Feb 27, 2013

ඔයාගේ ඇන්ඩ්‍රොයිඩ් දුරකථනයට සිංහල යතුරු පුවරුව මෙන්න..!

      කොහොමද අපේ සාමාජික මිතුරු මිතුරියන්ට... අධික කාර්යය බහුලත්වය නිසා පසුගිය දින දෙකේදී ලිපියක් හෝ පලකිරීමට නොහැකි වීම පිළබදව ප්‍රථමයෙන්ම කණගාටුව ප්‍රකාශ කරනවා.. ඉදිරියේදී සුවිශේෂි කටයුත්තක් කිරීමට සූදානමක් පවතිනවා.. ඒ කුමක්ද කියා ළගදීම දැනගන්නටත් ලැබේවි.. ඉතින් අපගේ සාමාජික පාඨකයින් අප වෙත විශාග ගැටලු ප්‍රමාණයකුත් යොමු කරලා තිබුණා.. ඒවාට මුලින් දැනුම් දුන් පරිදි ඉතා ඉක්මණින් පිළිතුරු ලැබෙන පරිදි ලිපි යාවත්කාලීන කිරීම සිදුකිරීමට බලාපොරොත්තු වෙනවා.. යමක් කියන්නට තියෙනවා.. ගොඩක් ගැටලු වලින් අසා තිබුනේ සාරාංශයක් වශයෙන් ගතහොත් කොහොමද මෘදුකාංගයක් නිවැරදිව ක්‍රැක් කරගන්නේ යන්නයි. ඉතින් ඒ නිසාම ඒ පිළිබද සවිස්තරාමක ලිපියක් ලබාදීමටත් ඉදිරියේදී කටයුතු කරනවා.. ඉතින් අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ ඔයාගේ ඇන්ඩ්‍රොයිඩ් දුරකථනයට සිංහල යතුරු පුවරුවක් ලබාගන්නා ආකාරය පිළිබදවත් එය භාවිතා කරන අන්දමත් පිළිබදවයි.



      හොදයි, එහෙනම් ඔබත් මෙම පියවරයන් අනුගසනය කරමින් ඔයාගේ ඇන්ඩ්‍රොය්ඩ් දුරකථනයට සිංහල යතුරු පුවරුව ලබාගන්න.

විශේෂ ලක්ෂණ
  • රූට්කළ දුරකථනයක්ම විය යුතු නැත. 
  • Android Tab සඳහාද භාවිතා කිරීමේ හැකියාව. 
  • අවශ්‍ය සෑමවිටකම පහසුවෙන් සිංහල හා ඉංග්‍රීසි යතුරු පුවරුවන් මාරු කිරීමේ හැකියාව.
  • අකුරු ඇතුළත් කළ හැකි ඕනෑම ස්ථානයකක් සදහා ක්‍රියාකිරීම.
  • සිංහල ෆොන්ට් නොමැත් දුරකථන වලත් ගැටලුවකින් තොරව සිංහල අකුරු දර්ශනය වීම.
  • 190KB ක් වැනි කුඩා වැඩසටහනක් වීම.
1. මෙතන ක්ලික් කර යතුරු පුවරුව දුරකථනයට ලබාගන්න. ඔබගේ ඇන්ඩ්‍රොයිඩ් දුරකථනයේ Android Market වෙත ලබාදුන් විද්‍යුත් ලිපිනය භාවිතාකරන්න. එසැනින් එය ඔබගේ දුරකථනයට බාගතවනු ඇත..


2. දැන් ඔබ කළ යුත්තේ Settings > Language & Keyboard වෙත ගොස් Helakuru යන්න තේරීමයි




3. අකුරු ලිවිය යුතු තැනට ගොස්  long press කර Input Method තෝරා ඉන්පසු Helakuru තෝරන්න.




4. දැන් ප්‍රධාන වශයෙන් සිදුකළ යුතු ක්‍රියාවන් සිදුකර අවසන්.. දැන් ඔබට සිංහල ටයිප් කළ යුතු ස්ථානයට ගොස් රූපයේ පරිදි සිංහල යතුරු පුවරුව භාවිතාකල හැකිය.




      පහත දැක්වෙන්නේ එහි උපකාරක අවස්ථාවකි. එය ලබාගැනීමට ඉහත රූපයේ රතු සළකුණෙන් දිස්වන තැන ටච් කළ යුතුවේ..



      
      දැන් ඔබ සාර්ථකව ඔබගේ ඇන්ඩ්‍රොයිඩ් දුරකථනයට සිංහල යතුරු පුවරුව ලබාගෙන අවසන්.. මෙම යතුරු පුවරුව භාවිතයෙන් ඕනෑම තැනක සිංහල අකුරු භාවිතාකිරීමේ හැකියාව ඔබට ලැබේ.


Keywords : Sinhala keyboard for android, Helakuru, free, download, Androi, හෙළකුරු, සිංහලෙන්, අකුරු ගහන්න, ලියන්න, යතුරුපුවරුව, සිංහල fonts ස්ථාපනය, ශබ්දානුකූල, Android Market

      එහෙනම් මම හිතනවා මේ පෝස්ට් එක ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා... මේක ඔයාලට ප්‍රයෝජනයක් වුණා නම් කමෙන්ට් එකක් එහෙම දාලා අපගේ මෙම්බර් කෙනෙක් වෙන්න. ඔයාලගෙ ප්‍රතිචාර මත තමයි තව එක එක දේවල් ඔයාලට දෙන්න හිතෙන්නෙ. එහෙනම් ආයෙත් වැදගත් දෙයක් එක්ක හමුවෙමු...
 

2 comments:

ලිපිය සම්බන්ධයෙන් ඇති ඔබේ අදහස්, ගැටලු ආදිය විමසීමට මෙය භාවිතා කරන්න. අනවශ්‍ය ලෙස Backlinks යෙදූ ප්‍රතිචාර ඉවත් කෙරෙනු ලැබේ..