Feb 18, 2013

ඔයාගේ ඇන්ඩ්‍රොයිඩ් දුරකථනයට සිංහල දාගන්නේ මෙහෙ‍මයි..!

      කොහොමද අපේ සාමාජික මිතුරු මිතුරියන්ට.. අද කාලයේ ජංගම දුරකතනය ජීවිතයට නැතුවම බැරි උපාංගයක් වෙලා. තාක්ෂණයේ දියුණුවත් සමග ජංගම දුරකථනයේ පවා මෙහෙයුම් ජද්ධති අලුත්වෙමින් නව අංගවලින් යුතු ජංගම දුරකථන බිහිවෙලා.. එසේ නිකුත් වුනු මෙහෙයුම් පද්ධති අතරින් ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය ඉදිරියෙන්ම තියෙන්නේ. ඉතින් අද මම මුලින්ම ඔයාලව දැනුවත් කරන්න හිතුවෙත් ඔයාගේ ස්මාර්ට් දුරකථනයට වැදගත් වෙන දෙයක් පිළිබදවයි..

      ඔයා ඔයාගේ ස්මාර්ට් දුරකථනය භාවිතයේදී මුහුණ දෙන්න වෙන ප්‍රධානතම ගැටලුවක් තමයි අන්තර්ජාල පහසුකම් වලදී සිංහල භාවිතා කිරීමට නොහැකි වීම. එනිසා වෙබ් පිටුවල තිබෙන සිංහල ලිපි ආදිය කියැවීමට නොහැකි වෙනවා. නමුත් Opera භාවිතාකරන විටදී නම් ඒ සදහා විසදුමක් තියෙනවා. නමුත් මෙහිදී මම කියලා දෙන්නේ ඔබගේ දුරකතනයේ ස්ථාපනය කර ඇති ඕනෑම මෘදුකාංගයක් මගින් සිංහල බැලිය හැකි ක්‍රමයක් පිළිබදවයි.. හොදයි එහෙනම් අපි මෙය සිදුකරගන්නේ කෙසේදැයි බලමු.



1. පළමුවෙන්ම ඔයාගේ ස්මාර්ට් දුරකථනයේ Settings => Applications වෙත යන්න. එහි ඇති  Unknown Sources යන්න ටික් කරගන්න.


2. දැන් Android Market වෙත යන්න. fontomizer යනුවෙන් සෙවීමක් සිදුකර ඔබගේ ඔයාගේ ස්මාර්ට් දුරකථනයට අදාළ මෘදුකාංගය බාගත කරගන්න. පසුව එය ස්ථාපනය කරගන්න.

3. දැන් එම මෘදුකාංගය විවෘතකරගෙන font list එක වෙත ගොස් S අකුරින් සිංහල ෆොන්ට් එක ලබාගන්න.


4. එහි ෆොන්ට් දෙකක් දැකගැනීමට පුලුවන්. ඔබට කැමති ෆොන්ට් එක බාගතකරගන්න. මම මෙම ෆොන්ට් දෙකම භාවිතාකරන හෙයින් වඩාත් හොද ෆොන්ට් එක ලෙස WIKI ANDROID BOLT යන ෆොන්ට් එක නිර්දේශ කරන්න කැමතියි.

5. දැන් ඔබ කළ යුත්තේ බාගතකරගත් ෆොන්ට් එක මෙහෙයුම් පද්ධතියට එක්කිරීමයි. ඒ සදහා Settings => Display > font style වෙත ගොස් අප විසින් බාගත කරගත් WIKI_ANDROID_BOLT ෆොන්ට් එක තෝරා ලබාදෙන්න..


 දැන් ඔයාගේ ස්මාර්ට් දුරකථනය රීස්ටාර්ට් කරගන්න. රීස්ටාර්ට් වුනු පසු ඔබට ඕනෑම ස්ථානයක ඕනෑම මෘදුකාංගයක සිංහල ලිපි ආදිය බැලීමට හැකිවනු ඇත. මෙම මෘදුකාංගය ක්‍රියාකරන්නේ Samsung Galaxy පවුලේ ස්මාර්ට් දුරකථන වල පමණි.

      එහෙනම් මම හිතනවා මේ පෝස්ට් එක ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා... මේක ඔයාලට ප්‍රයෝජනයක් වුණා නම් කමෙන්ට් එකක් එහෙම දාලා අපගේ මෙම්බර් කෙනෙක් වෙන්න. ඔයාලගෙ ප්‍රතිචාර මත තමයි තව එක එක දේවල් ඔයාලට දෙන්න හිතෙන්නෙ. එහෙනම් ආයෙත් වැදගත් දෙයක් එක්ක හමුවෙමු...
 


3 comments:

  1. මෙක sony mobile වල use කරන්න බැරිද??

    ReplyDelete
    Replies
    1. Samsung Galaxy models වලට විතරයි Brother පුලුවන්... :-?

      Delete
    2. Meke ara wage font ekak pennane mata thiyana prashne mata blogs walata hari site ekakata hari coment danna baha hariyata mokada sinhala akuru wadunata okkama kalwam ea wagema ewa delete karanath ba mekata solution ekak kiyana

      Delete

ලිපිය සම්බන්ධයෙන් ඇති ඔබේ අදහස්, ගැටලු ආදිය විමසීමට මෙය භාවිතා කරන්න. අනවශ්‍ය ලෙස Backlinks යෙදූ ප්‍රතිචාර ඉවත් කෙරෙනු ලැබේ..