Jan 21, 2013

Torrent Files IDM එකෙන් Download කරන්නේ මෙහෙමයි!

      අන්තර්ජාලය තුල අපි ගොඩක් අය මිළදීගන්න වෙන මෘදුකාංග, පරිගණක ක්‍රීඩා ආදී දේවල් නොමිලයේ ලබාගන්න වෙබ් අඩවි මොනවද කියලා ඇහුවොත් හැමෝගෙම පිලිතුර Torrent වෙබ් අඩවි කියන එක. ඉතින් මේ Torrent අඩවි ගනනාවක්ම අද වෙනකොට දකින්නට පුලුවන්... ඒ වගේම මේ Torrent අඩවිවලින් අපිට ඕනේ කරන ගොනු බාගත කරගන්නට අපට කුඩා මෘදුකාංගයන් කීපයක්ම ලබාගන්න තියනවා.. ඒවා අතර utorrent, bittorrent වැනි මෘදුකාංග ප්‍රමුඛස්ථානයක් ගන්නවා.. ඒ වගේම අන්තර්ජාල බාගත කිරීම් වෙනුවෙන් බාවිතා කරන තවත් මෘදුකාංගයක් තමයි IDM එහෙම නැත්නම් Internet Download Manager කියන්නෙ..



       ඉතින් Torrent ගොනුවක් බාගත කරගන්න නම් Torrent බාගතකිරීටම් මෘදුකාංගයක් භාවිතාකරන්නට වෙනවා.. එහෙත් එම මෘදුකාංග මගින් ඒවා බාගතකරගැනීමට යන කාලය තරමක් වැඩියි. ඒ නිසා බොහොමයක් දෙනා බාගත කිරීම්වලට භාවිතා කරන IDM  හරහා Torrent ගොනු බාගත කරන්නේ කොහොමද කියලා...

       ඉතින් මේ දේ කරන්න ඔයාලගේ පරිගණකයේ IDM ස්ථාපනය කරලා තියෙන්න ඕනේ. IDM නැතිනම් පහල ලින්ක් එකෙන් IDM බාගත කරගන්න.


    
දැන් පහළ දීලා තියෙන පියවර නිවැරදිව අනුගමනය කරන්න.

  • ඔයාට බාගතකරගැනීමට අවශ්‍ය Torrent ගොණුව බාගත කරගන්න. 

  • මේ වෙබ් අඩවියට ගිහින් Upload .torrent file කියන තැනින් අපි කලින් බාගත කරගත් Torrent ගොණුව ලබා දෙන්න. ඊලගට Go අයිකනය ක්ලික් කරන්න.

  • ඊලගට අපිට ලැබෙන පිටුවේ මේ සේවාව ලබා ගන්නා ආකාරය විදියට free කියන එක තෝරන්න. එහිදී අපි ලබාදුන් Torrent ගොණුව හදුනාගෙන එය zip ගොණුවක් ආකාරයෙන් සකසනවා. ඉතින් Caching Complete කියලා වැටුනට පස්සේ රතුපාටින් දක්වලා තියන .zip කියන ස්තානයේ ක්ලික් කරන්න. 
 
  • ඉතින් මේ ක්ලික් කරනවාත් සමග IDM මෘදුකාංගය ක්‍රියාත්මක වී මේ zip ගොනුව බාගත කරනවා. මේ ආකාරයට දැන් ඔබටත් ඉතාමත් පහසුවෙන්  torrent ගොනුවක් IDM හරහා බාගත කරගැනීමේ හැකියාව තියනවා...


 

      එහෙනම් මම හිතනවා මේ පෝස්ට් එක ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා... මේක ඔයාලට ප්‍රයෝජනයක් වුණා නම් කමෙන්ට් එකක් එහෙම දාලා අපගේ මෙම්බර් කෙනෙක් වෙන්න. ඔයාලගෙ ප්‍රතිචාර මත තමයි තව එක එක දේවල් ඔයාලට දෙන්න හිතෙන්නෙ. එහෙනම් ආයෙත් වැදගත් දෙයක් එක්ක හමුවෙමු...

 



0 ක් ප්‍රතිචාර ලැබී ඇත.:

Post a Comment

ලිපිය සම්බන්ධයෙන් ඇති ඔබේ අදහස්, ගැටලු ආදිය විමසීමට මෙය භාවිතා කරන්න. අනවශ්‍ය ලෙස Backlinks යෙදූ ප්‍රතිචාර ඉවත් කෙරෙනු ලැබේ..