Feb 6, 2013

Android 4.1 Jelly Bean Skin Pack එක ඔයාටත්...!

      කොහොමද යාළුවනේ... සුභ දවසක් ඔයාලා හැමෝටම ප්‍රාර්ථනා කරනවා... අද මම ටිකක් වෙනස් දෙයක් ගැන තමයි කතාකරන්න හිතුවේ... වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය භාවිතා කිරීමේදී අමතරව වෙනත් සැකසුම් භාවිතා කිරීමට අපි හැමෝම උත්සාහ ගන්නවා.. පරිගණකයේ වෙනසක් කරගන්න ඩෙක්ස්ටොප් එක ලස්සනට තියාගන්න මේවගේ නොයෙක් දේවල් වලට අපි පෙලඹෙනවා. ඉතින් පරිගණකයේ ඩෙක්ස්ටොප් එකේ පෙනුම වෙනස් කරගන්න භාවිත කරන්න පුලුවන් එක් උපක්‍රමයක් තමයි දැනට භාවිතා කරන තීම් එක වෙනස් කිරීම. අද මම දෙන්න හිතුවේ විශේෂ තීම් එකක්... එක් එක් කාලයට විවිධ තීම් අන්තර්ජාලයි හරහා බාගත කරගන්න අවස්තාව ලැබෙනවා. මේ කියන්න යන්නේ Android මොබයිල් මෙහයුම් පද්දතියේ 4.1 සංස්කරණය එහෙම නැත්නම්  Jelly Bean සංස්කරණයේ Skin Pack එක වින්ඩෝස් වෙනුවෙන් යොදාගන්නා ආකාරය පිළිබදවයි...මේ Skin Pack එක භාවිතා කරමින් පරිගණකයේ ඩෙක්ස්ටොප් background එක විශේෂ ආකාරයකට වෙනස් කරගන්න පුලුවන් වෙනවා... මුලින්ම ගොණුව බාගත කරගන්න.

32 bit


64 bit

      පරිගණකයේ මෙහෙයුම් පද්ධතියට අදාලව ඒ කියන්නේ 64 ද 32 ද කියන එක බලලම බාගත කරගන්න. ඊලගට පහල රූපයේ ආකාරයෙන් Jelly Bean Skin Pack එක විවෘත කරගන්න පුලුවන්. මෙතනදි Babylon toolbar එක් ස්ථාපිත කරන්නද  කියලා අහනවා. මගේ පුද්ගලික අත්දැකීම නම් මේ ටූල් බාර් හරිම වදයක්. ඉතින් කැමති නම් ඒ ටික් දාල අකමැති නම් ඒවා නොදා Next කරන්න. 


      එය ස්ථාපිත කර ගැනීම් ඉතාමත් පහසු කාර්යයක්.. ඊලගට UXTheme Patch, Files සහ Extras කියන සියල්ලම් ටික් කර Install කරගන්න.


      අවසානයෙ පරිගණකය Reboot කිරීමෙන් පසුව පහල රූපයේ ආකාරයෙන් වින්ඩෝස් බූට් ස්ක්‍රීන් එක ඇන්ඩ්‍රොයිඩ් බූට් ස්ක්‍රීන් එකක් බවට පත් වෙනවා.



      ලොගින් ස්ක්‍රීන් එක සම්පූර්ණයෙන්ම  Android Jelly Bean මෙහෙයුම් පද්දතියේ ආකාරයෙන්ම වෙනස් වෙනවා... ඩෙක්ස්ටොප් එකට පිවිසි පසුවත් සියල්ල වෙනස් වී ඇති ආකාරය පහළ රූපයෙන් බලාගන්න පුලුවන්... අමතර වශයෙන් Analog Clock widget, Digital Clock සහ Weather Forecast, Volume changer, කියන ඩෙක්ස්ටොප් ගැජට් වගේම Google search bar සහ සියලුම shortcuts taskbar එක මත පහළ රූපයේ ආකාරයෙන් දකින්න ලැබේවි.



     එහෙනම් ඉතින් ඔබත් මේ අලංකාර ස්කින් පැක් එකකින් පරිගණකය සරසා ගන්නට ඇති. මේක එපා නම් කොන්ට්‍රෝල් පැනල් එකෙන් මේ පැක් එක ඉවත් කරගැනීමේ හැකියාවත් ඔබට තිබෙනවා..
 
      එහෙනම් මම හිතනවා මේ පෝස්ට් එක ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා... මේක ඔයාලට ප්‍රයෝජනයක් වුණා නම් කමෙන්ට් එකක් එහෙම දාලා අපගේ මෙම්බර් කෙනෙක් වෙන්න. ඔයාලගෙ ප්‍රතිචාර මත තමයි තව එක එක දේවල් ඔයාලට දෙන්න හිතෙන්නෙ. එහෙනම් ආයෙත් වැදගත් දෙයක් එක්ක හමුවෙමු...

 



2 comments:

  1. Page not found
    We're sorry, but we can't find the page that you're looking for. Perhaps searching will help.

    ReplyDelete
    Replies
    1. Thanks for inform.
      links now active for you to use. (:

      Delete

ලිපිය සම්බන්ධයෙන් ඇති ඔබේ අදහස්, ගැටලු ආදිය විමසීමට මෙය භාවිතා කරන්න. අනවශ්‍ය ලෙස Backlinks යෙදූ ප්‍රතිචාර ඉවත් කෙරෙනු ලැබේ..