Feb 28, 2013

ඔයාගේ Facebook Theme එක වෙනස් කරගන්න ඕනද?

      කොහොමද යාළුවනේ.. පෙබරවාරි මාසයේ අවසාන ලිපිය තමයි දැන් ඔයාලා කියවන්න යන්නේ.. පෙබරවාරි මස පමණක් ලිපි හතළිකට ආසන්න ප්‍රමාණයක් ඔයාලට දෙන්න පුලුවන් වුණා.. ඉතින් අද මට ලිපි තුනක් පමණ ලබාදෙන්නට සිතුවත් ඒ සදහා අවශ්‍ය කාලය මදිවුණා.. ඉතින් ඒ නිසා එක් ලිපියක් පමණයි අද දෙන්න වෙන්නේ.. ඉතින් ඊට වැඩි ප්‍රමාණයක් සමග මාර්තු මස ලිපි රැසක්ම ලබාදෙන්න මම උත්සාහ කරනවා.. අද මම ඔයාලට මුහුණු පොතට සම්බන්ධ විශේෂ දෙයක් කියලා දෙන්න තමයි සූදානම් වුනේ... ඇත්තටම මෙය ෆේස්බුක් භාවිතාකරන සෑම අයෙක්ම මේකට කැමති වේවි කියලා හිතනවා...

      සාමාන්‍යයෙන් අපි භාවිතා කරන ෆේස්බුක් පිටුවේ ප්‍රධාන වශයෙන් දැකිය හැක්කේ සුදු සහ නිල් වර්ණය පමණයි. ඉතින් අද මම කියලා දෙන දෙයින් පසුව එහි විශේෂ වෙනසක් දැකගන්නට පුලුවන් වේවි.. පහත පියවරයන් නිවැරදිව අනුගමනය කරමින් ඔබත් ඒ වෙනස අත්විදින්න.


 
මේ සදහා Mozilla Firefox 3.5 හෝ ඊට පසු පැමිණි සංස්කරණය ඔබ සතුවිය යුතුය.

1. Mozilla Firefox 3.5 මෘදුකාංගය විවෘත කරගෙන මෙමඇඩොනය ස්ථාපනය කරගන්න.
 
2. Mozilla Firefox 3.5 මෘදුකාංගය Restart කරගන්න.

3. ෆේස්බුක් ගිණුමට ඇතුළුවන්න. දැන් Firefox status bar හි ඇති කුඩා 'S' බට්න් එක  ක්ලික් කරන්න. 

 
4. "Find Styles for this Site" යන්න ක්ලික් කර අලුත් ටැබ් එකකින් ලැබෙන පිටුවෙන් කැමති theme එකක් තෝරාගන්න එවිට එහි දර්ශනයක් පෙන්වයි.

5. ඔබගේ කැමැත්ත දිනාගත්තේ නම් "Install with Stylish යන බට්න් එකක්ලික් කරගන්න.
 
6. dialog box එකක් විවෘත වේවි. Install යන්න ක්ලික් කරගන්න. 


      දැන් සියල්ල සිදුකර අවසන්...!! ඔබගේ නව ෆේස්බුක් පිටුවට ඔබ වඩාත් ඇලුම් කරාවි කියලා මම හිතනවා.. එහෙනම් නව ෆේස්බුක් මුහුණුවර පිළිබදව යාළුවන්ටත් පවසන්න. 


Keywords : How to change my facebook theme, change fb theme, awesome fb themes, Edit your fb theme, Cool themes for facebook, Easy, method, blogspot, Skin, Without Blue and white, computer education, sinhalen

      එහෙනම් මම හිතනවා මේ පෝස්ට් එක ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා... මේක ඔයාලට ප්‍රයෝජනයක් වුණා නම් කමෙන්ට් එකක් එහෙම දාලා අපගේ මෙම්බර් කෙනෙක් වෙන්න. ඔයාලගෙ ප්‍රතිචාර මත තමයි තව එක එක දේවල් ඔයාලට දෙන්න හිතෙන්නෙ. එහෙනම් ආයෙත් වැදගත් දෙයක් එක්ක හමුවෙමු...
 

0 ක් ප්‍රතිචාර ලැබී ඇත.:

Post a Comment

ලිපිය සම්බන්ධයෙන් ඇති ඔබේ අදහස්, ගැටලු ආදිය විමසීමට මෙය භාවිතා කරන්න. අනවශ්‍ය ලෙස Backlinks යෙදූ ප්‍රතිචාර ඉවත් කෙරෙනු ලැබේ..