Dec 19, 2012

Sandriesoft Radio Premium Version App එක දිනාගන්න අවස්ථාවක්...!

මොකක්ද මේ Sandriesoft Radio කියන්නේ..?

      Sandriesoft Radio කියන්නේ අන්තර්ජාලයේ සැරිසරන අවස්ථාවන්හිදී රේඩියෝවක් ලෙස  සවන්දීමට හැකි මෘදුකාංගයකි. මාගේ සමීක්ෂණවලට අනුව එය එවකට ලාංකාවේ නිර්මාණය කළ ක්‍රියාත්මකවන එකම රේඩියෝ මෘදුකාංගය බව තහවුරු විය. එම මෘදුකාංගය Portable මෘදුකාංගයක් ලෙසටයි මම නිර්මාණය කළේ.. ඒ කියන්නේ ස්ථාපනය කරන්න දෙයක් නැහැ කියන එකයි.. රෑපයේ දැක්වෙන්නේ එහි දර්ශනයක්.. ශ්‍රී ලාංකීය රේඩියෝ නාලිකා අටක් ඊට ඇතුළත් කර තිබුනා... ඉතා සරළ මුහුණතක් තමයි මේ මෘදුකාංගයට තියෙන්නේ.. ඉතින් ඔයාලට මේ මෘදුකාංගය නිසා ඕනෑම තැනකට පෙන් එකක ගෙනෙහින් රේඩියෝ අහන්න පුලුවන් වේවි..

 
පැරණි සංස්කරණය

  
      Sandriesoft Radio වට ලැබුන ප්‍රතිචාර නිසාම එහි නව සංස්කරණයක් පසුගියදා නිකුත් කෙරුණා... මෙහිදී වැඩි අවධානයක් යොමුකළේ එක්සත් රාජධානියේ FM නාලිකාවන් කෙරෙහියි... මන්ද යත් බහුතර පිරිසකගේ රසාස්වාදය දිනාගත් නාලිකාවන් ට සවන්දීමට සෑම අයෙක්ම පාහේ කැමති නිසාය. මෙහිදී විශේෂ යමක් කිව යුතුමයි.. වැඩිදියුණු කළ  Sandriesoft Radio වට ඇතුළත් කර ඇති නාලිකා සියල්ලක්ම Sterio තාක්ෂණයෙන් යුතු අතර උසස් රසාස්වාදයක් සදහා වැඩි Bitrate අගයක් භාවිතා වේ. Sandriesoft Radio වේ නවතම සංස්කරණයට ලංකාවේ නාලිකා තුනක් ද ඇතුළත්ව නාලිකා 24ක එකතුවක් ඇත.

Sandriesoft Radio Premium Version එකේ නව අංග මොනවාද..?

·             දේශීය නාලිකා 3.
·         විදේශීය නාලිකා 21.
·         උසස් රසාස්වාදයක් වෙනුවෙන් වැඩි Bitrate අගයක්.
·         සෑම නාලිකාවක්ම Sterio තාක්ෂණයෙන් යුක්තයි.
·         පහසුවෙන් මෘදුකාංගයේ යාවත්කාලීන ලබාගැනීමේ හැකියාව.
·         මනබදිනා නාලිකා රදවනය.
·         භාවිතාකරන්නා මෘදුකාංගය පිළිබද දරන මතය සැමට දර්ශනය වන ස්ථානයක රැදවීමේ හැකියාව


කෙසේද මේ Sandriesoft Radio Premium Version එක දිනාගන්නේ..?

            Sandriesoft ට ආදරය කරන අපගේ පාඨක ජනතාව අපිට කිසිදා අමතක කළ නොහැකියි... ඔවුන් වෙනුවෙන් අප මෙතෙක් නිර්මාණය කළ සෑම මෘදුකාංගයක්ම නොමිලයේ ලබාදීමට අප කටයුතු කළෙමු... ඉදිරියටද අප එම ක්‍රියාවලිය ගෙනයාමට අපගේ කිසිදු පැකිලීමක් නොමැත. එහෙත් කළින් නිර්මාණය කළ ලාංකික ජනතාවට පමණක් නොමිලයේ වූ  Sandriesoft මෘදුකාංග රැසක් වෙනත් විදේශීය ආයතන කිහිපයකට අයත් වෙබ් අඩවි රාශියක පළකර තිබූ බව ඔබට මීට පෙර සදහන් කළා මතක ඇත. ඇතැමුන් ඒවා යළි විකිණීම්වලට පවා නැඹුරු වී සිටියා.. තවත් සමහරු Crack එකක් ද සමග download කරගැනීමේ පහසුකම් යොදා තිබුනා.. මේ නිසා Sandriesoft මගින් නිපදවන නව මෘදුකාංගවල ආරක්ෂාව උදෙසා යම් යම් ආරක්ෂක වැඩපිළිවෙලවල් යෙදීමට පසුකළෙක Sandriesoft Inc. තීරණය කළා... කෙසේ නමුත් මා මෙහිදී පැවසීමට උත්සාහ ගත්තේ අප ලාංකීය ජනතාවට වුවද නොමිලයේ මෘදුකාංග සැපයුවත් සෑම මෘදුකාංගයක්ම නොමිලයේ සැපයීමෙන් Sandriesoft Inc. වෙත කිසිදු ප්‍රතිලාභයක් නොලැබෙන බවයි. එම නිසා ඇතැම් මෘදුකාංගවල Premium Version වෙනම මිලදී ගැනීම් සදහා අප නිකුත් කිරීමට තීරණය කරා... ඒ අනුව නිකුත් කළ ප්‍රථම මෘදුකාංගය Sandriesoft Radio Premium Version එකයි.
 
      කෙසේ නමුත් එයද එක්තරා තරගයක් පවත්වා නොමිලයේ ලබාදීම සදහා අප තීරණය කළා.. මෙම තරගයට ඕනෑම අයෙකුට සහභාගී වීමේ අවස්ථාව හිමිවෙනවා... තරගයට සහභාගී වන සෑම අයෙක්ම පහත දත්ත ඇතුළත් කර වෙත එවීම සිදුකළ යුතුය.

      මෙහි දී තරගකරුවන් සිදු කළ යුත්තේ අප අසන පැනයට නිවැරදි පිළිතුර ලබාදීම පමණි. සතියකට එක ප්‍රශ්නයක් ලබා දෙන අතර එයින් එකකට හෝ නිවැරදි පිළිතුර සැපයුවහොත් ඔහුට හෝ ඇයට මෙම මෘදුකාංගය ලබාගන්න පුලුවන් වෙනවා.. ඒ අනුව මසකට ජයග්‍රාහකියින් 7 දෙනෙක් තොරාගැනීම සිදුකරනු ලබනවා.. සෑම කටයුත්තක්ම විනිවිධ භාවයකින් යුක්තව සිදු කරන බව මෙහිදී පැවසිය යුතුම කාරණයකි.. තරගය සම්බන්ධයෙන් ඇති ගැටලු , යෝජනා ආදිය Comment කරන්න.. 

නැතිනම් කෙසේද මේ Sandriesoft Radio Premium Version එක මිළදීගන්නේ..?

     වැඩිදියුණු කළ  Sandriesoft Radio මෘදුකාංගය ශ්‍රී ලාංකිකයින් සදහා Sandriesoft මගින් විශේෂ මිල අඩුකිරීමක් ලබා දේ. Sandriesoft Radio Premium version එක මිළදීගන්නා සෑම අයෙකුටම යාවත්කාලීන නොමිලයේ ලබාගැනීමේ හැකියාව ලැබෙන අතර නාලිකා ප්‍රමාණය වැඩිකරගැනීමේ හැකියාවත් තමන්ට අවශ්‍ය ප්‍රියතම නාලිකාවක් වේ නම් එයද ඇතුළත් කර නව යාවත්කාලීන ලබා දීමට Sandriesoft සූදානම්... Sandriesoft Radio Premium version එක මිළදීගැනීමට හෝ අවශ්‍ය විස්තර ලබා ගැනීමට sandriesoft@gmail.com යන විද්‍යුත් ලිපිනය භාවිතා කරන්න.

      එහෙනම් මම හිතනවා මේ පෝස්ට් එක ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා... මේක ඔයාලට ප්‍රයෝජනයක් වුණා නම් කමෙන්ට් එකක් එහෙම දාලා මගේ බ්ලොග් එකේ මෙම්බර් කෙනෙක් වෙන්න. ඔයාලගෙ ප්‍රතිචාර මත තමයි තව එක එක දේවල් ඔයාලට දෙන්න හිතෙන්නෙ. එහෙනම් ආයෙත් වැදගත් දෙයක් එක්ක හමුවෙමු...
 

2 comments:

  1. ගොඩක් හොඳ වැඩක්. වටිනා මෘදුකාංගයක් නොමිලේ ගන්න අපිට අවස්තාවක් උදා වෙනවනේ.. දැන් කවද ඉඳන්ද වැඩේ පටන් ගන්නෙ

    අපේ සුබ පැතුම්.....!! @ My Tech Gate

    ReplyDelete
    Replies
    1. තරගය දැනටමත් ආරම්භ කරලා තියෙන්නේ... ගැටලුවට පිළිතුර එවීමෙන් ඔයාටත් මෙම මෘදුකාංගය දිනාගන්න පුලුවන්.... සතියකට ගැටලු දෙකක් ඉදිරිපත් කරනවා.. ඉන් එකකට පමණක් පිළිතුර එවීම ප්‍රමාණවත්...!

      Delete

ලිපිය සම්බන්ධයෙන් ඇති ඔබේ අදහස්, ගැටලු ආදිය විමසීමට මෙය භාවිතා කරන්න. අනවශ්‍ය ලෙස Backlinks යෙදූ ප්‍රතිචාර ඉවත් කෙරෙනු ලැබේ..