Jan 9, 2013

ඔයාටම කියලා 3D Film Hall හදාගන්නේ මෙහෙමයි...!

      ඔන්න මම අද විශේෂ දෙයක් ගැන තමයි ඔයාලව දැනුවත් කරන්න හිතුවේ.. දැන් කාලයේ වැඩියෙන්ම කතාවෙන දෙයක් කිව්වත් මේක වැරදි නැහැ... හොදයි මම ලිපියට  ආරම්භයක් දෙන්නම් මේ විදිහට... 3D එහෙමත් නැතිනම් ත්‍රිමාණකරණය ගැන අපි කවුරුත් දන්නවා... අපි යමක් දෙස දෑසින් බලන විට අපිට එම වස්තුවෙහි උස, පළල වගේම ගැඹුරත් දිස්වෙනවා.... එය මිනිස් ඇසෙහි සුවිශේෂී ලක්ෂණයක්... පක්ෂීන්ට මෙම හැකියාව නැහැ... ඔවුන් දකින්නේ 2D හෙවත් ද්විමාණ දසුන්... මක් නිසාද යත් ඔවුන්ගේ ඇස් පිහිටා ඇත්තේ දෙපසකට බැවිනි... එහෙත් අප දකින සෑම දසුනක්ම 3D කියලා කියන්නට බැහැ... උදාහරණයක් ගත්තොත් ඔයාගේ පරිගණකයෙන් වීඩියෝවක් ධාවනය වීමට සැළැස්සුවහොත් සාමාන්‍ය මොනිටර් එකක් මගින් දකින දසුන්වල අපට පෙනෙනුයේ දසුනට අදාළ වස්තූන්හි උසත් පළලත් පමණි. ඔබට එහි කිසිදිනක ගැඹුරක් හෝ ඉස්මතු වී පෙනීමක් දක්නට ලැබෙන්නේ නැහැ... පහත ඇති රූපය දෙස බලන්න.
      ඔබට මෙම රූපයෙන් දිස්වන්නේ ඝනකාභයක්... ඇත්තටම එහි ඔබට පෙනෙන්නේ උසක් හා පළලක් පමණයි... එය ත්‍රිමාණ වස්තුවක් ලෙස ඔබට පෙනීමට නම් එයට උසට හා පළලට අමතරව ගැඹුරක් / ඉස්මතු වී පෙනීමක් අවශ්‍යයි.. ඉහත රූපයේ වර්ණ රටා වෙනස් කළ පමණින් එහි ත්‍රිමාණ දසුනක් මැවීමට හැකියාවක් නැහැ... එහෙත් එම වර්ණ රටා වෙනස් කිරීම මගින් හැඩතලයට අදාළ ත්‍රිමාණ ස්වරූපයක් කෙබදු ආකාරයක් විය හැකි දැයි අපට අවබෝධයක් ලබාගැනීමට අපට ප්‍රමාණවත් වෙනවා... එහෙත් එය තවමත් අපට දිස්වන්නේ ද්විමාණ වස්තුවක් ආකාරයෙන්... ඉතින් මම අද කියලා දෙන්නේ ඔයාගේ පරිගණකයෙන් ත්‍රිමාණව ලෝකය දකින්න පුලුවන් ආකාරයක් ගැනයි... 




      3D ගැන කතාකරද්දී වැදගත්ම දෙයක් තමයි 3D is The Next Generation of The Cinema කියන්නේ... ඉතින් දැන් නිකුත් කරන ගොඩක් movies 3D තාක්ෂණයට අනුකූලව නිර්මාණය කරලා තියෙන්නේ.. වරදවා වටහා ගන්න එපා 3D movies කියද්දී ඒවා 3D Animation පමණක් ඇතුළත් ඒවා කියලා.. මෙහිදී අපි කතාකරන්නේ එළෙස ඇතුළත් කළ දර්ශනද අපට අප ඉදිරියේ ඇති වස්තූන් ලෙස පෙනෙන ආකාරයෙන් නිර්මාණය කළ 3D movies පිළිබදවයි. ලංකාවේදි නම් ඔබට 3D movie එකක අත්දැකීමක් ලැබීමට අවශ්‍ය නම්
Majestic City – 3D Superior Savoy 3D සිනමාහළ වෙත යායුතුයි, නැතිනම් 3D Television මිළදීගැනීමක් සිදුකළ හැකියි... නමුත් වෙනත් ක්‍රමයක් ද මේ සදහා තියනවා... අඩු වියදමින් ඔයාටම කියලා 3D Film Hall හදාගන්නවා කියලා කිව්වත් වරදක් නෑ.. හොදයි දැන් අපි කොහොමද මේක කරන්නේ කියලා බලමු.

      3D movie එකක් බලන්න නම් මූලිකවම 3D Player එකක්3D movie එකක්3D glass එකක් (Red & Cyan) අවශ්‍ය වෙනවා. 3D glass එකක් නැත්නම් අපට 3D glass එකක් හදාගන්න පුලුවන්...

සම්පූර්ණ කාර්යය සදහා අවශ්‍ය උපකරණ හා මෘදුකාංග

*. සාමාන්‍ය movie එකක් 3D movie කරගන්න අවශ්‍ය මෘදුකාංගයක්
*. පරිගණකයක්
*. සුදු බ්‍රිස්ටල් බෝඩ් එකක් 
*. රතු සෙලෝපේන් කෑල්ලක්
*. නිල් සෙලෝපේන් කෑල්ලක් 
*. ගම්
*. කතුරක්

හොදයි... අපි දැන් මුලින්ම බලමු 3D glass එන හදාගන්නේ කොහොමද කියලා...



1. මුලින්ම උඩ තියන පින්තූරයේ ආකාරයට බ්‍රිස්ටල් බෝඩ් එකෙන් හැඩතල ටික කපාගන්න.


2. දැන් උඩ තියන පින්තූරයේ ආකාරයට සෙලෝපේන් කොල දෙක ඇතුල් පැත්තෙන් අලවාගන්න. (වම් ඇසට අදාළ කොටසට රතුපැහැ සෙලෝපේන් කොළය ඇළවීම සිදුකළ යුතුය )




3. දැන් උඩ තියන පින්තූරයේ ආකාරයට කොටස් කිහිපය තබාගෙන Glue here ස්ථාන අලවා ගැනීම සිදුකළ යුතුය.




      සියල්ල නිවැරදිව සිදු කළ පසු ඉහත රූපයේ ආකාරයෙන් අප නිර්මාණය කරගත් 3D glass එක දිස්වෙනවා... හොදයි ඔබ දැන් සාර්ථක ලෙස වැදගත්ම කොටස සිදුකර අවසන්... මීළගට ඇත්තේ 3D movies සම්බන්ධ කොටසයි... මෙහිදී විශේෂයෙන් කිවයුත්තක් වන්නේ ඔබට බොහෝවිට 3D movies අන්තර්ජාලයෙන් සොයාගැනීමට පහසු නැතිවීමයි... සොයාගත්තත් ඔබට අවශ්‍ය 3D movie එක ඉහළ GB අගයක් ගන්නවා... සාමානයෙන් 8GB පමණ... ඉතින් ඒකටත් විසදුමක් තියනවා...

 

      මුලින්ම ඔයාට අවශ්‍ය movie එක download කරගන්න. දැන් සාමාන්‍ය movie එකක් 3D movie කරගන්න අවශ්‍ය මෘදුකාංගයක් වන Xilisoft 3D Video Converter  මෘදුකාංගය download කර install කරගන්න.

      දැන් ඔයාට අවශ්‍ය movie එක ඉහත මෘදුකාංගය භාවිතා කර 3D කරගැනීමක් සිදුකළ යුතුය. ඉතා පහසු කටයුත්තක් බැවින් ඒ පිළිබදව වැඩිදුර පැහැදිළි කරදීම අවශ්‍ය නොවේ.. 2D to 3D කරගැනීම පමණි කළ යුත්තේ... ඔබ අදාළ එක ඉහත මෘදුකාංගය භාවිතා කර 3D කරගත් පසු අපගේ මෙම සමස්ථ කාර්යයෙන් 99% ක්ම අවසන්... දැන් ඔබ කළ යුත්තේ අදාළ movie එක KMPlayer එක මගින් Play කර නැරඹීමයි. මෙහිදී විශේෂයෙන් කිව යුත්තක් තිබෙනවා... එනම් KMPlayer එකෙහි නව සංස්කරණයෙහිදීද Play වන අතරතුරේදීම 3D කිරීමේ හැකියාව පවතින බව... නමුත් එහිදී එම කාර්යය හරි හැටි සිදු නොවන බැවින් දැන් සාමාන්‍ය movie එකක් 3D movie කරගන්න අවශ්‍ය මෘදුකාංගයක් වන Xilisoft 3D Video Converter  මෘදුකාංගය මගින් ඔබට අදාළ movie එක 3D කිරීමට සිදුවනවාමයි... පසුව එය  KMPlayer එකහි 3D icon එක ක්ලික් කර Original image bt side by side ලෙස සකසා Play කළ යුතුය.


      දැන් ඔබගේ පුංචි 3D Film Hall එකේ කටයුතු සියල්ල සිදුකර අවසන්... දැන් ඔබ නිර්මාණය කරගත් 3D glass එක පළදගෙන 3D movie එකක අත්දැකීම ලබන්න... වඩාත් තාත්වික දසුන් නැරඹීමට නම් ඔබගේ පරිගණක තිරයේ ප්‍රමාණයෙන් විශාල එකක් විය යුතුය.

      එහෙනම් මම හිතනවා මේ පෝස්ට් එක ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා... මේක ඔයාලට ප්‍රයෝජනයක් වුණා නම් කමෙන්ට් එකක් එහෙම දාලා මගේ බ්ලොග් එකේ මෙම්බර් කෙනෙක් වෙන්න. ඔයාලගෙ ප්‍රතිචාර මත තමයි තව එක එක දේවල් ඔයාලට දෙන්න හිතෙන්නෙ. එහෙනම් ආයෙත් වැදගත් දෙයක් එක්ක හමුවෙමු...

 

5 comments:

  1. aiyoooo bro mama haduwa ath mat penne nane

    ReplyDelete
    Replies
    1. Wam peththata Red colour eka use karanna. Neththan penne ne...

      Delete
  2. bradah ane pls help me to make it mama haduwata penune na

    ReplyDelete
    Replies
    1. Wam peththata Red colour eka use karanna. Neththan penne ne...

      Delete
  3. ada newspaper 1n glass ekk dunna...oya ituru hriya kiyla dunna..dn api 3D blnwa..godk pin...

    ReplyDelete

ලිපිය සම්බන්ධයෙන් ඇති ඔබේ අදහස්, ගැටලු ආදිය විමසීමට මෙය භාවිතා කරන්න. අනවශ්‍ය ලෙස Backlinks යෙදූ ප්‍රතිචාර ඉවත් කෙරෙනු ලැබේ..