Feb 9, 2013

Windows 7 Login Screen එකට අපිට කැමති රූපයක් දාගන්නේ මෙහෙමයි..!



      කොහොමද ඉතින් අද වෙනසකටත් එක්ක Windows 7 ගැන පොඩි දෙයක් කියලා දෙන්න හිතුවා.. මම අද ඔයාලට ඔයාලා පාවිච්චි කරන Windows 7 පරිගණකය, ක්‍රියාත්මක කරද්දී හා ක්‍රියා විරහිත කරද්දී දකින පහත රූපය වෙනුවට අපට අවශ්‍ය වෙනස් රූපයක් යොදන්නේ කොහොමද කියලායි. Windows 7 මෙහෙයුම් පද්ධතියේ ඇති විශේෂ ලක්ෂණයක් තමයි පහසුවෙන් මේ Logon screen එක වෙනස් කිරීමට ඇති හැකියාවයි. ‍පෙර Windows සංස්කරණ වලදී මේ සඳහා third-party tools අවශ්‍ය වූවත් Windows 7 වලදී එසේ අවශ්‍ය වන්නේ නැහැ.. පහත සඳහන් පියවර අනුගමනය කර පහසුවෙන් මෙය සිදුකර ගන්න දැන් ඔයාටත් පුලුවන්...


  • මුලින්ම Star > All Programs > Accessories > Run මගින් Run Box එක ලබාගන්න.



  • දැන් එම Run Box එක තු regedit යන්න ටයිප් කර OK කර, වින්ඩොස් රෙජිස්ටරි එකට යන්න. එයට යාමේදී ලැබෙන පණිවිඩයට  Yes විධානය ලබා දෙන්න. දැන් ඔබට පහත ආකාරයට එම රෙජිස්ටරි වින්ඩොව දැකගත හැකි වේ.
 

  •  එම වින්ෝව  ලැබුනු පසු එහි ඇති HKEY_LOCAL_MACHINE එක ගාවට Mouse pointer එක ගෙන ගොස් right ක්ලික් කර find යන එක තෝරාගන්න.


  • එහිදී එන වින්ඩොව් එකට OEMBackground යන්න ටයිප් කර Find Next යන්න තෝරා ගන්න.


  • එහිදී ලැබෙන වින්ඩොව් එකෙන් OEMBackground එක Double ක්ලික් කර ලැබෙන වින්ෝව  තුළ ඇති Value data: කියල තිබෙන එකේ 0 ලෙස සටහන් වී ඇත. එය 1 ලෙස මාරු කර OK කර රෙජිස්ටර් වින්ඩොව close කරන්න.

  •   දැන් C:\Windows\System32\oobe යන folder එක වෙතයන්න.

  • එම oobt folder එක ඇතුලේ Info කියලා වෙනම folder එකක් හදන්න.

  •  දැන් එම Info folder එක ඇතුලේ backgrounds කියලා වෙනම folder එකක් හදන්න.

  • දැන් ඔබ හදාගත්තු  folder  එකට ඔබ කැමති රූපයක් ගෙනවිත් paste කරගන්න. එම paste කරගත් රුපයේ නම backgroundDefault.jpg ලෙස වෙනස් කර එම වින්ෝව close කරගන්න.

  •  දැන් ඔබට ඔබ තෝරා ගත් රුපය Windows 7 Login වෙද්දී හා LogOut වෙද්දී පහත ආකාරයට දැක ගත හැකි වේ.



      එහෙනම් මම හිතනවා මේ පෝස්ට් එක ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා... මේක ඔයාලට ප්‍රයෝජනයක් වුණා නම් කමෙන්ට් එකක් එහෙම දාලා අපගේ මෙම්බර් කෙනෙක් වෙන්න. ඔයාලගෙ ප්‍රතිචාර මත තමයි තව එක එක දේවල් ඔයාලට දෙන්න හිතෙන්නෙ. එහෙනම් ආයෙත් වැදගත් දෙයක් එක්ක හමුවෙමු...

 



2 comments:

  1. target folder not ave label
    C:\Windows\System32\oobe\Info\backgrounds
    what is the reason??

    ReplyDelete
    Replies
    1. ඔබ හදාගත්තු folder එකට ඔබ කැමති රූපයක් ගෙනවිත් paste කරගන්න. එම paste කරගත් රුපයේ නම backgroundDefault.jpg ලෙස වෙනස් කර එම වින්ඩෝව close කරගන්න.

      Delete

ලිපිය සම්බන්ධයෙන් ඇති ඔබේ අදහස්, ගැටලු ආදිය විමසීමට මෙය භාවිතා කරන්න. අනවශ්‍ය ලෙස Backlinks යෙදූ ප්‍රතිචාර ඉවත් කෙරෙනු ලැබේ..