Dec 13, 2012

ඔබගේ Galaxy Y දුරකථනයට Custom ROMs ස්ථාපනය කරන්නේ මෙහෙමයි.

      මෙම ලිපිය වෙන්කෙරෙන්නේ Samsung Galaxy Young දුරකථනයක සාඩම්බර හිමිකරුවන්ටයි. මෙම ලිපියෙන් මම පෙන්වන්නේ පහසුවෙන් අලුත් ROMs ඔබගේ Galaxy Y දුරකථනයට ස්ථාපනය කරගන්නා අන්දමයි.

සාමාන්‍ය ROM ( stock ROM ) එකක් සහ අලුත් (Custom ROMs) ROM එකක් අතර වෙනස කුමක්ද?

      ඔබ දුරකථනය මිළදීගන්නා විටදී දුරකථනයේ ස්ථාපනය කර ඇති මෙහෙයුම් පද්ධතිය Custom ROMs සංස්කරණ වේ. Custom ROMs මෙහෙයුම් පද්ධති එසේ නොවේ. Custom ROMs Android මෙහෙයුම් පද්ධති අලුත් අංග එක්කර ඇති, දැකුම්කළු පෙනුමක් සහිත සහ විශ්මය දනවන ලක්ෂණවලින් සමන්විතයි. එවැනි Custom ROMs නිපදවන්නේ විශේෂ ඇන්ඩ්‍රොයිඩ් මෘදුකාංග නිපදවන ආයතන වේ. ඔබට ඔවුන් xda-developers.com අඩවියට ගොස් සොයාගැනීමට පුලුවන්...

ඔබට  Custom ROMs භාවිතා කිරීමට සිදුවන්නේ ඇයි?

      Custom ROMs අවශ්‍ය වීමට ඔබට හේතු රැසක් තිබෙනවා.. ඔබගේ දුරකථනය තුළ ඇති සෑම ලක්ෂණයක්ම (full features) බුක්ති විදීමේ හැකියාව Custom ROMs මගින් ඔබට උදාකර දෙයි.. Custom ROMs අයත්වන්නේ open source ව්‍යාපෘති ගණයට බැවින් කෙටි කාලයක් තුළ නව යාවත්කාලීන ලබාගැනීමේ හැකියාවද ඔබට ලැබේ. මෙම Custom ROMs, Stock ROM වලට වඩා පෙනුමෙන් යුක්ත වන අතර Stock ROM වලට වඩා උපරිම කාර්යක්ෂමතාවයක් සහ වේගවත් භාවයක් ඔබගේ දුරකථනයට ලබාදෙයි. අනෙක් වැදගත් ලක්ෂණය වන්නේ එය ඔබගේ දුරකථනයේ අන්තර්ගත මතකයේ (internal memory) ඉඩ වැඩිකරයි. අනෙක නම් බැටරිය බැසීම අඩුකරන සුවිශේෂී ලක්ෂණ මේවායේ අන්තර්ගත කර තිබීමයි.

      හොදයි..! දැන් අපි මාතෘකාවට පැමිණෙමු. මම මෙහිදී පෙන්වන්නේ Custom ROMs එකක් Galaxy Y දුරකථනයකට ස්ථාපනය කරගන්නා ආකාරයයි. මෙම ක්‍රමය වෙනත් කිසිම දුරකථනයක් සදහා භාවිතා කිරීම යෝග්‍ය නොවන බව මම නිර්දේශ කරමි. Custom ROMs එකක් ස්ථාපනය කිරීමට පෙර ඔබගේ දුරකථනය root කර තිබිය යුතුය.

      Custom ROMs ඔබට .zip files ලෙස සියගණනක් අනතර්ජාලයෙන් සොයාගත හැකිය. ඒ සදහා ඔබට Google සෙවුම් යන්ත්‍රය භාවිතා කළ හැකියි. මෙහිදී Galaxy Y දුරකථනයක සාර්ථක ලෙස ස්ථාපනය කරගත හැකි Custom ROMs දෙකක් මා සපයා ඇත. JellyBlast V3 සහ Hyperion.

      කිසිවක් ස්ථාපනය කිරීමට ප්‍රථම සෑම app එකක්ම contacts ආදිය backup කරගන්න. ඒ සදහා Titanium Backup මෘදුකාංගය භාවිතා කළ හැකිය.

Custom ROMs ඔබගේ Galaxy Y දුරකථනයේ ස්ථාපනය කරගැනීමේ පියවර:
  • අවශ්‍ය සියළු දේ Backup කිරීම සිදුකර පසුව Root කරගැනීම සිදුකරන්න.
  • Custom ROMs .zip file එකක් බාගත කරගන්න. (නිර්දේශිත JellyBlast V3 and Hyperion )
  • බාගත කරගත් Custom ROMs .zip file එක SD card  Copy කරගන්න. මෙම ගොණුව  folder එකක් තුළට දැමීමෙන් වළකින්න.
  • දුරකථනය Switch off කරගන්න.
  • දැන් Home + Power/Lock + Volume Up keys තුනම එකවර press කරන්න. මෙම පියවරේදී ඔබගේ දුරකථනය boot වීම සිදුවේ.
  • මේ අවස්ථාවේදී ඔබගේ තිරය අක්‍රීය වන අතර volume buttons ඉහළ පහළ යාමට භාවිතා කළ හැකි අතර home button එක ok යන්න සදහා භාවිතා කළ හැකිය.
  • දැන් පෙරදී අප බාගත කරගත් custom ROM file (.zip) ගොණුව Select කර  “Update zip from SD card” කරගත යුතුය.
  • දැන් custom ROM file (.zip) යන්න වෙතගොස් එය select කරගන්න.
  • ස්ථාපනය වීමට ඉඩදීමෙන් පසු  reboot system now යන්න press කරන්න.
  • සියල්ල සිදුකර අවසන්..! දැන් ප්‍රථම boot වීම සිදුවන තෙක් ඉවසන්න.. ඒ සදහා සාමාන්‍යයෙන් මිනිත්තු 3-5 ක කාලයක් ගතවනු ඇත.!

      මෙන්න එය! දැන් ඔබට Custom ROM හි ඇති සෑම අංගයක්ම බුක්තිවිදීමේ, භාවිතාකිරීමේ හැකියාව ලැබේ... ඔබට මේ සම්බන්ධ කිසියම් ගැටපුවක් වේ නම් එය comment එකක් ලෙස විමසීම සිදුකරන්න.
      එහෙනම් මම හිතනවා මේ පෝස්ට් එක ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා... මේක ඔයාලට ප්‍රයෝජනයක් වුණා නම් කමෙන්ට් එකක් එහෙම දාලා මගේ බ්ලොග් එකේ මෙම්බර් කෙනෙක් වෙන්න. ඔයාලගෙ ප්‍රතිචාර හොඳ නම් තමයි තව එක එක දේවල් ඔයාලට දෙන්න හිතෙන්නෙ. එහෙනම් ආයෙත් වැදගත් දෙයක් එක්ක හමුවෙමු...


5 comments:

  1. පට්ට මචෝ.කවදාහරි ඕකක් ගත්තම අත්හදා බලන්න ඕනි

    ReplyDelete
    Replies
    1. නියමයි.. නියමයි නිශාන්... අනිවාර්යයෙන්..!

      Delete
  2. yalu m post 1 anuwa wde kara,,,os 1 reboot wena,eth opan wenne na..plz help me,,,,aya kohmda hadanne.....emaill.djinna1990@gmail.com

    ReplyDelete
  3. mata tab 1kakata alutin android os dana widiya kiyala denawada?plz

    ReplyDelete

ලිපිය සම්බන්ධයෙන් ඇති ඔබේ අදහස්, ගැටලු ආදිය විමසීමට මෙය භාවිතා කරන්න. අනවශ්‍ය ලෙස Backlinks යෙදූ ප්‍රතිචාර ඉවත් කෙරෙනු ලැබේ..