Dec 14, 2012

ලොව හොදම ඇන්ඩ්රොයිඩ් වෙබ් බ්‍රව්සර් මෙන්න..

      ඇන්ඩ්රොයිඩ් දුරකථනයක් භාවිතා කරන හැම කෙනෙක් ම විවිධ වෙබ් බ්ව්සර් භාවිතා කරනවා.. නමුත් එක් එක් වෙබ් බ්ව්සරයෙහි ගුණාත්මක භාවය පිළිබද ඔබ සමාලෝචනයක යෙදී ‍ නොසිටින්නට ඇති. මෙහිදී අප කතා කරනුයේ ලොව වඩාත් ප්‍රචලිත සහ වඩාත් කාර්යක්ෂම වූ ඇන්ඩ්රොයිඩ් වෙබ් බ්‍රව්සර් පිළිබදවයි.. හොදයි. දැන් සාකච්ඡාව වෙත අවධානය යොමු කරමු.




Dolphin Browser HD:


    Dolphin Browser HD යනු ඇන්ඩ්රොයිඩ් සදහා භාවිතකරන්නාට අනුව වෙනස් කිරීම් සිදුකරගත හැකි වේගවත් වේබ් බ්‍රව්සරයකි. Dolphin වේබ් බ්‍රරව්සරය ලොව ප්‍රථම Gesture, Sonar සහ Add-on සක්‍රීය කළ හැකි වූ ඇන්ඩ්රොයිඩ් බ්‍රව්සරයයි.. එයට PDF Viewer for Dolphin, Web to PDF, Dolphin Translate, Dolphin Brightness, Dolphin Password Manager Lite වැනි පුලුල් පරාසයක Add-on ප්‍රමාණයක් තිබෙනවා.. පුලුල් පරාසයක් තුළ භාවිතකරන්නාට අනුව වෙනස් කිරීමේ හැකියාව සහ වේගවත් භාවය නිසා මෙම බ්‍රව්සරය හොදම ඇන්ඩ්රොයිඩ් බ්‍රව්සරය බවට පත්වී ඇත.

 Opera Mini Web Browser: 
       Opera Mini වේගවත්ම වෙබ් බ්‍රව්සරයකි හැමදාමත්... එයට වේගවත් ගවේශණ වේගයක් 2G වැනි මන්දගාමී සම්බන්ධතාවයකදී වුවද ලබා ගැනීමේ හැකියාවක් ඇත. මෙම බ්‍රව්සරය මගින් 90% ක් පමණ වෙබ් පිටු හැකිලීමේ හැකියාවක් ඇත. එය ඔබේ දත්ත ප්‍රමාණය විධිමත් ලෙස අරපරිස්සමෙන් භාවිතා කිරීමේ හැකියාව ලබා දෙයි.  වෙබ් පිටු හැකිලීම නිසා ඔබට විශාල දත්ත ප්‍රමාණයක් ඉතිරි කරගැනීමේ හැකියාව ලැබේ. මම ද භාවිතා කරන්නේ මෙම Opera Mini බ්‍රව්සරයයි. මෙය මාගේ ප්‍රියතම වෙබ් බ්‍රව්සරය වන අතර එය ඔබේ ද ප්‍රියතම වෙබ් බ්‍රව්සරය වනු නොඅනුමානයි.

     

 Google Chrome:


      Google Chrome සම්පූර්ණයෙන්ම ප්‍රචලිත වූයේ ලොව පුරා පරිගණක  වෙබ් බ්‍රව්සරයක් ලෙසටයි.. එසේම  Google Chrome සුළු කාලයක් තුළ ඇන්ඩ්රොයිඩ් බ්‍රව්සර් අතර ඇන්ඩ්රොයිඩ් බ්‍රව්සරයක් ලෙස ඉහළ තැනක් ලබාගත්තේය. Chrome සරළ, වේගවත් සහ පහසුවෙන් වෙබ් අඩවිවෙත ලගාවීමේ හැකියාව ඇති ඇන්ඩ්රොයිඩ් බ්‍රව්සරයකි.. අපට මෙම ඇන්ඩ්රොයිඩ් බ්‍රව්සරය තුළින්ද අපගේ google account වෙත යාමටත් sync කිරීමේ හැකියවෙත් ලබා දෙයි. තවද tabs, bookmarks, passwords save කිරීමේ හැකියාව ලබා දී ඇත.


UC Browser:

      UC Browser යනු වඩාත් දුරකථන තුළ ප්‍රචලිත වූ තවත් වෙබ් බ්‍රව්සරයකි. එහෙත් එය ඇන්ඩ්රොයිඩ් සංස්කරණ තුළ එතරම් ප්‍රචලිත නැත. UC Browser තුළ වේගවත් download manager යක් ඇතුළත් වේ. එසේ ම මෙම බ්‍රව්සරයේද වේගවත් භාවයේ අඩුවක් නැත. භාවිතකරන්නාට අනුව පහසුවෙන් වෙනස් කිරීම් සිදුකරගත හැකි අතර, වෙබ් පිටු හොද හැකුළුම් හැකියාවක් ද මෙහි වැදගත් ලක්ෂණ අතර වේ. මෙම බ්‍රව්සරය ඉතා විශාල Files (ගොණු ) බාගත කිරීම සදහා භාවිතා කිරීම වඩාත් යෝග්‍යවේ. මා මෙහිදී UC Browser ය හොදම බ්‍රව්සරයයි කියා පැවසුවහොත් ඔබ එය පිළිනොගන්නවා... මක් නිසාද යත් UC Browser තුළ bugs සහ force closes ආකාරයේ ගැටලු පවතින නිසාය. මම මෙහි පවතින සුපිරි download වේගය නිසා download manager යක් ලෙස නිර්දේශ කිරීමට කැමතියි..    


Firefox:

      The Mozilla Firefox වෙබ් බ්‍රව්සරය desktop browsing සදහා හොද බ්‍රව්සරයක් ලෙස සැලකිය හැකිය. එය වේගවත්, භාවිතකරන්නාට අනුව පහසුවෙන් වෙනස් කිරීම් සිදුකරගත හැකි, අලුත්ම ආරක්ෂක සහ privacy features අඩංගු ඇන්ඩ්රොයිඩ් බ්‍රව්සරයකි. Firefox බ්‍රව්සරය වේගවත්ව වෙබ් පිටු වෙත යා හැකි අතර addons භාවිතා කිරීමේ හැකියාව ලබා දෙයි. Firefox බ්‍රව්සරය මගින් ද sync, bookmarks, saved passwords, recently opened tabs ආදී ලක්ෂණ පවතී. මෙම බ්‍රව්සරය flash supports කිරීම විශේෂත්වයිකි.


      හොදයි..! ඔබ හිතන්නේ වඩාත් හොද කුමන ඇන්ඩ්රොයිඩ් බ්‍රව්සරයද  කියාද? කරුණාකර ඔබේ පිළිතුර comment එකක් ලෙස යොදන්න. 
      එහෙනම් මම හිතනවා මේ පෝස්ට් එක ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා... මේක ඔයාලට ප්‍රයෝජනයක් වුණා නම් කමෙන්ට් එකක් එහෙම දාලා මගේ බ්ලොග් එකේ මෙම්බර් කෙනෙක් වෙන්න. ඔයාලගෙ ප්‍රතිචාර හොඳ නම් තමයි තව එක එක දේවල් ඔයාලට දෙන්න හිතෙන්නෙ. එහෙනම් ආයෙත් වැදගත් දෙයක් එක්ක හමුවෙමු...


1 comment:

  1. මමනම් පාවිච්චි කරන්නේ opera mini. It's all best

    ReplyDelete

ලිපිය සම්බන්ධයෙන් ඇති ඔබේ අදහස්, ගැටලු ආදිය විමසීමට මෙය භාවිතා කරන්න. අනවශ්‍ය ලෙස Backlinks යෙදූ ප්‍රතිචාර ඉවත් කෙරෙනු ලැබේ..