Feb 11, 2013

පැන්සල - The Pencil මෘදුකාංගය අවශ්‍ය ද?

      කොහොමද අපේ සාමාජික මිතුරු මිතුරියන්ට.. අද මම මුලින්ම දෙන්න හිතුවේ මේ දිනවල වැඩි වශයෙන් අපේ අය හොයන මෘදුකාංගයක්.. සිංහල අකුරු සිංග්‍රීසි අකාරයෙන් ඉතා පහසුවෙන් ලිවිය හැකි මෘදුකාංගයක් සොයමින් සිටියානම් ඔබ අද මම ලබාදෙන මෘදුකාංගය ඔබට ගොඩක් වැදගත් වේවි. සමහරවිට ඔබ මේ වනවිටත් සිංහල ටයිප් කිරීම සඳහා කුමන හෝ මෘදුකාංගයක් භාවිතා කරනවා ඇති. නමුත් එහි කාර්යක්ෂමතාවයට කෙසේ දැයි ඔබට ගැටලුවක් ඇති.. ඇතැම් විටක එය ඔබගේ සියළුම  අවශ්‍යතා සැපිරීමට අපොහොසත් වන අවස්ථාත් තිබෙන්නට ඇති.. අද කාලයේ තිබෙන සියළුම සිංහල ටයිප් කරන මෘදුකාංග පාහේ සාදා ඇත්තේ සිංහල යුනිකේත භාවිතයෙන් සිංහල ටයිප් කිරීමටය. මන්දයත් අන්තර්ජාලය භාවිතයේදී වඩාත් වුවමනා වන්නේ සිංහල යුනිකේත වන බැවිනි. එහෙත් මෙම මෘදුකාංගය සිංහල යුනිකේත මෙන්ම අනෙකුත් ඕනෑම සිංහල font වර්ගයකින් සිංහල අකුරු සිංග්‍රීසි අකාරයෙන් ඉතා පහසුවෙන් ලිවිය හැකි මෘදුකාංගයක් කියලා අපට කියන්න පුලුවන්..  



     ඉතින් මෙම මෘදුකාංගයේ නම තමයි "පැන්සල" නැතහොත් The Pencil වේ. මෙය නොමිලේ ලබාදෙන මෘදුකාංගයක්... ඕනෑම ස්ථානයක සිංහල ලිවීම සඳහා මෙය භාවිතා කරන්න පුලුවන්.. මෙහි ඇති වඩාත්ම  සුවිශේෂී කරුණ වන්නේ මෙය Realtime වීමයි. දනට නිර්මාණය වී ඇති සියළුම සිංග්ලිශ් මෘදුකාංග වල ගුණ එක්කොට මෙය නිමවා ඇත. ඔබට ඉතිරිව ඇත්තේ සිංහල ටයිප් කිරීමට අවශ්‍ය ස්ථානයට ගොස් අවශ්‍ය වචනය සිංග්‍රීසි ආකාරයෙන් ටයිප් කර එක් වරක් Space එක එබීම පමණි. අනෙකුත් සියළුම දේ පැන්සල බලාගනු ඇත .Google IME වල දක්නට ඇති ටයිප් කරන තැනට autoPosition වීමද මෙහි ඇත. මෙම මෘදුකාංගය OFFICE හා UNICODE ලෙස ආකාර දෙකකින් භාවිතා කළ හැකි වේ.
        

Office Mode එක අප යොදා ගන්නේ  MS Office ,Adobe photoshop, After effects,Open Office, ආදී බොහෝ මෘදුකාංග සඳහා සිංහල ටයිප් කිරීමටය. මෙය භාවිතා කොට "FMDerana, FMAbhaya, AM_Arjune, DL-Manel" වැනි දැනට තිබෙන ඔනෑම font එකකින් Realtime සිංහල ටයිප් කළ හැක . එමෙන්ම මෙම  ෆොන්ට්ස් වලට තමන්ට කැමති ඕනෑම effects හා  styles ද යෙදිය හැක. 

      Unicode Mode එක භාවිතා කරන්නේ සාමාන්‍ය පරිදි සිංහල යුනිකේත ඇසුරින් සිංහල ටයිප් කිරීම සඳහාය. සිංහලෙන් බ්ලොග් කිරීමටත් ෆේස්බුක් සිංහලෙන් චැට් කිරීමටත් මීටත් වඩා අගනා මෘදුකාංගයක් නොමැත.පැන්සල භාවිතා කිරීම මඟින් කාලය බොහෝ සේ ඉතුරු කරගත හැක. මෙහි ඇති ඕනෑම option එකක් ඔබට අවශ්‍ය පරිදි වෙනස් කරගැනීමේ හැකියාවද සපයා ඇත. එමෙන්ම ඒ සමඟ එන help එක කියවීමෙන් ඔබට මේ පිළිබඳ තවත් දැනුම ලබා ගත හැකි වේ. 

      මෙම මෘදුකාංගය නිර්මාණය කර ඇත්රුහුණ විශ්ව විද්‍යාලඉංජිනේරු පීඨතුසිත මනතුංග යි. මෙම මෘදුකාංගය බාගත කරගැනීමට පහත ලින්ක් එක භාවිතා කරන්න.


      එහෙනම් මම හිතනවා මේ පෝස්ට් එක ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා... මේක ඔයාලට ප්‍රයෝජනයක් වුණා නම් කමෙන්ට් එකක් එහෙම දාලා අපගේ මෙම්බර් කෙනෙක් වෙන්න. ඔයාලගෙ ප්‍රතිචාර මත තමයි තව එක එක දේවල් ඔයාලට දෙන්න හිතෙන්නෙ. එහෙනම් ආයෙත් වැදගත් දෙයක් එක්ක හමුවෙමු...

 



0 ක් ප්‍රතිචාර ලැබී ඇත.:

Post a Comment

ලිපිය සම්බන්ධයෙන් ඇති ඔබේ අදහස්, ගැටලු ආදිය විමසීමට මෙය භාවිතා කරන්න. අනවශ්‍ය ලෙස Backlinks යෙදූ ප්‍රතිචාර ඉවත් කෙරෙනු ලැබේ..