Dec 14, 2012

ඔබගේ Galaxy Yදුරකථනය Modem එකක් ලෙස භාවිතා කරන්නේ මෙහෙමයි... How To Use Galaxy Y as Internet Modem...

      අද වන විට Samsung ආයතනයේ Samsung Galaxy Y දුරකථනය ලාභදායි සහ වුවමනා සපුරාලන ඇන්ඩ්‍රොයිඩ් දුරකථනයක් බවට පත්වී ඇත. Samsung Galaxy Y දුරකථනය තරුණ පිරිස් අතර වඩාත් ජනප්‍රිය වී ඇත්තේ ලාභදායිම ඇන්ඩ්‍රොයිඩ් දුරකථනයක් බවට එය පත් වී ඇති නිසාය. මේ වන විට බොහෝ පිරිසක් දුරකථනය modem එකක් ලෙස අඩු මුදලකින් ගෙදර සිටම පරිගණකයෙන් අන්තර්ජාලයට පිවිසීමට යොදාගනී. ඔබටත් Samsung Galaxy Y දුරකථනයක් තිබේනම් සහ එය modem එකක් ලෙස භාවිතා කිරීමට අවශ්‍ය නම් මෙම ලිපියෙන් ඒ සදහා උදව්වක් වනු ඇත.
 
      දුරකථනය modem එකක් ලෙස භාවිතා කර අන්තර්ජාලයට පිවිසීමට KIES නැමැති මෘදුකාංගයක් තිබුනත් අප මෙම ලිපියෙන් කතා කිරීමට බලාපොරොත්තු වන්නේ PDAnet නැමැති මෘදුකාංගය පිළිබදවයි. PDAnet මෘදුකාංගය ඇන්ඩ්‍රොයිඩ් මෘදුකාංග අතර හොදම 10 අතරට පැමිණි මෘදුකාංගයකි. එකම එක ක්ලික් එකකින් PDAnet මෘදුකාංගය ක්ෂණිකව පරිගණකය අන්තර්ජාලය හා සම්බන්ධය ගොඩනගයි. මේ සදහා ඔබගේ Samsung Galaxy Y දුරකථනය root කර තිබීමක් හෝ දුරකථනයේ firmware එක hack කර තිබීම අවශ්‍ය වන්නේ නැත. මෙම මෘදුකාංගය සෑම ඇන්ඩ්‍රොයිඩ් දුරකථනයක් තුළම ස්ථාපනය කිරීමේ හැකියාවද ඇත. PDAnet මෘදුකාංගය USB Tether සහ Bluetooth DUN යන දෙකටම support කරන්නකි. ඔ‍බගේ දුරකථනය data service, WiFi, හෝ VPN යන ඕනෑම ආකාරයකට පරිගණකය සමග සම්බන්ධ කරදීමේ හැකියාව මෙම මෘදුකාංගය සතුවේ.. සාමාන්‍යයෙන් USB ඔස්සේ සම්බන්ධ කළහොත් මෙම මෘදුකාංගය භාවිතාකර 35Mbps (35000kbps) ක පමණ download speed එකක් ලබාගත හැකිය.


දුරකථනය modem එකක් ලෙස භාවිතා කිරීමට අනුගමනය කළයුතු පියවර :

  • පළමුවෙන්ම  PDAnet මෘදුකාංගය downloadකර පරිගණකයේ ස්ථාපනය කරගන්න.

  • දැන් PDAnet මෘදුකාංගය දුරකථනයට Google Play Store වෙත ගොස් download කර install කරගන්න.

  •  PDAnet මෘදුකාංගය පරිගණකය තුළ ස්ථාපනය කරගන්නා අතරතුර ඔබේ දුරකථනය USB cable එක හරහා සම්බන්ධ කරන ලෙස ඉල්ලයි. පසුව ඔබේ දුරකථනය USB cable එක හරහා සම්බන්ධ කළ පසු drivers ස්ථාපනය වීම ආරම්භ වේ.

  • ස්ථාපනය වීම අවසන් වූ පසු ඔබේ දුරකථනය USB cable එක හරහා සම්බන්ධ කර දුරකථනයේ PDAnet මෘදුකාංගය වෙත ගොස් Enable USB Tether Mode යන්න touch කරන්න.

  • සියල්ල සිදුකර අවසන්! දැන් ඔබේ පරිගනකයේ taskbar හි ඇති PDAnet icon එක right click කර connect යන්න click කරගන්න. ( මේ අවස්ථාවේදී ඔබගේ දුරකථනයේ Use packet data [Settings > Wireless and network settings > Mobile network settings > Use packet data] යන්න enabled තත්වයේ තිබිය යුතුය.)

       මෙම පියවර කිහිපය අනුගමනය කරමින් ඔබට
Samsung Galaxy Y දුරකථනය  modem එකක් ලෙස භාවිතා කිරීමට හැකිවනු ඇත. ලිපිය සම්බන්ධයෙන් ඔබට කිසියම් ගැටලුවක් ඇත්නම් එය comment එකක් ලෙස යොදන්න.


      එහෙනම් මම හිතනවා මේ පෝස්ට් එක ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා... මේක ඔයාලට ප්‍රයෝජනයක් වුණා නම් කමෙන්ට් එකක් එහෙම දාලා මගේ බ්ලොග් එකේ මෙම්බර් කෙනෙක් වෙන්න. ඔයාලගෙ ප්‍රතිචාර හොඳ නම් තමයි තව එක එක දේවල් ඔයාලට දෙන්න හිතෙන්නෙ. එහෙනම් ආයෙත් වැදගත් දෙයක් එක්ක හමුවෙමු...


0 ක් ප්‍රතිචාර ලැබී ඇත.:

Post a Comment

ලිපිය සම්බන්ධයෙන් ඇති ඔබේ අදහස්, ගැටලු ආදිය විමසීමට මෙය භාවිතා කරන්න. අනවශ්‍ය ලෙස Backlinks යෙදූ ප්‍රතිචාර ඉවත් කෙරෙනු ලැබේ..