Feb 14, 2013

ඕන දෙයක් 100% FREE බාගන්න. මෙන්න මෘදුකාංගය..!

      ඔන්න අද මම තවත් මෘදුකාංගයක් දෙන්න අරන් ආවා.. මේ මෘදුකාංගය මම ගොඩක් කල් ඉදන් භාවිතා කරපු මෘදුකාංගයක්.. ඒත් මේ පිළිබදව ලිපියක් නම් ලියන්නට කල්පනා වුනේ නැහැ.. ඔය එක එක මෘදුකාංග නොමිලයේ ගන්න අපේ අය ගොඩක් දුක් විදිනවා.. ගොඩක් අය ඒවගේ දේවල් ටොරන්ට්වලින් තමයි ගන්නේ.. ඒත් වෙලාවකට තමන්ට අවශ්‍යම ෆයිල් එක එතන නැතිවෙන්නත් පුලුවන්.. සමහර ටොරන්ට් ෆයිල් බාගතකරගත්තාට පස්සේ ප්‍රතිවෛරස් මෘදුකාංගයෙන් වෛරසයක් ලෙස අල්ලනවා.. ඉතින් අමාරුවෙන් බාගත්ත ෆයිල් එකවත් අවසානයේදී භාවිතාකරන්න බැරිවෙනවා.. ඉතින් අපි කොහොමද අපට අවශ්‍ය මෘදුකාංගයක් පහසුවෙන් ක්‍රැක් එකත් එක්ක ගන්නේ.. අන්න ඒකට පිළිතුර තමයි මම අද ඔයාලට දෙන මේ මෘදුකාංගය. මේ මෘදුකාංගය භාවිතාකරලා අපි බාගතකරගන්නා ඕනෑම මෘදුකාංගයක් ක්‍රැක් කරලාම ගැනීමේ පහසුව තියෙනවා.. ඉතින් මේ මෘදුකාංගයේ වටිනාකම ඔයාලට වැටහෙනවානේ දැන්.. මේ මෘදුකාංගයෙන් අපට මෘදුකාංග පමණක් නොව ඇතැම් චිත්‍රපටි පවා බාගතකරගන්න පුලුවන්.. මෘදුකාංගයත් භාවිතයට පහසුයි. මෙමගින් ඔයාට යමක් බාගතකර ගැනීමට පහත පියවර අනුගමනය කරන්න පුලුවන්..




1. තමන්ට අවශ්‍ය දේ Search box එකේ සොයන්න.
2. Search Results ආවට පස්සෙ ඊට ඉස්සරහින් ඇති Download බොත්තම ඔබන්න.
3. තැන්පත් කිරීමට තැනක් තෝරල දෙන්න.


      ඉතින් එපමණයි කළ යුත්තේ. එහෙනම් මෘදුකාංගය පහළ දීලා තියෙන ලින්ක් එකෙන්  බාගතකරගෙනම බලන්නකෝ. හොදනම් යාලුවන්ටත් කියන්න. අපේ මෘදුකාංගවලට නැමතිනම් ඒවා යාලුවන්ටත් අපි ගැන කියන්න. ඉදිරියට තවත් අපේ මෘදුකාංගයක් ලබාදීමට බලාපොරොත්තුවෙන් ඉන්නේ..


5.62 MB
      එහෙනම් මම හිතනවා මේ පෝස්ට් එක ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා... මේක ඔයාලට ප්‍රයෝජනයක් වුණා නම් කමෙන්ට් එකක් එහෙම දාලා අපගේ මෙම්බර් කෙනෙක් වෙන්න. ඔයාලගෙ ප්‍රතිචාර මත තමයි තව එක එක දේවල් ඔයාලට දෙන්න හිතෙන්නෙ. එහෙනම් ආයෙත් වැදගත් දෙයක් එක්ක හමුවෙමු...

 

4 comments:

  1. නියම සොට්ටෙයා එක වගේ.. බාගෙනම බලන්නම්..

    ReplyDelete
  2. සුපිරි software ඒක නියමට වැඩ

    ReplyDelete

ලිපිය සම්බන්ධයෙන් ඇති ඔබේ අදහස්, ගැටලු ආදිය විමසීමට මෙය භාවිතා කරන්න. අනවශ්‍ය ලෙස Backlinks යෙදූ ප්‍රතිචාර ඉවත් කෙරෙනු ලැබේ..