Nov 1, 2013

දැන් ඔයාගේ පරිගණකයටත් වින්ඩෝස් 8 පෙනුමක්.....!!!

      කොහොමද යාළුවනේ... අද මම ඔයාලට ගොඩක් ආස හිතේවි කියලා හිතුනු දෙයක් තමයි දෙන්න අරගෙන ආවේ... අද මම ඔයාලට දෙන්නේ Windows 8 transformation pack එක... වින්ඩෝස් 8 කියන්නේ කළින් පැමිණි වින්ඩෝස් සංස්කරණවලට වඩා හාත්පසෙකින්ම වෙනස් මෙහෙයුම් පද්ධතියක් කියලා මම කළිනුත් කිව්වානේ.. ඉතින් මේ නව පෙනුමට අපේ ගොඩක් අය කැමැත්තක් දක්වනවා... ඉතින් අපගේ යාළුවෝ කුමන වින්ඩොස් සංස්කරණයක් භාවිතා කළත් දැන් ගැටලුවක් නෑ... මේ මෘදුකාංගය මගින් දැන් ඔයාගේ පරිගණකයටත් වින්ඩෝස් 8 පෙනුමක් ගන්න පුලුවන් වෙනවා... මෙම මෘදුකාංගය සාර්ථකව ක්‍රියා කරන්නේ වින්ඩෝස් XP, 7, Vista යන සංස්කරණ සමගයි...

      මෙම මෘදුකාංගය තුළ වින්ඩෝස් 8 හි ලක්ෂණ බොහොමයක් අඩංගු කර තිබෙනවා... ඒ වගේම කියන්නට ඕන දෙයක් තියෙනවා... මෙම මෘදුකාංගය ස්ථාපනය කළා කියා ඔයාගේ පරිගණකයේ කිසිදු මන්දගාමී තත්ත්වයක් ඇතිවන්නේ නැහැ... එය සාමාන්‍ය පරිදි වින්ඩෝස් 7, විස්ටා, XP ආකාරයෙන්ම ක්‍රියාකරනවා...




      මෙම නව Windows 8 transformation pack එක භාවිතය කිසිදු අනතුරක් සිදු වීමට බලනොපායි. එමෙන්ම මේ සමග නව තීම්ස්, වෝල් පේපර්ස්, ලොගින් ස්ක්‍රීන්, අයිකන්, සහ බොහෝ දේ අන්තර්ගත කර තිබෙනවා...
 

මෙහි ලක්ෂණ

§ Seamless installation and uninstallation giving users safe transformation.
§ Easily configurable in single click with intelligence Metro UI design.
§ Designed for all editions of Windows XP/Vista/7 including Server Editions.
§ Genuine Windows 8 system resources with Metro touches
§ Smart system files updating with auto-repair and Windows Update friendly.
§ Fresh start for Vista/Seven Transformation Pack users with updated Windows 8 themes and resources.
§ UxStyle memory patching
§ Windows 8 themes, wallpaper and logon screen.
§ UserTile with current user auto-configured on login.
§ Metro UI desktop emulation with pre-configured gadgets.
§ Aero’s auto-colorization feature


ස්ථාපනය කිරීමට තිබිය යුතු අවම සුදුසුකම්


§ .NET Framework 2.0 – Required for system files transformation in Windows XP/Server 2003 x64 Editions Only.
§ .NET Framework 4.0 – Required for Windows 8 features like User Tile/Metro UI Desktop/Auto-colorization.


වැදගත් : මෙම නව Windows 8 transformation pack එක ස්ථාපන යට පෙර ඔබගේ මෙහෙයුම් පද්ධතියේ සම්පූර්ණ බැකප් කරගැනීම වඩාත් වැදගත් වේ... මන්ද එවිට යම් අත්වැරදීමක් වුවහොත් කිසිදු ගැටලුවක් ඇති නොවන බැවිනි..

  
 

Search Keywords : Windows 8 theme pack for windows 7, Windows 8 theme for xp, windows 8 edition for windows 7 xp, windows 8 skin pack for windows 7 xp

      එහෙනම් මම හිතනවා මේ පෝස්ට් එක ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා... මේක ඔයාලට ප්‍රයෝජනයක් වුණා නම් කමෙන්ට් එකක් එහෙම දාලා අපගේ මෙම්බර් කෙනෙක් වෙන්න. ඔයාලගෙ ප්‍රතිචාර මත තමයි තව එක එක දේවල් ඔයාලට දෙන්න හිතෙන්නෙ. එහෙනම් ආයෙත් වැදගත් දෙයක් එක්ක හමුවෙමු...
 

විනාඩි 5න් හිසකෙස් වර්ණ ගන්වන්නේ මෙහෙමයි!

      අද මම ඔයාලට කියලා දෙන්න ආවේ පොටෝෂොප් මෘදුකාංගය ආශ්‍රයෙන් අපගේ ඕනෑම පින්තූරයක හිසකෙස් හි වර්ණය වෙනස් කරගන්න ආකාරය පිළිබදවයි. සිත්ගන්නා සුළු පෙනුමක් අවසානයේදී ලබාගත හැකි නිසාත්, ඉතා අඩු කාලයකින්, පහසුවෙන් සිදුකරගන්නට හැකි නිසාත් අද මම මාතෘකාව පිළිබදව ලිපියක් ලිවීමට තෝරාගත්තා. ෆීවර් පාඩම් මාළාවේ ලිපි පෙළ ඉදිරියේදී පළ කරන්නට හිතුවේ ලැබෙන ප්‍රතිචාර මතයි. වැඩි ප්‍රමාණයකගේ ඉල්ලීම මත පමණක් එම ලිපි පෙළ පළකිරීමට තීරණය කළා. මොකද ලිපියක් ලිවීමට දැන් ලැබෙන්නේ ඉතා සුළු කාලයක් පමණයි. ඉතින් එම ලිපියෙන් පාඨකයින් ප්‍රයෝජනයක් ගන්නා වග නොදැන ඒ සදහා කාලය අපතේ හැරීමට නොහැකි නිසා මෙම තීරණය ගත්තේ. ෆීවර් ලිපි මාළාව අවශ්‍ය අයෙක් වේ නම් අපව සම්බන්ධ කරගත හැකි ඕනෑම ආකාරයකට පණිවිඩයක් මගින් දැන්වීම් සිදුකළ හැකියි. හොදයි. අපි දැන් පාඩමට අවධානය යොමු කරමු. මේ සදහාද මම අලුතින් වීඩියෝවක් නිර්මාණය කළා. වඩාත් පහසුවෙන් කළ යුතු සියල්ල අවබෝධ කරගැනීමට එය ඉවහල් වේ යැයි සිතමි.



      හොදයි! එහෙනම් අදට මම ඔයාලගෙන් සමුගන්නවා. අපේ Youtube Channel එක Subscribe කරගන්න කියලා පොඩි ඉල්ලීමකුත් කරනවා. ඉදිරියටත් මේ වගේ වීඩියෝ ටියුටෝරියල් ලබා දෙන්නයි මම කල්පනා කළේ. ඒ ගැන ඔයාලගේ අදහස් වගේම වෙබ් අඩවිය සම්බන්ධව ඔයාලගේ අදහස් හා යෝජනා ඕනෑම ක්‍රමයකට අප වෙත ලැබීමට සැළැවීමට  පුලුවන්. එහෙනම් නැවතත් මේ වගේ තවත් ලිපියකින් හමුවෙමු!!


Oct 14, 2013

ඔබේ නමින් Facebook එකේ via Status දාන්නේ මෙහෙමයි!

      Sandriesoft අඩවියේ අපේ පාඨකයින්ට සුභ සැන්දෑවක් ප්‍රාර්ථනා කරනවා. දීර්ඝ කාලයකින් ඔයාලට ලිපියක් ලියන්න බැරි වුනා. අධික කාර්යබහුලත්වයෙන් කාලය ගෙවීගිය නිසයි අලුතින් කිසිම දෙයක් දෙන්නට බැරිවුනේ. ඉතින් අද ඉදන් Sandriesoft අඩවිය යළි යාවත්කාලීන කරමින් නැවත ලිපි පළකිරීමට මම සූදානම්. ෆීවර් පළමු ලිපියට හොද ප්‍රතිචාර ලැබී තිබුනා. ගොඩක් සතුටුයි. නමුත් එක දිගට ලිපි පෙළ පළකිරීමට නොහැකිවීවීම පිළිබද ඇතැමෙක්ට යම් අපහසුතාවයකට පත්වූවානම් කණගාටුව පළකරනවා. ෆීවර් පිළිබදව නව ලිපි පෙළ ළගදීම ඔයාලට දෙන්න බලාපොරොත්තු වෙනවා. හොදයි. දැන් අපි අද ලිපියට අවදානය යොමු කරමු.
 

          අද මම ඔයාලට කියලා දෙන්න හිතුවේ Facebook එකේ ඔබේ නමින් via Status දාන්නේ කොහොමද කියලා. ඇත්තටම මේක කෙටි පියවර කිහිපයකින් ඔයාලට සරළව කරගැනීමේ හැකියාව තියෙනවා. ඔයාලා මෙම පාඩම ඉගෙනගත්තාට පස්සේ ඔයාට කැමති Device එකකින් Status Update කරන්න පුලුවන් වෙනවා. උදාහරණයක් හැටියට via iPhone5, via Samsung Galaxy S4, via iPad වගේ අවශ්‍ය නම් තමා කැමති ඕනෑම නමකින් Status Update කිරීමේ හැකියාව ලැබෙනවා. හොදයි. දැන් අපි මේක කරන්නේ කොහොමද කියලා බලමු. මේ Tutorial එක සදහා මම Video නිර්මාණය කලා. පහත Video වේ අන්දමට ඔබත් මෙය අත්හදා බලන්න.
 

      හොදයි! එහෙනම් අදට මම ඔයාලගෙන් සමුගන්නවා. අපේ Youtube Channel එක Subscribe කරගන්න කියලා පොඩි ඉල්ලීමකුත් කරනවා. ඉදිරියටත් මේ වගේ වීඩියෝ ටියුටෝරියල් ලබා දෙන්නයි මම කල්පනා කළේ. ඒ ගැන ඔයාලගේ අදහස් වගේම වෙබ් අඩවිය සම්බන්ධව ඔයාලගේ අදහස් හා යෝජනා ඕනෑම ක්‍රමයකට අප වෙත ලැබීමට සැළැවීමට  පුලුවන්. එහෙනම් නැවතත් මේ වගේ තවත් ලිපියකින් හමුවෙමු!!

May 13, 2013

FIVERR ගැන දැනගනිමු - පළමු පාඩම

      ඔන්න යාළුවෝ කට්ටියට පොරොන්දු වූ පරිදිම අද ඉදන් මම ඔයාලට Fiverr පාඩම් පෙළ ඉදිරිපත් කරනවා.. බ්ලොග් එකට ලිපියක් ලිව්වේ කාලෙකට පස්සේ.. අලුතින් ලිපි පළ නොවෙන නිසා බ්ලොග් එකට එන යාළුවොත් ගොඩක් අඩුවෙලා... සමහර අය නම් දවසට එක සැරයක් හරි ඇවිත් ගිහින් හිටියා... ඒ හැමෝටම මුලින්ම ස්තූති කරන්න ඕන.. මොනවා වුනත් මම හැකි සෑම විටම බ්ලොගයට ලිපියක් දාන්නයි උත්සාහ කළේ, කරන්නෙත්.. ඒ අතරෙම අපේ යාළුවෝ ගොඩක් අය විවිධ ඉල්ලීමි කරලා තිබුණා. ඒ හැම එකකටම පිළිතුරක් ලබා දෙන්න කාලයක් තිබුනේ නැහැ... ඒත් එයාලගේ ඉල්ලීම් අහක දාන්නේ නෑ... අනිවාර්යෙන් එයාලා ඉල්ලන දේ මම හැකි උපරිමයෙන් ලබාදෙනවා.. සමහර කමෙන්ට්වලට රිප්ලයි නොකළාට තරහා වෙන්න එපා... අනිවාර්යෙන් ඒවාට අදාළ දේ මම ලිපි මගින් ඉදිරියේදී ලබා දෙනවා... හොදයි.. එහෙනම් අද ලිපියට අවදානය යොමු කරමු...




Fiverr..!! Fiverr කියන්නේ මොකක්ද?






      අන්තර්ජාලයෙන් මුදල් උපයන ක්‍රම කීපයක් ගැන ලිපි ලියුවත් අද ලියන ලිපියෙන් ඔයාලට කියන්න යන්නේ වඩාත් ප්‍රායෝගිකව මුදල් ඉපැයීමට හැකි වෙබ් අඩවියක් පිළිබදවයි. ඇත්තටම ෆයිවර් කිව්වම ලංකාවේ නොදන්න කෙනෙක් නැති තරම්... එක එක අය එක එක අර්ථකථනයන් මීට ලබා දෙනවා.. ඇත්තටම ෆයිවර් කියන්නේ මොකක්ද? Fiverr කියන්නේ පහට වැඩ කරදෙන වෙළදපොළ යන්නයි. කෙටියෙන් කියනවානම් අපට පුළුවන් වැඩක් කරලා දීලා $5 ක් ගන්න පුලුවන් වෙබ් අඩවියක්.. මෙවැනි අඩවි කීපයක්ම අන්තර්ජාලයේ දකින්නට පුලුවන්.. නමුත් ෆයිවර් මේ අඩවි අතරින් ඉදිරියෙන්ම සිටිනවා.. ලංකාවේ කෙතරම් මෙම අඩවිය ප්‍රචලිත ද කියනවා නම් මෙම අඩවියට වැඩිම රෑන්ක් එකක් ලබා දී තිබෙන්නේ ශ්‍රී ලංකාවෙන්.. හොදයි..!! ඉතින් ෆයිවර් කියන්නේ මොකක්ද කියලා අදහසක් ගන්න නම් මේ අඩවියට යන්නම ඕනේ.. ෆයිවර් නිල වෙබ් අඩවියට මෙතනින් පිවිසෙන්න.



      ගොඩක් දේවල් දකින්න ඇති කියලා හිතනවා.. ගොඩක් ප්‍රශ්න දැන් ඇති අහන්න. ඔවි ඒවා සියල්ලටම මෙම ෆයිවර් පාඩම් පෙළින් මම පිළිතුරු ලබාදෙනවා.. ඔයා හරියට මේකෙදි උනන්දුවෙන් වැඩ කළොත් ඔයාට ඇත්තටම ලක්ෂපතියෙක් වෙන්න පුළුවන්කම තියෙනවා... දැනටත් මේ අඩවිය හරහා ලංකාවේ ගොඩක් අය සාර්ථකව මුදල් ඉපැයීම සිදුකරනවා..  ඉතින් ඒ ගොඩට ඔයාවත් එකතුකරන අදහසින් තමයි මම මේ ලිපි පෙළ ලියන්නට හිතුවේ.. ඕනෑම දෙයක් සාර්ථක කරගැනීමට විවිධ රහස් තියෙනවා.. ඉතින් මේ ලිපිපෙළදී රහස් කීපයක්ම ඔයාලට කියලා දෙනවා.. හැබැයි තවත් දෙයක් කිව යුතුමයි.. රහස් කියන්නේ ප්‍රසිද්ධ කළ යුතු දේවල් නෙමෙයි.. එහෙම කියන්නේ ඒවා ප්‍රසිද්ධ වෙන්න වෙන්න ඒ රහස්වලින් දෙයක් වෙනවනම් ඒ දේ නොවෙන තැනට ඒවා පත් වෙනවා.. ෆයිවර්වල දියුණුවෙන්න රහස් ඕනෑ තරම් තියෙනවා.. වැදගත්ම දේ ඒවා ස්ව්‍යං අධ්‍යයනයෙන්ම අවබෝධ කරගැනීමයි. මේ සදහා මට දෙන්න පුලුවන් වටිනාම කියමන තමයි රාමුවකට කොටු නොවී හිතන්න පටන් ගන්න කියන එක. ඇත්තටම ඒක හිතේ තියාගෙන වැඩකරන්න පුරුදු වෙන්න. ඒක ෆයිවර්වලට විතරක් පොදු දෙයක් නෙවෙයි. අපි කරන කියන සෑම දෙයකටම ඒ ක්‍රමය පොදුයි. මේ කරුණු ඔළුවේ තියාගෙනම ෆයිවර්වල මුදල් ඉපැයීම සිදුකරන අන්දම දැන් බලමු..



Fiverr වලදී මුදල් හොයන්නේ කොහොමද?



      ෆයිවර්වලදී අපට යම්කිසි වැඩක් කරදී මුදලක් උපයාගන්න පුලුවන්.. ඉතින් අපි වැඩක් කරලා දෙන එක ගැන අපිට විස්තරයක් දාන්න ඕනනෙහ් අනික් අයට පෙනෙන්නට.. ඉතින් ෆයිවර්වලදී අපි ඒවාට කියන්නේ Gig එකක් කියලායි. Gig එකකට 5$ ක වටිනාකම් තියෙන්නේ. Gig එකක් මගින් 4$ ක් අපටත් Gig එකින් 1$ ක් ෆයිවර් සමාගමටත් ලැබෙනවා.. අපගේ Gig එක මිළදී ගන්නා පුද්ගලයාට අප කරදෙන කාර්යයට අවශ්‍ය දින ගණන අප සැළසුම් කළ යුතුයි. ඒ සදහා ඔබට කොපමණ දින ගණනක් යන්නේ දැයි පාරිබෝගිකයින්ට දැන්වීමට පිරවිය යුතු කොටසක් ගිග් එකක් හදද්දී දකින්නට පුලුවන් වේවි. ෆයිවර් මගින් උපයන මුදල් අපට ලබාගන්න ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි පේපැල්, අනෙක ෆයිවර් Revenue Card එක මගින්.. මම ඔයාලට කලින් කිව්ව ලිපියෙන් ඒ කාඩ් එක ගන්න විදිහ තමයි පැහැදිළි කරේ. නමුත් මෙම කාඩ් එකෙන් මුදල් ගන්න නම් ඔයා Level 1 Seller කෙනෙක් වෙන්න ඕන. මොකක්ද මේ Level කතාව? ඒ ගැනත් ඉදිරියේදි කියන්නම්. දැනට දළ අදහසක් ගන්න, ෆයිවර්වල Levels 3ක් තියෙනවා. Level 1 වෙන්න නම් අපි අපේ ගිග් 10ක් විකිණීම සිදුකර තිබිය යුතු අතර අපේ ෆයිවර් ගිණුම මාසයක් පරණ වෙන්නත් ඕන. ෆයිවර්වලදී අපි උපයන මුදල් අපගේ ෆයිවර් ගිණුමේ $100 ක් පමණ වෙනතෙක් එකතු කිරීම ගොඩක් අපට ලාභදායි වෙනවා. ඒ ඇයි? ෆයිවර්වලින් අපි මුදල් withdraw කරද්දී 2% ක් කැපෙනවා. ෆයිවර් Revenue Card එක මගින් මුදල් ගැනීමේදී අයවෙන ගාස්තු පිළිබද කළින් ලිපියෙනුත් සදහන් කළ නිසා නැවත මතක් කිරීමට අවශ්‍ය වෙන්නේ නැහැනේ.. හොදයි..!



      ෆයිවර්වලදී අපි කරන දේවල් වර්ගීකරණයක් අනුව කොටස්වලට බෙදා තිබෙනවා. ප්‍රධාන වශයෙන් Graphics & Design, Video & Animation, Online Marketing, Writing & Translation, Advertising, Business, Programming & Tech, Music & Audio, Fun & Bizarre, Lifestyle යනුවෙන් බෙදීමකට ලක්කරනවා. ඔයා කරන්න යන දේ ගැන මුලින්ම කල්පනා කරන්න. ඔයාගේ හැකියාවන්ට අදාළව එක් ක්ෂ්‍රේත්‍රයක් තෝරාගැනීම වඩාත් යෝග්‍යයයි.

 

Fiverrවලදී ඔබ සැළකිලිමත් විය යුතු කරුණු මොනවාද?



      අපට ෆයිවර් ගිණුම තුළ එකවර උපරිමය ගිග් 20ක් දැමිය හැකියි. මෙහිදී එක් එක් ගිග් එකේදී කරදෙන කාර්යයන්ට අනුව අපට ඒ සදහා ගතවන කාලය සදහන් කර ඇති දිනය අවසන් වන කාලයට පෙර එක් එක් ගිග් එකෙන් කර දෙන කාර්යය Deliver කිරීම කළ යුතුයි.



      උදාහරණයක් ලෙස I will give you 500 facebook likes for $5 යනුවෙන් ඔබගේ ගිග් එකක් තිබුනා කියලා හිතන්න. ඔයා දින දෙකක් ඇතුළට එම කාර්යය සිදුකර දෙනවා කියාත් සදහන් කර තිබුනානම් ඔයා ඒ කාලය අවසන් වීමට පෙර පාරිබෝගිකයාට facebook likes 500 ලබා දී Deliver කල යුතුයි. නමුත් ඔබ එම කාර්යය සිදුකර දී අවසන් වී Deliver කිරීමෙන් පසු පාරිබෝගිකයා likes ප්‍රමාණය පරීක්ෂා කරන විටදී 1000ට අඩුවුවහොත් ඔහු ඔබට Negative Feedback එකක් හෝ Rejectකිරීමක් සිදු කළ හැකියි. මොකක්ද මේ Negative Feedback? හරි ඒක පස්සේ කියන්නම්. Rejectකිරීමක් සිදුවූයේ නම් ඔයාට අඩුවුනු likes ප්‍රමාණය නැවත ලබාදී නැවත Deliver කිරීම සිදුකළ හැකියි. කාර්යය සාර්ථක බව පාරිබෝගිකයා සදහන් කළ විට ඔබගේ ගිණුමට මුදල් ලැබේ. එම මුදල දින 14ක් ගිය පසු ඔබට පේපැල් ගිණුමට withdraw කල හැකියි. කිසිවිටකවක් ෆයිවර් ගිණුම් එකකට වඩා හදන්න යන්න එපා.

 

ෆයිවර්වල වැඩ කරන්න මට තියෙන්න ඕනේ මොනවාද?



      මෙහි සිදුකෙරෙන කාර්යයන් සියල්ල සිදුකරන්නේ විදේශිකයින් සමග බැවින් තරමක හෝ English දැනුමක් අවශ්‍යයි. විශේෂයෙන් Englishවලින් කියන දෙයක් තේරුම් ගන්න පුලුවන් වෙන්න ඕනේ. ඉහත සදහන් කළ වර්ගීකරණයන්ට අදාළව එක් විෂය ක්ෂ්‍රේත්‍රයක් පිළිබදවවත් අවබෝධයක් , හැකියාවක් පැවතිය යුතුයි. උදාහරණයක් විදිහට ඔයාට පොටෝෂොප් වැනි දෙයක් පුළුවන්නම් ඊට අදාළව ගිග්ස් කීපයක් නිර්මාණය කර දමන්නට පුලුවන්. ඔයාගේ හැකියාවන් අදුනාගෙන ඊට අදාළව ගිග්ස් නිර්මාණය කරන්න. දැන් ගොඩක් ගොඩ පීනුවා අපේ යාළුවෝ ටික. :D පීනන්න ඉගෙන ගන්න නම් ගොඩ පීනලා හරියන්නේ නැහැ.. වතුරට බහින්නම ඕනේ... දැන් අපි වතුරට බහින්නයි යන්නේ..



      මුලින්ම බලමු ඔයාගේ පළවෙනි සාර්ථක පියවර කියන්නේ කොහොමද කියලා.. ලිපිය ඉහත හොදින් බැලුවොත් මම කියලා ඇති ඔයාට එක් විෂය ක්ෂ්‍රේත්‍රයක් තෝරාගන්න කියලා.. මේක ගොඩක් වැදගත් දෙයක්... ඒ නිසා ඔයා දැන්මම ඔයා කරන්නට බලාපොරොත්තු වෙන දේවල් අදාළවන Category එක මොකක්ද කියලා බලන්න. ඉහත දුන්නේ ප්‍රධාන වශයෙන් වර්ගීකරණය කර ඇති සටහනයි. හොදයි ඔයා කාණ්ඩය තෝරාගන්න ඇති කියලා හිතනවා. දැන් අපි අපගේ ෆයිවර් ගිණුම හදමු.



      මුලින්ම ෆයිවර් වෙබ් අඩවියට මෙතනින් පිවිසෙන්න. දැන් පහත පරිදි දිස්වේවි. ආහ්...!! රෙජිස්ටර් වෙන්නද හැදුවේ..? මතකයි නේද මම ඔයාට කිව්වා ඔයා කරන දේට අදාළ Category එක මොකක්ද කියලා මතක තියාගන්න කියලා..!! ඔයාගේ Category එක Graphics & Design නෙවෙයි නම් ඔයා ඔය විදිහට රෙජිස්ටර් වෙලා වැඩක් නෑ.. ගිග්ස් විකිනෙන්නේ නැති වෙයි. කළින් ලිපියෙන් මුදල් උපයන වෙබ් අඩවියක් ගැන ලිපි පෙළක් පළකරනවා කිව්වාට ඒ වෙබ් අඩවියේ නම නොකිව්වේත් ඒ හේතුව නිසාම තමයි. දැන් මොකද කරන්නේ,?? ඔයා කළින් ගිණුමක් හැදුවට ඕඩර්ස් නැතිද? එහෙනම් කළබල වෙන්න එපා. ආයේ ඒ ගිණුමට අවසන් වතාවට ලොග් වෙලා ගිග්ස් සේරම ඩිලීට් කරන්න. දැන් ලොග්අවුට් වෙන්න. බයවෙන්න එපා ඔයා දැන් මේ විදිහට අලුතින් ගිණුමක් සදන්න. හැබැයි කළින් සාදපු ගිණුමට කිසිම හේතුවකට ආයේ ලොග් වෙන්න එපා. හරි..! එහෙනම් Category එක Graphics & Design නෙවෙයි නම් ඔයා USA විදිහට ගිණුම හදන්න. USA විදිහට අන්තර්ජාලයේ සැරිසරන්න අපේ අය නොදන්න දෙයක් නෙමෙයිනෙහ්.. ඉතින් ඒවාට තමා VPN කියලා දෙයක් තියෙන්නේ. මේ ලිපියෙන් ඒ ගැන වැඩි විස්තරයක් දෙන්න නම් බැරිවෙයි.  VPN භාවිතය පිළිබදව ඕනෑතරම් ලිපි අන්තර්ජාලයෙන් සොයාගැනීමට පුලුවන්.. ඒ ගැන ගැටලුවක් කර ගැනීම අනවශ්‍යයි. දැන් අහන්න පුලුවන් ඇයි ලංකාවේ විදිහට ගිණුම හැදුවොත් මොකද වෙන්නේ කියලා... ඇත්තටම මුකුත් වෙන්නේ නැහැ.. ගිණුම හදපු දවසේ තිබ්බා වගේම තියේවි. හැමදාටමත්... ඇයි ඒ? මගෙන් නම් අහන්න එපා.. අපේ රටේ නම කැතවෙලාවත්ද? මම නම් දන්නේ නැහැ... ඇයි එහෙනම් ග්‍රැෆික් ගිග්ස් නම් කරන්නේ ලංකාවේ විදිහට දාන්න කිව්වේ? ඒ මොකද ලංකාව ෆයිවර් තුළ ග්‍රැෆික් වැඩකරුවන් ඉන්න රටක් විදිහට තැනක් සදාගෙන තියෙනවා.. වැදගත් දෙයක් මේ වෙලේදී කියන්නට ඕනෑමයි. අපේ රටේ නම ලෝකයට ගෙනියන්නට වැඩකරනවා මිසක තවත් පහළට දාන වැඩනම් ෆයිවර්වල කරන්න යන්න එපා.. එහෙම වුනොත් ෆයිවර්වල විතරක් නොවෙයි අනෙක් සෑම අඩවියකින්ම අපේ රට පහත් තත්ත්වයකට පත්කර සළකාවී.. ඔයා හරි දෙයක් සාධාරණව කරනවානම් ඔයාට කවදාවත් වරදින එකක් නෑ.. වාසනාව කියන දේ වුනත් ඔයාම ළං කරගන්න ඕන දෙයක්.. නිකන් හිටියා කියලා මුකුත් ලැබෙන්නෙත් නෑ... අනුන් වළට දැම්මා කියලා තමා ගොඩ යන්නෙත් නෑ... ඇයි මේවා මම මෙතනදි කියන්නේ කියලා කෙනෙක්ට හිතෙන්නට පුලුවන්... ඇත්තටම මම මේවා කීවේ නැත්තම් ඒක මෙම ලිපි එකතුවට ලොකු අඩුවක්... ඉතින් යාලුවනේ වැඩක් කරද්දී හැමෝටම එකවගේ ක්ෂණිකව හරියන්නේ නැතිවන්නට පුලුවන්.. ඒත් උත්සාහය, කැපවීම, ධෛර්යය මත මේ සියල්ල අපට වෙනස් කරන්න පුලුවන්... හැමවිටම තමන් විතරක් නෙවෙයි අනුන්වත් ගොඩ යවන්න පුරුදු වෙන්න.. ඒක ඔයාගේ ඉදිරි ගමනටත් ආශිර්වාදයක්ම වේවි. මේවා හිතේ තියාගෙනම පළමු සාර්ථක පියවර දැන් තබමු.



හොදයි..!! කළින් කියපු විදිහට ඔයා කරන්න හිතන් ඉන්න විෂය ක්ෂ්‍රේත්‍රය අනුව මුලින්ම අපි දැන් ෆයිවර් අඩවියට පිවිසෙමු. එවිට පහත පරිදි දිස්වේවි. පහත උපදෙස් අනුව ඉදිරියට යන්න.



1. Your email යන්නට මේ සදහාම අලුතින් හදපු email ලිපිනයක් යොදන්න. මක්නිසාද යත් එයට ලැබෙන සෑම පණිවිඩයක්ම වැදගත් හා අත්‍යාවශ්‍ය ඒවා වීම. ඔබගේ අවධානය මෙම email ලිපිනය සමග නිතැතින්ම තිබීම වැදගත් වේ. ඔබගේ ඇන්ඩ්‍රොයිඩ් දුරකථනයට sync වීමටද මෙම email ලිපිනය ලබාදෙන්න.




2. Username මෙයද ඉතා වැදගත් අංගයක්. ගොඩ දෙනෙක් කිසිදු සැළකිල්ලකින් තොරව Username ලබාදෙන්නේ. එහෙත් ඔබගේ ෆයිවර් ගිණුමේ වැදගත්ම අංගයක් වන Username එකට ඔබ ලබා දිය යුත්තේ ඔබ කරන කාර්යයන්ට අදාළ එකකි. උදාහරණයක් ලෙස ඔබ කරන්නේ Graphics & Designවලට අදාළ ගිග්ස් නම් ඔබගේ Username එකට Graphic99 වැනි Username එකක් ලබාදීම කළ හැකිය. ඔබ ලබාදෙන Username එක පාරිබෝගිකයින්ට මතක තබාගත හැකි එකක් වීමද තවත් රන් රහසකි.




3. Choose Password මේ සදහා ඔබ වෙනත් අඩවි සදහා ලබාදුන් මුරපදය වෙනුවට වෙනත් මුරපදයක් යොදන්නට සැළකිළිමත්වන්න.

      දැන් I agree the tems of service යන්නට ටික් එකක් දමා සමීකරණයට පිළිතුර දී Join යන්න ක්ල්ක් කරන්න. දැන් ඔබ ඉහත සදහන් කළ email ලිපිනයට ෆයිවර් අඩවියෙන් පණිවිඩයක් එවාවි. ඒ අනුව ගොස් ගිණුම ඇක්ටිවේට් කරගන්න.

      හොදයි..!! ප්‍රධාන වශයෙන් දැනගත් යුතු දේවල් කිහිපයක් මෙම ලිපියෙන් මම ඔයාලට කිව්වේ.. මීළග ලිපියෙන් ෆයිවර් ගිණුමේ තොරතුරු සාර්ථකව පුරවන අන්දමත් සාර්ථකව ගිග් එකක් නිර්මාණය කර ගන්නා අන්දම පිළිබදවත් පැහැදිළි කරන්නම්... ඔබට ජය..!!

 
      එහෙනම් මම හිතනවා මේ ලිපිය ඔයාලට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා... මේ ලිපියෙන් ඔයාලා ප්‍රයෝජනයක් ගත්තා නම් ප්‍රතිචාරයක් දක්වන අතරේ අපේ සාමාජිකයෙක් වෙන්න... එහෙනම් නැවතත් වැදගත් දෙයක් එකක් හමුවෙමු...
 

Apr 25, 2013

මෙන්න ඔයාටත් Payoneer MasterCard එකක් නොමිලේ.!

      කොහොමද යාළුවනේ, ගොඩ දවසකට පස්සේ තමයි ලිපියක් ලියන්නේ... විවේකයක් තිබුනේම නෑ ලිපියක් ලියන්න... හරි.. මම හිතුවා නැවතත් අන්තර්ජාලයෙන් මුදල් ඉපැයීම ගැන ලිපි කිහිපයක් ලියන්න.. හැබැයි කළින් ඒවා වගේ නම් නෙවෙයි.. එක වැඩක් කරලා $5 ක් එහෙමත් නැතිනම් රු. 500 කට වඩා මුදල් ඉපැයීමට මෙමගින් අපිට හැකිවෙනවා... ඉතින් ඒ ගැන ලිපි පෙළක් ලබාදෙන්න බලාපොරොත්තු වෙන අතරෙදිම මම අද ලිපියෙන් ලබාදෙන්න යන්නේ මොකක්ද කියා දැන් පැහැදිළි කරන්නම්... 

      මොකක්ද මේ Payoneer MasterDebit Card එක. ඇත්තටම මේකත් අපේ බැංකුවල දෙන ATM Card එක වගේ කාඩ් එකක්, විදේශීය බැංකුවකින් ලබාදෙන කාජ් එකක්... ණයකාඩ් පතක් නොවේ.. ඒ කියන්නේ ඔයාගේ ගිණුමේ තියෙන මුදල් කමා මෙම කාඩ්පතින් පාවිච්චි වෙන්නේ... මෙම කාඩ්පත නිකුත් කරන්නේ Payoneer.com යන වෙබ් අඩවියෙන්.. මේ සදහා විදේශීය බැංකු කිහිපයක් සම්බන්ධ වෙලා තියෙනවා.. ඉතින් මේ කාඩ්පත අපට දේශීය මෙන්ම විදේශීය ඕනෑම ගෙවීමක් සිදුකිරීම සදහා උපකාරී වෙනවා.. මෙම කාඩ්පත අපට නොමිලයේම ගෙදරටම ගෙන්වා ගැනීමේ හැකියාව පැවතීම විශේෂ ලක්ෂණයක්... 

      ඉතින් දැන් ඔයාලට ගැටලු කිහිපයක්ම මතුවෙලා ඇති.. පහත පිළිතුරු ඒ සදහා ප්‍රමාණවත් වේවි.

 1. මෙම කාඩ්පතට මුදල් තැන්පත් කරන්නේ කෙසේද? 


       ඇත්තටම මෙම කාඩ්පත අපිට ලැබෙන්නේ කිසිදු මුදලක් නැතිවයි. අපට මෙම කාඩ්පතට මුදල් තැන්පත් කිරීම සදහා Paypal ගිණුම භාවිතා කරන්නට පුලුවන්.. නැතිනම් අප අන්තර්ජාලයෙන් මුදල් උපයන අඩවිවලින් මෙයට මුදල් තැන්පත් කිරීමේ හැකියාව තියෙනවා. මීළග ලිපියෙන් විශේෂ වෙබ් අඩවියක් හරහා මුදල් ඉපැයීම පිලිබදව ලිපියක් ලියනවා.. ඒ වෙබ් අඩවිය හරහා ද මෙයට මුදල් තැන්පත් කරගැනීම සිදුකරන්නට පුලුවන්... 

2. කාඩ්පතේ තැන්පත් කළ මුදල් ලබාගන්නේ කෙසේද? 


      වැදගත්ම ප්රමශ්නයක්.. ඇත්තටම එය ඉතාම පහසුයි. අපට ඕනෑම බැංකුවක ATM එකක් මගින් $ රුපියල් කරගැනීමේ හැකියාව පවතිනවා.. HNB, Commercial Bank, HSBC වැනි බැංකුවක් මේ සදහා වඩාත් යෝග්යර වේ. 

3. කාඩ්පතෙන් ලැ‍බෙන වාසි මොනවාද? 

      *. පැය දෙකක් ඇතුළත කාඩ්බතට මුදල් load කරගැනීමේ හැකියාව පැවතීම. 
      *. 100% ශ්‍රී ලංකාවට නීත්‍යාණකූල වීම. 
      *. බැංකු ගිණුමක් අවශ්යී නොවීම. 
      *. අන්තර්ජාලයෙන් භාණ්ඩ හා සේවා මිළදී ගැනීමේ හැකියාව ලැබීම. 

      හොදයි.. මූලිකව ඇතිවුනු ගැටලු කිහිපයට දැන් පිළිතුරු ලැබෙන්නට ඇති. කාඩ්පතෙන් ලැබෙන වාසි පිළිබදව අවබෝධයක් ලැබෙන්නට ඇති.. ඉතින් පහත ලින්ක් එකෙන් ඔබට මෙම කාඩ්පත ඉල්ලුම් කිරීමට පුලුවන්.. විශේෂයෙන් කිව යුතු දෙයක් තියෙනවා.. මෙම කාඩ්පත ඉල්ලුම් කිරීමට නම් ඔබ වයස අවුරුදු 18ට වැඩි පුද්ගලයෙක් විය යුතුයි.. එසේම පෝරම පිරවීමේදී නිවැරදි තොරතුරු ලබාදෙන්න. 




      හොදයි.. ඉහත ආකාරයට පියවරෙන් පියවර පෝරම පිරවූ පසු Finish කරගන්න. දැන් ඔබ සාර්ථකව කාර්යය සිදුකරගෙන අවසානයි. ඔබ නිවැරදිව පෝරම පුරවා විද්‍යුත් තැපෑලෙන් ස්ථිර කළ පසු දින 20කින් පමණ ඔබේ කාඩ්පත නිවසට ලැබෙනවා.. ඉන්පසු ඔබ කළ යුත්තේ කාඩ්පත ඇක්ටිවේට් කරගැනීමයි. එය සිදුකරගන්නා අන්දම කාඩ්පත එවූ ලිපියේම සදහන් කර තියෙනවා.. ඒ නිසා ඒ පිළිබදව මෙතනදී කතාකරන්නේ නැහැ.

       
      කාඩ්පත පිළිබදව තවත් කරුණු කිහිපයක් කිව යුතුමයි.. මෙම කාඩ්පත අප භාවිතා කිරීමේ දී යම් යම් ගාස්තු තිබෙනවා.. ඒ පිළිබදව ඔබ අවධානය යොමුකිරීම වැදගත්ම දෙයක්.. හොදයි අපි දැන් බලමු මොනවද මේ ගාස්තු කියා...
*. ATM එකෙන් මුදල් ලබාගන්නා සෑම අවස්ථාවකදිම $3.15 ක් අයවේ. 
      ( වඩා වාසිදායක වන්නේ $50 - 100 ක් පමණ එකතුකරගත් පසු කාඩ්පතට මුදල් load කර එකවර ලබාගැනීමයි. )

*. ATM ශේෂය පරික්ෂා කිරීමේදී $1.00 අයවේ.
       ( වඩා වාසිදායක වන්නේ අන්තර්ජාලයෙන් ගිණුමට ලොග් වී ශේෂය බැලීමයි. මේ සදහා කිසිදු ගාස්තුවක් අය නොවේ. )
*. වාර්ශික අයකිරීමක් ලෙස $29.95 අයවේ. කාඩ්පතේ මුදල් තිබුනොත් විතරයි.
      ( වඩා වාසිදායක වන්නේ $50 - 100 ක් පමණ එකතුකරගත් පසු කාඩ්පතට මුදල් load කිරීමයි. )
 
*. කාඩ් එක මාරුකිරීමට අවශ්‍ය වුවහොත් $12.95ක් වැයවේ.
      ( කාඩ්පතේ කල් ඉකුත්වීමේ දිනය පැමිණෙන තෙක් කාඩ්පත ප්‍රවේශමෙන් භාවිතාකරන්න. )
      කාඩ්පත හරහා මිළදී ගන්නා කිසිවක් සදහා අමතර ගාස්තුවක් අය නොකෙරේ. මිළ ගණන් ටිකක් වැඩියි වගේ තසයි පෙනෙන්නේ.. නමුත් මෙය වඩාත් ලාභදායි සහ නීත්‍යාණුකූළ ක්‍රමයයි.
      හොදයි.. එහෙනම් ඔයාලත් දැන්ම මේ කාඩ්පත ඉල්ලුම් කරලා තියාගන්න. මීළග ලිපියෙන් කාඩ් එකට මුදල් ගැනීම සදහා වැදගත් වෙන අඩවියක් පිළිබද ලිපියකින් හමුවෙන්නම්. 
 
      එහෙනම් මම හිතනවා මේ ලිපිය ඔයාලට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා... මේ ලිපියෙන් ඔයාලා ප්‍රයෝජනයක් ගත්තා නම් ප්‍රතිචාරයක් දක්වන අතරේ අපේ සාමාජිකයෙක් වෙන්න... එහෙනම් නැවතත් වැදගත් දෙයක් එකක් හමුවෙමු...
 

Mar 13, 2013

Google Play එකෙන් ඔබගේ පරිගණකයටම ඇන්ඩ්‍රොයිඩ් මෘදුකාංග බාගන්නේ මෙහෙමයි..!

      කොහොමද යාළුවනේ... අද මම ඔයාලට වැදගත් වෙන දෙයක් අරන් ආවා... ේක ොඩක් වටින්ේ ඔයාත් ඇන්්‍රොයිඩ් දුරකථනයක් භාවිතා කරන්නෙක් නම් තමා... ොදයි එහෙනම් දැන් අපි අද පාඩමට අවධානය ොමු කරමු... අද ඇන්්‍රොයිඩ් පාඩමෙන් මම ඔයාලට කියලා දෙන්න යන්ොමද ඔයාේ පරිගණකයෙන් Android marketplace (Google Play)කෙන් කෙළින්ම පරිගණකයට ඇන්්‍රොයිඩ් මෘදුකාංග ලබාගන්ොමද කියලායි.. 



      ේක ොඩක් අයට ප්‍රශ්නයක්.. ොකද ඇතැම් ඇන්්‍රොයිඩ් මෘදුකාංග දුරකථනයෙන්ම බාගත කිරීම ඇතැම් විට අලාභ දායකයි... තවත් දෙයක් තමයි අපි Android marketplace (Google Play)කෙන්ෘදුකාංගයක් බාගත කරගෙන ස්ථාපනය කළත් ඒ මෘදුකාංගය ඉවත් කළ පසු නැවත *.apk ොණුව අපට නැවත ස්ථාපනය කිරීමට අවශ්‍ය වුවොත් යළි බාගත කිරීමට සිදුවෙනවා... ඉතින් ේ වොඩක් ගැටලුවලට අද මම දෙන Chrome extension ඔයාලට වැදගත් ේවි. ොදයි එහෙනම් මෙය සිදුකරගන්නා අන්දම බලමු. පහත පියවරයන් ඒ සදහා අනුගමනය කරන්න...

 

1. මුලින්ම මෙම ලින්ක් එකෙන් ේ සදහා අවශ්‍ය වන Chrome extension භාගත කරගන්න.


2. SSL error warning Disable කිරීම කළ යුතුයි දැන්. ඒ සදහා Chrome browser shortcut එක Right click කර ‘Properties’ වෙත යන්න. එහි Shortcut tab හි ඇති –remote-debugging-port=9222 යන්න –ignore-certificate-errors ලෙස වෙනස් කරගන්න.



3. දැන් ඔේ විද්‍යුත් ලිපිනය හා Device ID දැනගැනීම අවශ්‍යයි. 

4. දැන් APK Downloader විවෘත කරගෙන option page හි Device ID, Email address and Password ලබාදෙන්න. දැන් ඔබට අවශ්‍ය ඕනෑම ඇන්්‍රොයිඩ් මෘදුකාංගයක් පරිගණකය හරහා බාගත කරගැනීමට පුලුවන්...




      ඒ සදහා Android marketplace (Google Play) වෙත ොස් ොග් වීම අවශ්‍ය ේ.. එවිට අවශ්‍ය ඕනෑම මෘදුකාංගයක් බ්‍රව්සරේ ඉහළ දකුණු කෙළෙවඇති අයිකනය ක්ලික් කිරීම පමණයි අවශ්‍ය වෙන්ේ.. ඔබ බාගතකරගත්  *.apk ොණුව අපේ දුරකථනයට USB හරහා ලබාගෙන ස්ථාපනය කරගැනීම සිදුකළ හැකියි.



Search Keywords : android application downloader for pc, computer, android app download from pc, android pc download, software, addon, simple method, blogspot, free, help, ඇන්්‍රොයිඩ් මෘදුකාංග පරිගණකයට, ඇන්ොයිඩ් මෘදුකාංග බාගන්න

      එහෙනම් මම හිතනවා මේ පෝස්ට් එක ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා... මේක ඔයාලට ප්‍රයෝජනයක් වුණා නම් කමෙන්ට් එකක් එහෙම දාලා අපගේ මෙම්බර් කෙනෙක් වෙන්න. ඔයාලගෙ ප්‍රතිචාර මත තමයි තව එක එක දේවල් ඔයාලට දෙන්න හිතෙන්නෙ. එහෙනම් ආයෙත් වැදගත් දෙයක් එක්ක හමුවෙමු...