Feb 18, 2013

මුහුණු පොතේ පින්තූර ලේසියෙන්ම ඇල්බම් පිටින් බාගන්නේ මෙහෙමයි..!

      කොහොමද අපේ යාළුවන්ට... ගොඩ දවසකින් මුහුණු‍ පොතේ Trick එකක් කියලා දෙන්න බැරිවුණා. ඉතින් ඒක නිසා අද ඒ ගැනත් ලිපියක් පළකරන්න හිතුවා.. අද මම කියලා දෙන්න යන්නේ මුහුණු පොතේ පින්තූර ඇල්බම් පිටින් බාගතකර ගතහැකි ක්‍රමයක් ගැනයි. මේක ඇඩොන් එකක්. මේ සදහා ඇඩොන් දෙකක් තියෙනවා. මම දැන් ඔයාලට දෙන ඇඩොන් එකේ නම තමයි Facepaste. මේක වැඩ කරන්නේ Firefox සමගයි. හොදයි පහත ලින්ක් එක භාවිතා කරලා ඇඩොන් එක බ්‍රව්සරයට ස්ථාපනය කරගන්න.





කොහොමද මෙම ඇඩොනය භාවිතා කරන්නේ?


     ඔබගේ කැමතිම Facebook photo album එක වෙත යන්න. එම පිටුවේ ඕනෑම ස්ථානයක් Right ක්ලික් කර 'Download this Facebook album' යන්න ක්ලික් කරන්න.

      එවිට පින්තූර බාගත කරගැනීමට ස්ථානයක් ඔබෙන් අසාවි. අවශ්‍ය ස්ථානයක් ලබාදෙන්න. එවිට ඔබට download වින්ඩෝවක් දැකගත හැකි වේවි.
Search keywords: Facebook, Photo, Album, Download, FB, Downloader, Easy, ඇල්බම්, පින්තූර, බාගන්න, ලේසියෙන්ම, Addon, Firefox

 

      එහෙනම් මම හිතනවා මේ පෝස්ට් එක ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා... මේක ඔයාලට ප්‍රයෝජනයක් වුණා නම් කමෙන්ට් එකක් එහෙම දාලා අපගේ මෙම්බර් කෙනෙක් වෙන්න. ඔයාලගෙ ප්‍රතිචාර මත තමයි තව එක එක දේවල් ඔයාලට දෙන්න හිතෙන්නෙ. එහෙනම් ආයෙත් වැදගත් දෙයක් එක්ක හමුවෙමු...
 


0 ක් ප්‍රතිචාර ලැබී ඇත.:

Post a Comment

ලිපිය සම්බන්ධයෙන් ඇති ඔබේ අදහස්, ගැටලු ආදිය විමසීමට මෙය භාවිතා කරන්න. අනවශ්‍ය ලෙස Backlinks යෙදූ ප්‍රතිචාර ඉවත් කෙරෙනු ලැබේ..