Dec 13, 2012

ලොව හොදම ඇන්ඩ්‍රොයිඩ් දුරකථන ක්‍රීඩා Best Android Games

      අද පටන් මම ඇන්ඩ්‍රොයිඩ් පිළිබදව ලිපි පෙලක් ඔබ වෙත ගෙන ඒමට සූදානම්... අද වන විට බොහෝ පුද්ගලයින් ඇන්ඩ්‍රොයිඩ් තාක්ෂණයෙන් යුත් දුරකථන භාවිතයට පෙළඹී සිටින බැවින් ඇන්ඩ්‍රොයිඩ් සම්බන්ධ ලිපි පෙළක් පළකිරීම වඩා වැදගත් වේ යැයි සිතේ.. මෙම ලිපියෙන් මම ඔබ දැනුවත් කරන්නට සිතුවේ ඇන්ඩ්‍රොයිඩ් දුරකථන ක්‍රීඩා කිහිපයක් පිළිබදවයි.. ඇන්ඩ්‍රොයිඩ් දුරකථන ක්‍රීඩා විශාල ප්‍රමාණයක් වෙබ් අඩවිවල තිබුනත් ඉන් ඇත්තෙන්ම ප්‍රසිද්ධ ඒවා ඇත්තේ ඉතා සුලු ප්‍රමාණයක්...  ප්‍රචලිත වූ සෑම ඇන්ඩ්‍රොයිඩ් දුරකථන ක්‍රීඩාවක්ම ‍එසේ වීමට යම් අද්විතීය භාවයක් තිබිය යුතුයි... මා මෙහිදී කතාකරන්නට බලාපොරොත්තුවන්නේ ප්‍රචලිත වූ ඇන්ඩ්‍රොයිඩ් දුරකථන ක්‍රීඩාවන් පහක් පිළිබදවයි...
      
      මෙන්න මම ඔයාලට දෙන තක්සේරුකිරීම් හා විමර්ශනවලට අනුව ප්‍රචලිත වූ ඇන්ඩ්‍රොයිඩ් දුරකථන ක්‍රීඩා කිහිපය.


Angry Birds Space
  
      ඔබේ අනුමානය නිවැරදියි. Angry Birds Space අපේ ලිස්ට් එකේ ඉහළින්ම තියෙන්නේ... Angry Birds Space ඇන්ඩ්‍රොයිඩ් දුරකථන ක්‍රීඩාව ROVIO ආයතනයේ පළමු නිර්මාණයයි... Angry Birds Space ඇන්ඩ්‍රොයිඩ් දුරකථන ක්‍රීඩාව තාරකා අතර පවත්නා ගුරුත්වාකර්ශන බලයක් රහිත ග්‍රහලෝකවල මට්ටම් 130 කින් පමන වූ ඇන්ඩ්‍රොයිඩ් දුරකථන ක්‍රීඩාවක්.. Angry Birds Space ඇන්ඩ්‍රොයිඩ් දුරකථන ක්‍රීඩාව තුළ විශිෂ්ට ආකාරයෙන් මන්ද චලන, විනාශවීම්වල දර්ශන පෙළගස්වා තියෙනවා... එසේම ක්‍රීඩකයාට අවශ්‍ය නොමි‍ලයේ යාවත්කාලීන, අලුත්ම කුරුල්ලන්, අලුත්ම බලවතුන් සහ මන්දාකිනිය ගවේශනය කිරීමේ අවස්ථාව විධිමත් ලෙස මෙම ක්‍රීඩාවෙන් ක්‍රීඩකයාට ලැබේ. ක්‍රීඩාව බාගැනීම සදහා මෙතන ක්ලික් කරන්න.


Cut the Rope

      Cut the Rope ඇන්ඩ්‍රොයිඩ් දුරකථන ක්‍රීඩාව සම්මානයකට පාත්‍ර වූවකි. එය ZeptoLab ආයතනයේ නිර්මාණයක් වේ. එය අද්භූත සිද්ධි ආශ්‍රිත ඇන්ඩ්‍රොයිඩ් දුරකථන ක්‍රීඩා තුළින් App Store තුළ ප්‍රථස ස්ථානයට ලගා වූවකි.. එසේම එය ඇන්ඩ්‍රොයිඩ් දුරකථන ක්‍රීඩාවක් ලෙස ලැබූ ජනප්‍රසාදය ඇන්ඩ්‍රොයිඩ් ප්‍රචලිත වීමටද හේතුවක් වෙලා තිබෙනවා.... Om Nomනම් පුංචි රාක්ෂයෙක් වටා ගෙතුනු චරිතයකට පණපෙවීම ක්‍රීඩකයාගේ කාර්යය වේ...  ක්‍රීඩාවේදී ඔබේ ඇගිල්ල කඔය අතරින් ගෙනගොස් රසවත් කලඔ පුංචි රාක්ෂයාගේ මුඛයට හෙලිය යුතුය.. එසේම ක්‍රීඩාවේ යෙදෙන විට දර්ශනය වන තරු එකතුකරගැනීම සහ බුබුලු බිදීම එකදිගට සිදුකරීමට අමතක නොකරන්න. ක්‍රීඩාව බාගැනීම සදහා මෙතන ක්ලික් කරන්න.


Temple Run

      The addictive mega-hit Temple Run ක්‍රීඩාව දැන් ඇන්ඩ්‍රොයිඩ් සදහා නිකුත්කර තිබෙනවා... Temple Run ඇන්ඩ්‍රොයිඩ් දුරකථන ක්‍රීඩාව ඇලෙන ගැලෙන ක්‍රීඩාවකි. එසේම මේ කාලයේ ගොඩක් ප්‍රචලිතයි... ඔබ මෙම ක්‍රීඩාවේදී  දෙව් මැදුරෙන් සොරෙන්ගත් ශාපලත් ප්‍රතිමාව ද රැගෙන ජීවිතය බේරාගරනීමට එයින් පලායා යුතුය. දුෂ්ට රාක්ෂ වදුරන්  ඔබේ පාද තදින් මිරිකනු ඇත. ‍මං මාරුකරමින් සොරෙන් පැනගැනීම කළ යුතු අතර බාදාවන් මගහැර යාමටත් ඒ අතර කාසි එකතු කරගැනීමත් ක්‍රීඩකයා විසින් කළ යුතුය. එකතු කරගත් කාසි මගින් අලුත් චරිත ලබා ගැනීමේ අගුලු විවෘත කරගැනීමේ හැකියාව ලැබේ... ඔබට කොතෙක් දුරට ක්‍රීඩා කළ හැකි දැයි බලන්න... ක්‍රීඩාව බාගැනීම සදහා මෙතන ක්ලික් කරන්න.




Fruit Ninja Free

       Fruit Ninja යනු රසවත් ක්‍රියාවන් සහිත ක්‍රීඩාවකි.. එක දිගට වැටෙන පළතුරු සංහාරය දිගට හරහට කැපීම ක්‍රීඩකයාගේ කාර්යයයි... තිඑය තුළ එහා මෙහා යමින් පළතුරු දිගට හරහට කපමින් සත්‍ය රණ ශූරෙයකු වන්න... මෙම ක්‍රීඩාව ක්‍රීඩකයා හට ආකාර තුනකට ක්‍රීඩා කිරීමේ හැකියව ලබා දී ඇත. ඒවා නම්,  සම්භාවනීය (Classic ), සෙන් ( Zen ) සහ අලුත් Arcade. bonus Dojo ඒකකය තුළ අගුළු ඇරිය හැකි තල සහ පසුතල ඇතුළත් වේ... එසේම මෙම ක්‍රීඩාවේ දී ඔබ ලබාගත් ජයග්‍රහනවලට අදාල ලකුණු online leaderboards වෙත Openfeint මගින් submit කිරීමේ හැකියාව ඇත. ක්‍රීඩාව බාගැනීම සදහා මෙතන ක්ලික් කරන්න.


Stunt Car Challenge



       විස්මය දනවන අමාරු ක්‍රියාවන් ඇතුළත් සහිත ඇලෙනගැලෙන සුළු ක්‍රීඩාවකි...! ක්‍රීඩකයා බාධක මග හරිමින් වාහනය ධාවනය කළ යුතු වේ. ධාවනය කරන අතර ඉහළින් පැන්නීම්වලදී කාසි ලැබේ.. මුලින්ම ධාවනයට වඩාත් පහසු ධාවන පථ තෝරාගැනීම කළ යුතුය. අභියෝගය වන්නේ සෑම ක්‍රීඩා මට්ටමකදීම තරු 3ක් ලබාගැනීමයි... ක්‍රීඩාව බාගැනීම සදහා මෙතන ක්ලික් කරන්න.

 
 
 
      එහෙනම් මම හිතනවා මේ පෝස්ට් එක ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා... මේක ඔයාලට ප්‍රයෝජනයක් වුණා නම් කමෙන්ට් එකක් එහෙම දාලා මගේ බ්ලොග් එකේ මෙම්බර් කෙනෙක් වෙන්න. ඔයාලගෙ ප්‍රතිචාර හොඳ නම් තමයි තව එක එක දේවල් ඔයාලට දෙන්න හිතෙන්නෙ. එහෙනම් ආයෙත් වැදගත් දෙයක් එක්ක හමුවෙමු...


0 ක් ප්‍රතිචාර ලැබී ඇත.:

Post a Comment

ලිපිය සම්බන්ධයෙන් ඇති ඔබේ අදහස්, ගැටලු ආදිය විමසීමට මෙය භාවිතා කරන්න. අනවශ්‍ය ලෙස Backlinks යෙදූ ප්‍රතිචාර ඉවත් කෙරෙනු ලැබේ..