Jan 17, 2013

IP එක Hide කරලා වෙන රටකින් Log වෙන්න කැමතිද?

       ඔන්න අද මම විශේෂ මෘදුකාංගයක් දෙන්න හිතුවා.. ඔයාලා අන්තර්ජාලයේ සැරිසරන කොට ඔයාලා එක එක වෙබ් අඩවිවලට ගමන් කරනවා. ඉතින් මේ වෙබ් අඩවිවලට පුලුවන් ඔයා මොන රටෙන්ද මේ වෙබ් අඩවියට ආවේ කියලා සොයා දැනගන්න. ඒ කියන්නෙ ඔයා මේ මොහොතෙ ඉන්නෙ කොතනද කියලා හොයා ගන්න. තව ඔයා භාවිතා කරන අන්තර්ජාල සම්බන්දතාවය මොකක්ද කියන එක පවා හොයාගන්න පුලුවන්. මේ හැමදෙයක්ම IP ලිපිනය මගින් තමයි ඔවුනට දැනගන්න පුලුවන් වෙන්නේ... ඉතින් මේ
IP ලිපිනය වෙනස් කරගත්තොත් ඔයාට ගොඩක් දේවල් කරන්න පුලුවන් වෙනවා.. සමහර වෙබ් අඩවි තියනවා ඒවට ලංකාවෙන් ඉන්ටර්නෙට් එකට පිවිසෙන පුද්ගලයන්ට යන්න බෑ. බ්ලොක් කරලා තියෙන්නෙ. youtube එකේ තියෙන සමහර වීඩියො පවා ලංකාවේ අපිට බලන්න බෑ. උදාහරනයක් විදියට  මෙන්න මේ විඩියො එක බලන්න යන්න පොඩ්ඩක්. ඕක බලන්න ගියාම "Shakira - Loca ft. Dizzee Rascal" This video contains content from Vevo, who has blocked it in your country on copyright grounds කියලා වැටෙනවා.. හැබැයි මම අද දෙන මේ මෘදුකාංගය මගින් ඒ හැම බාධාවක්ම මගහැර අන්තර්ජාලයේ රිසි සේ සැරිසරන්න පුලුවන්...  ගොඩක් අය IP ලිපිනය Hide කරන එක ගොඩක් අය දන්න දෙයක් නේ... ඉතින් ඒ ගැන වැඩිය කතාකරන්න හිතුවේ නැහැ මම...  මෘදුකාංගය බාගත කරගෙන බලන්නකෝ..




වැදගත්: මෙය Trial Version එකක් නොවේ. මෙය Activate කිරිම සඳහා Patcher.exe එක මෙම ගොනුව තුල අඩංගු කර ඇත. ඔබ Antivirus මෘදුකාංගයක් බාවිතා කරන්නේ නම් මෙම ගොනුව Download කිරීමේදි හෝ Install කිරිමට යාමේදි virus ඇති බව පෙන්වයි නම් මදකට Antivirus මෘදුකාංගය Disable කර මෙය Install කර ගන්න. Patcher.exe යනු virus එකක් නොවන බව සලකන්න. ගැටලුවක් මතු වුවහොත් Comment කරන්න.




      එහෙනම් මම හිතනවා මේ පෝස්ට් එක ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා... මේක ඔයාලට ප්‍රයෝජනයක් වුණා නම් කමෙන්ට් එකක් එහෙම දාලා මගේ බ්ලොග් එකේ මෙම්බර් කෙනෙක් වෙන්න. ඔයාලගෙ ප්‍රතිචාර මත තමයි තව එක එක දේවල් ඔයාලට දෙන්න හිතෙන්නෙ. එහෙනම් ආයෙත් වැදගත් දෙයක් එක්ක හමුවෙමු...

 




2 comments:

  1. machan meka patch wen nane.......plz help me,can not access the file kyla enawa....

    ReplyDelete

ලිපිය සම්බන්ධයෙන් ඇති ඔබේ අදහස්, ගැටලු ආදිය විමසීමට මෙය භාවිතා කරන්න. අනවශ්‍ය ලෙස Backlinks යෙදූ ප්‍රතිචාර ඉවත් කෙරෙනු ලැබේ..