Jan 22, 2013

වදයක් නැතිව Driver හොයන්න ද ඕනේ? එහෙනම් මෙන්න මෘදුකාංගය.!!

       ඔබ දන්නවා ඔබේ පරිගණකයේ windows update කිරීම වගේම ඔබේ පරිගණකයේ ඇති දෘඩාංගවලට අදාළ Drivers update කිරීම වැදගත් දෙයක් කියලා. ඉතින් අපි අපේ පරිගණකයේ එක් එක් මාදිලිවලට අනුව Drivers හොයන්න යන එක අපිට එතඑම් පහසු දෙයක් නෙමෙයි. ඉතින් අද මම ඔයාලට අරගෙන ආවේ ඔබේ පරිගණකයේ Drivers බොහොම පහසුවෙන් update කරගන්න පුළුවන් මෘදුකාංගයක්. ඒ ඔයාල බොහෝ දෙනෙක් දන්න “Driver Genius Professional Edition” මෘදුකාංගය. Driver Genius මෘදුකාංගයෙහි නවතම සංසරණය තමයි “Driver Genius Professional Edition 11″. මම අද ඔයාලට Download කරගන්න දීලා තියෙන්නේ Driver Genius Professional Edition නවතම සංස්කරණයයි.



ඉතින් මේ මෘදුකාංගය පිලිබදව දන්නා නොදන්නා හැම කෙනෙකුටම මෙය වැදගත් වේ යැයි මම හිතනවා. පහල තියෙන Download Button එක මත ක්ලික් කිරීමෙන් ඔබට පුළුවන් පහසුවෙන් ඔබේ පරිගණකයට බාගත කරගන්න. එය ක්‍රැක් කිරීම ඉතා පහසු කාර්යයක්. මේ සමග ක්‍රැක් ගොණුවද ඔබට බාගත කරගන්න පුලුවන්...


      එහෙනම් මම හිතනවා මේ පෝස්ට් එක ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා... මේක ඔයාලට ප්‍රයෝජනයක් වුණා නම් කමෙන්ට් එකක් එහෙම දාලා අපගේ මෙම්බර් කෙනෙක් වෙන්න. ඔයාලගෙ ප්‍රතිචාර මත තමයි තව එක එක දේවල් ඔයාලට දෙන්න හිතෙන්නෙ. එහෙනම් ආයෙත් වැදගත් දෙයක් එක්ක හමුවෙමු...

 



Jan 21, 2013

Torrent Files IDM එකෙන් Download කරන්නේ මෙහෙමයි!

      අන්තර්ජාලය තුල අපි ගොඩක් අය මිළදීගන්න වෙන මෘදුකාංග, පරිගණක ක්‍රීඩා ආදී දේවල් නොමිලයේ ලබාගන්න වෙබ් අඩවි මොනවද කියලා ඇහුවොත් හැමෝගෙම පිලිතුර Torrent වෙබ් අඩවි කියන එක. ඉතින් මේ Torrent අඩවි ගනනාවක්ම අද වෙනකොට දකින්නට පුලුවන්... ඒ වගේම මේ Torrent අඩවිවලින් අපිට ඕනේ කරන ගොනු බාගත කරගන්නට අපට කුඩා මෘදුකාංගයන් කීපයක්ම ලබාගන්න තියනවා.. ඒවා අතර utorrent, bittorrent වැනි මෘදුකාංග ප්‍රමුඛස්ථානයක් ගන්නවා.. ඒ වගේම අන්තර්ජාල බාගත කිරීම් වෙනුවෙන් බාවිතා කරන තවත් මෘදුකාංගයක් තමයි IDM එහෙම නැත්නම් Internet Download Manager කියන්නෙ..



       ඉතින් Torrent ගොනුවක් බාගත කරගන්න නම් Torrent බාගතකිරීටම් මෘදුකාංගයක් භාවිතාකරන්නට වෙනවා.. එහෙත් එම මෘදුකාංග මගින් ඒවා බාගතකරගැනීමට යන කාලය තරමක් වැඩියි. ඒ නිසා බොහොමයක් දෙනා බාගත කිරීම්වලට භාවිතා කරන IDM  හරහා Torrent ගොනු බාගත කරන්නේ කොහොමද කියලා...

       ඉතින් මේ දේ කරන්න ඔයාලගේ පරිගණකයේ IDM ස්ථාපනය කරලා තියෙන්න ඕනේ. IDM නැතිනම් පහල ලින්ක් එකෙන් IDM බාගත කරගන්න.


    
දැන් පහළ දීලා තියෙන පියවර නිවැරදිව අනුගමනය කරන්න.

  • ඔයාට බාගතකරගැනීමට අවශ්‍ය Torrent ගොණුව බාගත කරගන්න. 

  • මේ වෙබ් අඩවියට ගිහින් Upload .torrent file කියන තැනින් අපි කලින් බාගත කරගත් Torrent ගොණුව ලබා දෙන්න. ඊලගට Go අයිකනය ක්ලික් කරන්න.

  • ඊලගට අපිට ලැබෙන පිටුවේ මේ සේවාව ලබා ගන්නා ආකාරය විදියට free කියන එක තෝරන්න. එහිදී අපි ලබාදුන් Torrent ගොණුව හදුනාගෙන එය zip ගොණුවක් ආකාරයෙන් සකසනවා. ඉතින් Caching Complete කියලා වැටුනට පස්සේ රතුපාටින් දක්වලා තියන .zip කියන ස්තානයේ ක්ලික් කරන්න. 
 
  • ඉතින් මේ ක්ලික් කරනවාත් සමග IDM මෘදුකාංගය ක්‍රියාත්මක වී මේ zip ගොනුව බාගත කරනවා. මේ ආකාරයට දැන් ඔබටත් ඉතාමත් පහසුවෙන්  torrent ගොනුවක් IDM හරහා බාගත කරගැනීමේ හැකියාව තියනවා...


 

      එහෙනම් මම හිතනවා මේ පෝස්ට් එක ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා... මේක ඔයාලට ප්‍රයෝජනයක් වුණා නම් කමෙන්ට් එකක් එහෙම දාලා අපගේ මෙම්බර් කෙනෙක් වෙන්න. ඔයාලගෙ ප්‍රතිචාර මත තමයි තව එක එක දේවල් ඔයාලට දෙන්න හිතෙන්නෙ. එහෙනම් ආයෙත් වැදගත් දෙයක් එක්ක හමුවෙමු...

 



ජනේල 7 ද ජනේල 8 ද? ඕන ජනේලයක් ඇක්ටිවේට් කරගන්නේ මෙහෙමයි!

       සුභ දවසක් සියලු දෙනාටම. ගොඩක් අය අවධානය යොමුකරන දෙයක් ගැන තමයි මම අද කතාකරන්න හිතුවේ... මේ ලිපිය ගොඩක් අයට වැදගත් වෙයි කියල මම හිතනවා. මම අද කියල දෙන්න යන්නේ අපි අපේ පරිගනකයට ඇතුළු කරගන්නා Windows 7Windows 8 මෙහෙයුම් මෘදුකාංග කල් ඉකුත් වී ඇත්නම් එය activate කරගන්නා ආකාරය හා අපගේ මෙහෙයුම් මෘදුකාංගය සත්‍ය පිටපතක් බවට පත්කරගන්නා ආකාරයයි. 

මුලින්ම මම activate කරගන්නා ආකාරය ගැන සදහන් කරන්නම්... මා මෙහිදී ලබා දෙන මෘදුකාංගය මගින් Windows 7 වල Ultimate, Professional, Enterprise, Starter, Basic, Home ආදී සියලුම Windows 7 versions activate කරගැනීමට හැකිය. මම මෙහිදී මේ සඳහා Windows 7 Loader eXtreme Edition එක භාවිතා කරනවා. එම මෘදුකාංගය ඔයාලට ලිපිය අවසානයේ දී ඇති ලින්ක් එක මගින් download කරගැනීමට පුලුවන්.


      Windows 7 සත්‍ය නොවන පිටපතක් install කරගත් පසු My computer එක right click කර properties යාමෙන් පසු මෙවැනි තත්වයක් දැකගැනීමට හැකිය.








      අපි දින 30 ක කාලයක් තුළ මෙම පිටපත activate කරගැනීමට සිදුවනවා. එයින් පසු මෙම පිටපත කල් ඉකුත්වී යන අතර ඉන්පසු නිතරම warning massages පැමිණීම,  Desktop wallpaper එක ඉවත් වී කළු සහිත මුහුණුවරක් පැමිණීම, සමහර මෘදුකාංග ස්ථාපනය නොවීම වැනි සිදුවීම් දැකගත හැකිය. දැන් අපි මෙම තත්වය ඉවත් කරගන්නා ආකාරය විමසා බලමු.




Windows 7 ඇක්ටිවේට් කරගන්නා ආකාරය



      පළමුව ලිපියේ පහල ඇති ලිනක් එක මගින් Windows 7 Loader eXtreme Edition file එක download කරගන්න. පසුව එය යම් folder එකක් තුලට copy කරගෙන extract කිරීම සිදුකරගන්න. දැන් එම ස්ථානයේ "Windows 7 crack” ලෙස හා "Windows 7 Loader eXtreme Edition v3.503-NAPALUM~DiBYA” ලෙස folder දෙකක් ඇතිවී ඇති බව දිස්වේවි.


      දැන් එහි Windows 7 Loader eXtreme Edition v3.503-NAPALUM~DiBYA යන folder එක තුල ඇති w7lxe.exe එක ධාවනය කරගන්න. එහිදී මෙවැනි මුහුණක් ලැබේවි.



වැදගත් : ඔබ විසින් අදාල තේරීම් තත්පර 45 ක් ඇතුලත කල යුතු අතර එසේ නොමැති නම් ඔවුන් විසින් නියම කර ඇති තේරීම සිදු වනු ඇත. Activate නොකළ version එකක් නම් certificate යටතේ Activate යන්න ඉබේටම තේරෙනු ඇත.







දැන් ඔබ My computer එක right click කර properties යාමෙන් පසු මෙලෙස දැකගත හැකිවේ.




      දැන් ඔබගේ windows 7 version එක activate වී ඇත. මෙම ක්‍රියාදාමය පමණක් සැහෙන අතර අපගේ ඉදිරි වැඩකටයුතු සදහා අවශ්‍ය වන windows 7 loader එක ස්ථාපනය කරගනිමු. මේ සදහා ඔබ නැවතත් w7lxe.exe එක ධාවනය කර Loader යටතේ Activate යන්න තේරීමෙන් එය සිදුවේ. එහිදී  පරිණකය restart වීම සිදුවේ. පරිගනකය boot වීමේදී boot menu එකක් ලැබෙන අතර ඔබ එහි  Windows 7 Loader XE යන්න තෝරාගත යුතු වේ. දැන් ඔබට කිසිදු කරදරයකින් තොරව ඔබගේ Windows 7 version එක Update කරගැනීමට පවා හැක.





Windows 8 ඇක්ටිවේට් කරගන්නා ආකාරය


      පළමුව ලිපියේ පහල ඇති ලිනක් එක මගින් Genuine Activator For Windows ගොණුව download කරගන්න. පසුව එය යම් folder එකක් තුලට copy කරගෙන extract කිරීම සිදුකරගන්න. දැන් එම ස්ථානයේ Genuine Activator For Windows 8.exe දිස්වේවි. පහසුවෙන් දැන් එම මෘදුකාංගයේ ඇති Activate යන්න කිලික් කර Windows 8 Genuine කරගැනීමට පුලුවන්... මම මේ ලිපිය පළකරන්න හිතුවේ ගොඩක් අය ඉල්ලපු දෙයක් නිසයි. මේ ලිපිය ඔයාලට වැදගත් වුනානම් යාලුවන්ටත් අපි ගැන කියන්න. අපේ රටේ මෘදුකාංගවලට කැමති අයට අපේ අඩවියට ආවොත් ඒවා බාගතකරගන්න පුලුවන්... දැනට හදලා නිල වශයෙන් නිකුත්කළ අපගේ මෘදුකාංග දැන් ඔයාටත් නොමිලයේම මේ පිටුවෙන් ගන්න පුලුවන්...







 WINDOWS 7 සදහා                                    WINDOWS 8 සදහා

                                             
වැදගත් : සමහර අයට ජනේල 8 සදහා වූ ඇක්ටිවේට් මෘදුකාංගය හරි හැටි ක්‍රියාකළේ නැතිබව අපට දන්වා තිබුණා.. ඒ නිසා ඒ සදහා වෙනත් විශේෂ ඇක්ටිවේට් මෘදුකාංගයක් නැවත අප්ලෝඩ් කළා. පහත ලින්ක් එකෙන් එය බාගත කරගන්න.
නැතහොත්



      එහෙනම් මම හිතනවා මේ පෝස්ට් එක ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා... මේක ඔයාලට ප්‍රයෝජනයක් වුණා නම් කමෙන්ට් එකක් එහෙම දාලා අපගේ මෙම්බර් කෙනෙක් වෙන්න. ඔයාලගෙ ප්‍රතිචාර මත තමයි තව එක එක දේවල් ඔයාලට දෙන්න හිතෙන්නෙ. එහෙනම් ආයෙත් වැදගත් දෙයක් එක්ක හමුවෙමු...