගැනීම පහත් කටයුත්තක් ලෙස හැගීයයි නම් මහන්සියෙන් හෝ තමන්ම ලිපිය සැකසාගත යුතුයි.. නැතහොත් මුල් කතෘට නීතිමය මාර්ගයට වුවද බැසීමට හැකි බව ඔවුන් දැනගත යුතුයි.. කෙසේ නමුත් තවත් ඒ පිළිබදව මම අද කතා කරන්න යන්නේ නැහැ.. අද මම ඔයාලට පොඩි මෘදුකාංගයක් දෙන්න හිතුවා..

      මෙම මෘදුකාංගයට ඔයාලා කැමති වෙයි කියලා හිතනවා.. මේ මෘදුකාංගයෙන් පුලුවන් ඩෙක්ස්ටොප් එකට ලස්සන Video එකක් දාල තියෙන්න... හරියට මම ඔයාලාට දීපු මගේ Sandriesoft Screen Saver Builder මෘදුකාංගය වාගේ.. ඒකට විදේශීය ආයතන කිහිපයක් විකුණන්න පටන් අරන් කියලත් කිව්වානේ... හරි හරි... අද මම ලබාදෙන මෘදුකාංගයට WMV Video තමයි ක්‍රියාකරන්නේ.. මෙම මෘදුකාංගය අපි පරිගණකය ක්‍රියා විරහිත කර නැවත පණනංවද්දී වූවත් එය හොදින් ක්‍රියාකරනවා... පරිගණකයේ මන්දගාමී බවක් දකින්න ලැබෙන්නේ නෑ... ඔයාලත් බාගත කරගෙන බලන්න.... ස්ථාපනය කළ පසු ඔයාගේ Video එක Right ක්ලික් කරලා Set as Dekstop Background තේරිය යුත්තේ... ශබ්දයක් නංවන්නේ නැතිමුත් Repeat වෙමින් දිගින් දිගටම වැඩ කරනවා... එහෙනම් මෘදුකාංගය බාගෙනම බලන්නකෝ... 
     

      යාලුවන්ටත් අපි ගැන කියන්න අමතක කරන්න එපා.. අද වුනු දේට නැවතත් සමාව ඉල්ලනවා.. ළගදීම අපේ තවත් මෘදුකාංගයක් ලබාදෙන්න අදහස් කරනවා.. ඔයාලා අපි ගැන තබන විශ්වාසය කවදාවත් කඩන්නේ නෑ.. Sandriesoft සැමදා ඔබ සමගයි..
      එහෙනම් මම හිතනවා මේ පෝස්ට් එක ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා... මේක ඔයාලට ප්‍රයෝජනයක් වුණා නම් කමෙන්ට් එකක් එහෙම දාලා අපගේ මෙම්බර් කෙනෙක් වෙන්න. ඔයාලගෙ ප්‍රතිචාර මත තමයි තව එක එක දේවල් ඔයාලට දෙන්න හිතෙන්නෙ. එහෙනම් ආයෙත් වැදගත් දෙයක් එක්ක හමුවෙමු...

 



2 comments:

ලිපිය සම්බන්ධයෙන් ඇති ඔබේ අදහස්, ගැටලු ආදිය විමසීමට මෙය භාවිතා කරන්න. අනවශ්‍ය ලෙස Backlinks යෙදූ ප්‍රතිචාර ඉවත් කෙරෙනු ලැබේ..