Feb 20, 2013

පෙන් ඩ්‍රයිව් එක Ram එකක් ලෙස භාවිතා කරමින් පරිගණකය වේගවත් කරගමු.

     කොහොමද යාළුවනේ.. අද මම ඔයාලව දැනුවත් කරන්නේ ඔයාගේ පෙන් ඩ්‍රයිව් එක Ram එකක් ලෙස භාවිතාකරමින් පරිගණකය වේගවත් කරගන්නේ කොහොමද කියලායි.. මේ සදහා විවිධාකාරයේ මෘදුකාංග තිබුනත් මම මෙහිදී කිසිදු මෘදුකාංගයක් භාවිතාකරන්න යන්නේ නැහැ... මෙම ක්‍රමයෙන් ඔබට ඔබගේ පරිගණකයේ වේගය වැඩිකරගත හැකිවෙනවා වැඩිපුර ඉඩක් පෙන් ඩ්‍රයිව් එකෙන් ලබාගැනීමට හැකිවන නිසා.. හොදයි එහෙනම් අපි බලමු එය සිදුකරගන්නේ කරන්නේ කියලා...






පියවර :-
  • පෙන් ඩ්‍රයිව් එක ප්ලග් කරගන්න.
  • මයිකොම්ප්‍යුටර් වෙත ගොස් පෙන් ඩ්‍රයිව් සළකුණ Right ක්ලික් කර Properties වෙත යන්න.
  • Ready Boost යන Tab එක ක්ලික් කරන්න. එවිට පහත සදහන් පරිදි වින්ඩෝවක් ලැබේ.


  • Use This Device ක්ලික් කර ඇප්ලයි කරගන්න. දැන් ඔබ සාර්ථකව මෙම කාර්යය සිදුකර අවසන්. දැන් සිට එය ක්‍රියාකරන්නේ RAM එකක් ලෙසටයි.

Windows XP සදහා පහත ක්‍රමය අනුගමනය කරන්න.

1. පෙන් ඩ්‍රයිව් එක ප්ලග්කරන්න. ඔබගේ පෙන් ඩ්‍රයිව් එන 1GB එකක්වත් විය යුතුය. වඩාත් සුදුසු 4GB ප්‍රමාණයේ එකක්ය.

2. My Computer එක Right ක්ලික් කර Properties>Advanced -> Performance Settings වෙත යන්න.




3. දැන් Advanced -> Change වෙත යන්න.

4. පෙන් ඩ්‍රයිව් එක තෝරා Custom Size වල Initial size එකට හා Maximum size එකට කැමති අගයන් ලබා දී OK  කරගන්න.
 

Search keywords:  Computer, how, to, use, Pendrive, Ram, Space, Fast, Method, Speed
 
      එහෙනම් මම හිතනවා මේ පෝස්ට් එක ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා... මේක ඔයාලට ප්‍රයෝජනයක් වුණා නම් කමෙන්ට් එකක් එහෙම දාලා අපගේ මෙම්බර් කෙනෙක් වෙන්න. ඔයාලගෙ ප්‍රතිචාර මත තමයි තව එක එක දේවල් ඔයාලට දෙන්න හිතෙන්නෙ. එහෙනම් ආයෙත් වැදගත් දෙයක් එක්ක හමුවෙමු...
 


8 comments:

  1. එතකොට Penඑක සාමාන්‍ය Usb එකක් විදියටත් පාවිච්චි කරන්න පුලුවන්ද? නැත්නම් වෙනස් කරගන්න වෙනවද?

    ReplyDelete
    Replies
    1. amila niroshan සාමාන්‍යයෙන් නැවත පෙන් එක ගලවා වෙනත් වැඩක් කරන සෑම අවස්ථාවකදීම නැවත මුල් තත්ත්වයට පත්කරගන්න.

      Delete
  2. මේක xp වලදි කරගන්න බැරිද?

    ReplyDelete
    Replies
    1. ලිපිය යාවත්කාලීන කළා. xp සදහා එය සිදුකරන අන්දම ඉහත පරිදි වේ.

      Delete
  3. machoo meka Ram ekkak vidiyata use karata passe aye pen ekka usb ekkak vidiyata use karanna barida.. 4gb wagema

    ReplyDelete
    Replies
    1. පුලුවන්... සාමාන්‍යයෙන් නැවත පෙන් එක ගලවා වෙනත් වැඩක් කරන සෑම අවස්ථාවකදීම නැවත මුල් තත්ත්වයට පත්කරගන්න.

      Delete
  4. RAM aka wadi una kiyala danaganne kohomada? task manager ake pennan nane

    ReplyDelete

ලිපිය සම්බන්ධයෙන් ඇති ඔබේ අදහස්, ගැටලු ආදිය විමසීමට මෙය භාවිතා කරන්න. අනවශ්‍ය ලෙස Backlinks යෙදූ ප්‍රතිචාර ඉවත් කෙරෙනු ලැබේ..