Feb 22, 2013

නියම ෆයිල් කම්ප්‍රෙස් මෘදුකාංගයක් ඕනද?

             කොහොමද යාළුවනේ... අද මම ගොඩක් වටින ඒත් නොමිලයේ ලබාදෙන මෘදුකාංගයක් තමයි අරගෙන ආවේ.. මේ මෘදුකාංගය file compress කරන්න පුලුවන් මෘදුකාංගයක්... ඉතින් අමුතුවෙන් ෆයිල් කම්ප්‍රෙස් කරන්න මෘදුකාංග මොකටද කියලා කෙනෙක් අහන්න පුලුවන්.. මොකද දැන් ගොඩක් අය 7zip මෘදුකාංගයනේ භාවිතාකරන්නේ.. ඒ වුනාට අද මම දෙන්නේ විශේෂිත මෘදුකාංගයක්.. ඇත්තටම නිෂ්පාදකයින් මෙම මෘදුකාංගය බෙදාහරින්නේ 100%ක් නොමිලයේ.. Winrar තරම්ම හොද මෘදුකාංගයක් නොවුනත් මේ මෘදුකාංගය අපේ රටේ අයට ගොඩක් වැදගත් වෙන්න පුලුවන්..
       මේ මෘදුකාංගය භාවිතාකරලා අපට අනෙක් හැම මෘදුකාංගයකටම වඩා හොදට  file compress කරන්න පුලුවන්. නිෂ්පාදකයින් පවසන අන්දමට සමහර file 1%ක දක්වා compress කිරීමේ හැකියාව මෙම මෘදුකාංගය සතුයි. වෙනත් අන්දමකට කිවහොත් මෙම මෘදුකාංගය මගින් 100MB file එකක් 1MB වෙනකම් වුනත් compress කරන්න පුලුවන්. compress කරන file නැවත Extract කිරීමට හැක්කේත් මෙම මෘදුකාංගයට පමණයි..

       මෙම මෘදුකාංගයේ file compress Levels 10කට බෙදා තිබෙනවා.. උපරිම ප්‍රමාණයකට compress කිරීම සදහා Maxium  යන Level එක තෝරා compress කළ යුතුයි. මෙම මෘදුකාංගය භාවිතයෙන් අප නිර්මාණය කරගන්නා ගොණු *.kgb ෆෝමැට් එකෙන් තැන්පත්වීම සිදුවේ. මෘදුකාංගය භාවිතාකරන ඔබ දැනුවත්විය යුතු කරුණු කිහිපයක්ම තියෙනවා.. මෙම මෘදුකාංගය භාවියෙන් ඇතැම් ෆෝමැට්වලට අයත් ගොණු කම්ප්‍රෙස් කරන්නට බැහැ. උදාහරණයක් හැටියට වීඩියෝ ෆයිල් වර්ග මේ මෘදුකාංගය භාවිතයෙන් කම්ප්‍රෙස් කළාට මේ ආකාරයෙන් කම්ප්‍රෙස් වන්නේ නැහැ. අනික් දේ තමයි අපි මෙම මෘදුකාංගයෙන් අධික ලෙස සම්පීඩනයට ලක්කළ ගොණු අන්කම්ප්‍රෙස් කිරීමට තරමක් කාලය වැය වෙනවා.. මෙම මෘදුකාංගයෙන් අධික ලෙස සම්පීඩනය කිරීමටද සැළකිය යුතු කාලයක් ගතවෙනවා. නමුත් ඔබගේ පරිගණකයේ වේගයන් අනුව එම කාලයේ වෙනසක් සිදුවෙන්නට පුලුවන්.. කෙසේ නමුත් මෙම මෘදුකාංගය ශයාලට අනිවාර්යයෙන්ම වැදගත් වේවි.



Search keywords:  Highly, File, compress, method, blogspot, compressed, Extract, kbr, kgb, Decompresser, free, download, software

       එහෙනම් මම හිතනවා මේ පෝස්ට් එක ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා... මේක ඔයාලට ප්‍රයෝජනයක් වුණා නම් කමෙන්ට් එකක් එහෙම දාලා අපගේ මෙම්බර් කෙනෙක් වෙන්න. ඔයාලගෙ ප්‍රතිචාර මත තමයි තව එක එක දේවල් ඔයාලට දෙන්න හිතෙන්නෙ. එහෙනම් ආයෙත් වැදගත් දෙයක් එක්ක හමුවෙමු...
 


0 ක් ප්‍රතිචාර ලැබී ඇත.:

Post a Comment

ලිපිය සම්බන්ධයෙන් ඇති ඔබේ අදහස්, ගැටලු ආදිය විමසීමට මෙය භාවිතා කරන්න. අනවශ්‍ය ලෙස Backlinks යෙදූ ප්‍රතිචාර ඉවත් කෙරෙනු ලැබේ..