Feb 15, 2013

Format වෙන්නැති පෙන්, මෙමරි කාඩ් ෆෝමැට් කරන්නේ මෙහෙමයි..!

    අන්තර්ජාලයේ සැරිසරනකොට වැදගත් මෘදුකාංගයක් හමුවුණා. ඉතින් මේ මෘදුකාංගයෙන් වෙන සේවාව මේ දවස්වල ගොඩ දෙනෙක්ට ඕනවෙලා තිබුනා.. අපේ මිතුරු මිතුරියන්ටත් මෙ මෘදුකාංගය වැදගත් වේවි කියලා හිතුනා. ඉතින් මම තවත් පොඩි මෘදුකාංගයක් මම අරන් ආවා.. සමහර වෙලාවට ඔයාලගේ පෙන් ඩ්‍රයිව්ස්, මෙමරි කාඩ්ස් එහෙම ෆෝමැට් වෙන්නේ නැතිව ඇති.. සමහර වෙලාවට ඕපන් කරන්නවත් බැරිවෙන අවස්ථා එනවා... ඉතින් ඒකට මම අද දෙන මේ මෘදුකාංගය විසදුමක් වෙනවා. ‍එය පොඩි මෘදුකාංගය මෘදුකාංගක්.. පහළ දීලා තියෙන ලිනක් එක භාවිතා කරලා මෘදුකාංගය බාගත කරගන්න.

      මෙම මෘදුකාංගය ස්ථාපනය කළ පසු අපට එම ස්ථාපිත ෆෝල්ඩරය වෙත මුලින්ම යායුතුයි. HPUSBFW.EXE යනුවෙන් ඇති මෘදුකාංගය රයිට් ක්ලික් කරල Run As Administrator යන්න ක්ලික් කරන්න. එවිට පහත පරිදි වින්ඩෝවක් දිස්වේ. එයට ඔයාගේ පෙන් ඩ්‍රයිව් එක හෝ මෙමරි කාඩ් එක තෝරාදෙන්න. File Sysytem එක තෝරා දී යන්න Start ක්ලික් කරන්න.



      ඉතින් එපමණයි ඔබ කළ යුත්තේ.. අවසානයේදී ඔබගේ පෙන් ඩ්‍රයිව් එක හෝ මෙමරි කාඩ් එක සාර්ථකව ෆෝමැට් වී තිබේවි.

1.59 MB

 ඉහත මෘදුකාංගය භාවිතයට අපහසු නම් මෙම මෘදුකාංගය භාවිතාකරන්න.

      එහෙනම් මම හිතනවා මේ පෝස්ට් එක ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා... මේක ඔයාලට ප්‍රයෝජනයක් වුණා නම් කමෙන්ට් එකක් එහෙම දාලා අපගේ මෙම්බර් කෙනෙක් වෙන්න. ඔයාලගෙ ප්‍රතිචාර මත තමයි තව එක එක දේවල් ඔයාලට දෙන්න හිතෙන්නෙ. එහෙනම් ආයෙත් වැදගත් දෙයක් එක්ක හමුවෙමු...
 



1 comment:

ලිපිය සම්බන්ධයෙන් ඇති ඔබේ අදහස්, ගැටලු ආදිය විමසීමට මෙය භාවිතා කරන්න. අනවශ්‍ය ලෙස Backlinks යෙදූ ප්‍රතිචාර ඉවත් කෙරෙනු ලැබේ..