Feb 23, 2013

කොහොමද Facebook ගිණුම සදාකාලිකව Delete කරන්නේ..!

      මුහුණුපොතේ සමහර අයට තියෙනවා ගැටලුවක් තමයි කොහොමද ගිණුම ඉවත්කරගන්නේ කියන එක. වෙනත් ගොඩක් අඩවිවල මෙන් ඍජු ක්‍රමයක් මගින් ගිණුම මකාදැමීමට Facebook අඩවිය ඉඩ සළසා දී නැහැ. ෆේස්බුක් ගිණුම් මකාදැමීම සිදුකරන්නේ යම් ක්‍රියාපටිපාටියකට අනුවයි. හැමෝම ෆේස්බුක් ගිණුමක් deactivate කිරීමට දන්නා මුත් ඉන් සුළු පිරිසක් පමණයි ඇත්තටම Facebook ගිණුමක් delete කිරීමට. ඉතින් එය ගොඩක් ගිණුම් deactivate කිරීමට Facebook ගත් විශ්ෂ්ට උත්සාහයක්.. මෙහිදී ඔබ සදාකාලිකව ගිණුම මැකීමට ප්‍රථම සැළකිලිමත් වියයුතු කරුණක් තිබෙනවා. ඔබ ඔබගේ ෆේස්බුක් ගිණුම සදාකාලික මැකීමක් කළපසු නැවත කිසිදිනක එයට ලොග් වීමට ඔබට හැකියාව ලැබෙන්නේ නැහැ... එම නිසා එම ගිණුම සදාකාලික මැකීමකට ප්‍රථම ෆේස්බුක් ගිණුම Backup කිරීම වැදගත් වෙනවා.

Facebook ගිණුමක් සදාකාලිකව මැකීමට ක්‍රම දෙකක් තිබෙනවා

      ඔව්, මෙහි ක්‍රම දෙකකට අපට අපගේ ෆේස්බුක් ගිණුම සදාකාලිකව සදහා.. එක් ක්‍රමයක් තමයි සදාකාලිකව ගිණුම මැකීම සදා ඇති ෆේස්බුක් පිටුව මගින් කරගැනීම... අනෙක් ක්‍රමය නම් Facebook Support group වෙත සදාකාලිකව ගිණුම මැකීමට ඉල්ලීමක් සිදුකිරීම.


Facebook ගිණුම Deletion Page එක මගින් සදාකාලිකව මැකීම


1. Facebook ගිණුමට ලොග් වී මෙම පිටුවට යන්න.
2. විවෘත වූ පිටුවේ Delete My Account යන්න ක්ලික් කරන්න.

3. pop-up බොක්ස් එකෙහි Password එක සහ captcha code එක නිවැරදිව සදහන් කර Okay යන්න ක්ලික් කරන්න.



4. ඇත්තෙන්ම ගිණුම නැවත reactivate කරගැනීමට අවශ්‍ය නැතිනම් දින 14ක් යනතුරු ගිණුමට ලොග්වීමට යාමෙන් වළකින්න.

5. දින 14කට පසු ඔබගේ ෆේස්බුක් ගිණුම සදාකාලිකව මැකීයනු ඇත.

Facebook ගිණුම e-mailමාර්ගයෙන් සදාකාලිකව මැකීම

  1. ඔබගේ Primary e-mail ලිපිනයට ලොග් වී කෙලින්ම ෆේස්බුක් වෙත privacy@facebook.com මගින් ඉල්ලීමක් කරන්න.

2. දින කිහිපයකින් Facebook මගින් ලිපියක් එනු ඇත සදාකාලිකව ගිණුම මැකීම සම්බන්ධයෙන්..
3. ඔබට දින 10ක් ඇතුළත ලිපියක් නොලැබුනේ නම් නැවත privacy@facebook.com,  support@facebook.com, info@facebook.com වෙතට අදාල ඉල්ලීම සහිත විද්‍යුත් ලිපයක් යවන්න.
4. ඔබට ඔවුන්ගෙන් ලිපියක් ලැබුනු පසු දින 14 ඔබගේ ෆේස්බුක් ගිණුමට ලොග්වීමෙන් වළකින්න. ඔබට දින 14කට පසු ලොග් වීමට නොහැකි නම් ගිණුම මකා දමා ඇත, නමුත් ඔබ Reactivate කිරීමට පණිවිඩයක් ලබා දුනහොත් deny කරගන්න.

Search keywords:  How to delete my facebook account, I wanna delete my facebook account, how to close my facebook account, delete fb accounts, easy, method, blogspot, help

      එහෙනම් මම හිතනවා මේ පෝස්ට් එක ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා... මේක ඔයාලට ප්‍රයෝජනයක් වුණා නම් කමෙන්ට් එකක් එහෙම දාලා අපගේ මෙම්බර් කෙනෙක් වෙන්න. ඔයාලගෙ ප්‍රතිචාර මත තමයි තව එක එක දේවල් ඔයාලට දෙන්න හිතෙන්නෙ. එහෙනම් ආයෙත් වැදගත් දෙයක් එක්ක හමුවෙමු...
 

3 comments:

  1. ආ ගොඩක් වැදගත් තොරතුරක්. බොහොම ස්තූතියි කිව්වට. ෆෙස්බුක් එකේ ‍නොදැමියට යුතු ‍නොකලයුතු දේවලක් නිසා ජීවිතයෙන් සමුගත් අමැන්ඩා ටොඩ් ‍ගෙන් පස්සෙ වෙන්න ඇති මේ හදුන්වාදීම ෆේස්බුක් විසින් කරල ඇත්තෙ.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි... ඇත්තෙන්ම ඔව්..

      Delete

ලිපිය සම්බන්ධයෙන් ඇති ඔබේ අදහස්, ගැටලු ආදිය විමසීමට මෙය භාවිතා කරන්න. අනවශ්‍ය ලෙස Backlinks යෙදූ ප්‍රතිචාර ඉවත් කෙරෙනු ලැබේ..