Feb 15, 2013

Skypeවලදී කටහඩ වෙනස් කර කතාකරන්නේ මෙහෙමයි.!

      අපි හැමෝම වගේ Skype භාවිතා කරනවානේ.. ඉතින් හැමෝටම දැනටමත් Skype ගිණුමක් ඇති.. ඕන එකටයි එපා එකටයි හැමදේටම දැන් Skype භාවිතා කරන්න පටන් දැන් ගොඩක් අය පටන් ඇරන් ඉන්නේ.. ඉතින් ඔයාලත් Skype Call නිතරම ගන්න අයනේ.. වෙනසකටත් එක්ක ඔයා කාටහරි Skype Call එකක් ගත්දී අනෙක් පැත්තේ ඉන්න කෙනාව පුදුම කරවන්න පුලුවන් දෙයක් ගැන තමයි මේ කියන්න යන්නේ.. මම දැන් ඔයාලට දෙන්නේ අපිට අවශ්‍ය විදිහට අපේ කටහඩ වෙනස් කරලා කතා කරන්න පුලුවන් මෘදුකාංගයක්. එය කුඩා මෘදුකාංගයක්. මෙම මෘදුකාංගය ක්‍රියාකරවීම සදහා Skype මෘදුකාංගයේ අවසර ලබාදෙන්න ඕන වෙනවා.. එහෙනම් දැන් අපි Skypeවලදී කටහඩ වෙනස් කර කතාකරන්නේ කොහොමද කියලා බලමු.


 
1. මුලින්ම Skype මෘදුකාංගය බාගත කරගන්න. Windows මෙහෙයුම් පද්ධතිය සදහා,  Linux මෙහෙයුම් පද්ධතිය සදහා පසුව එය ස්ථාපනය කරගන්න.

2. Skype මෘදුකාංගය ස්ථාපනය කරගත් ඔබගේ පරිගණකය සදහා දැන් පහත දී ඇති ලින්ක් එක භාවිතා කර Clownfish free Skype voice Changer මෘදුකාංගය බාගත කරගෙන ස්ථාපනය කරගන්න.

3. Clownfish free Skype voice Changer මෘදුකාංගය ස්ථාපනය කරගැනීමෙන් පසුව එය RUN කරන්න.

4. Clownfish free Skype voice Changer මෘදුකාංගය සදහා Skype මෘදුකාංගයේ අවසර ලබාදෙන්න. ඒ සදහා Allow යන්න ක්ලික් කරන්න.


5. අවසානයේදී Clownfish අයිකනයක් ඔබට දිස්වේවි. එය භාවිතා කර ඔබට කටහඩ වෙනස් කර කතාකිරීමට පුලුවන්කම ලැබෙනවා.. මීට අමතරව Clownfish මෘදුකාංගය මගින් තවත් බොහෝ දෑ කරගැනීමට පුලුවන්.. පහතින් දීලා තියෙන්නේ මෙම Clownfish මෘදුකාංගයේ තවත් ප්‍රයෝජන ටිකක්.


  •  You could write in your native language and the recipient will receive the message translated to their language. There are different translation services you could choose from.
  •  Build-in spell check support.
  • Text-to-speech support for all incoming messages.
  • Ability to send of predefined ASCII and emoticon drawings.
  •   Big list of build-in greeting wishes.
  •   A.I. Talking Robot can be your replacement in many cases.
  • With Voice Call Recording you can silently record your conversations.
  • Music Player - make your voice calls unique by playing your favorite music as a background.
  •   Encrypt Messages - now your secret data will be secured.
  • Now all incoming messages can be translated to your native language.
  • Broadcast message to all your friends with single click.
  •   Show an avatar image on every message you receive.

Clownfish

      එහෙනම් මම හිතනවා මේ පෝස්ට් එක ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා... මේක ඔයාලට ප්‍රයෝජනයක් වුණා නම් කමෙන්ට් එකක් එහෙම දාලා අපගේ මෙම්බර් කෙනෙක් වෙන්න. ඔයාලගෙ ප්‍රතිචාර මත තමයි තව එක එක දේවල් ඔයාලට දෙන්න හිතෙන්නෙ. එහෙනම් ආයෙත් වැදගත් දෙයක් එක්ක හමුවෙමු...
 



7 comments:

  1. මේකත් වටින එකක්....

    ReplyDelete
    Replies
    1. හ්ම්... ඇත්තටම...
      ස්තූතියි නිර්මලා..!

      Delete
  2. යාලුවෝ අන්දන්න කියාපු සොෆ්ට් එක ..:p

    ReplyDelete
    Replies
    1. හෙහෙහෙහ්... නියමයි.. (:
      (y)

      Delete

ලිපිය සම්බන්ධයෙන් ඇති ඔබේ අදහස්, ගැටලු ආදිය විමසීමට මෙය භාවිතා කරන්න. අනවශ්‍ය ලෙස Backlinks යෙදූ ප්‍රතිචාර ඉවත් කෙරෙනු ලැබේ..