Dec 19, 2012

Samsung Galaxy Y GT-S5360 දුරකථනය Root කරගන්නේ මෙහෙමයි. - How to Root the Samsung Galaxy Y GT-S5360

      කළින් ලිපිවලදී Root කරාට පසු සිදුකළ හැකි දේවල් පිළිබද කතාකළත් Root කිරීම සම්බන්ධයෙන් ලිපියක් ලිව්වේ නැති නිසා අද කොහොමද Galaxy Y GT-S5360 දුරකථනය Root කරන්නේ කෙසේ දැයි බලමු. Root කිරීමෙන් පසු ඔබගේ දුරකථනයේ apps එකතුවට Superuser යන්නක් එකතු වෙයි. මෙම මෘදුකාංගය මගින් ඔබගේ දුරකථනයෙන් උපරිම ප්‍රයෝජනයක් හා තවත් විවිධ උපක්‍රම සිදුකිරීමේ හැකියාව ලබා දෙයි. හොදයි දැන් අපි බලමු කොහොමද Galaxy Y GT-S5360 දුරකථනය Root කරන්නේ කෙසේද කියා...

1. root file එක Download කරගැනීමට මෙතන ක්ලික් කරන්න.
 

2. එම root file එක ඔබගේ SD card එකට Copy කරගන්න. ( FOLDER යක් තුළට දැමීමෙන් වළකින්න )



3. දුරකථනය Switch off කරන්න.



4. Recovery mode එකෙන් Boot වීම ආරම්භ කිරීමට Volume Up + Lock Button + Home Button යන Buttons එකවර press කරගෙන Samsung boot logoව දිස්වන තෙක් ඉන්න.



5. ඔබගේ සොයා root file (උදා: update-root.zip) “Apply Update to SD Card” යන්න Select  කරගන්න. Recovery mode හිදී Touchscreen එක  disabled වේ.  Scroll කිරීම සදහා volume keys භාවිතා කරන්න.



6.  පසුව root file රක Install වීම ආරම්භවන අතර එම ක්‍රියාවලිය අවසන් වූ පසු reboot කිරීමට විමසයි.



7. “Reboot”  යන්න Select කරන්න. මිනිත්තු 5-10 ක කාලයක් මේ සදහා ගතවිය හැකියි. ඔබගේ root කළ දුරකථනයේ apps එකතුවේ “Superuser” app එක දර්ශනය වේ.

වැදගත් : මෙහිදී මම මෙම ලිපියෙන් Galaxy Y GT-S5360 දුරකථනය Root කරන්නේ කෙසේද කියා දැනුවත් කළේ.. කෙසේ වෙතත් මෙය Galaxy Y DUOS, PRO හෝ Galaxy Pocke යන මාදිලි සදහා ක්‍රියා නොකරයිt. මෙම root file එක  Samsung Galaxy Y GT-S5360 සදහාම පමණක් නිකුත් කරන ලද්දකි.

      එහෙනම් මම හිතනවා මේ පෝස්ට් එක ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා... මේක ඔයාලට ප්‍රයෝජනයක් වුණා නම් කමෙන්ට් එකක් එහෙම දාලා මගේ බ්ලොග් එකේ මෙම්බර් කෙනෙක් වෙන්න. ඔයාලගෙ ප්‍රතිචාර මත තමයි තව එක එක දේවල් ඔයාලට දෙන්න හිතෙන්නෙ. එහෙනම් ආයෙත් වැදගත් දෙයක් එක්ක හමුවෙමු...


Sandriesoft Radio Premium Version App එක දිනාගන්න අවස්ථාවක්...!

මොකක්ද මේ Sandriesoft Radio කියන්නේ..?

      Sandriesoft Radio කියන්නේ අන්තර්ජාලයේ සැරිසරන අවස්ථාවන්හිදී රේඩියෝවක් ලෙස  සවන්දීමට හැකි මෘදුකාංගයකි. මාගේ සමීක්ෂණවලට අනුව එය එවකට ලාංකාවේ නිර්මාණය කළ ක්‍රියාත්මකවන එකම රේඩියෝ මෘදුකාංගය බව තහවුරු විය. එම මෘදුකාංගය Portable මෘදුකාංගයක් ලෙසටයි මම නිර්මාණය කළේ.. ඒ කියන්නේ ස්ථාපනය කරන්න දෙයක් නැහැ කියන එකයි.. රෑපයේ දැක්වෙන්නේ එහි දර්ශනයක්.. ශ්‍රී ලාංකීය රේඩියෝ නාලිකා අටක් ඊට ඇතුළත් කර තිබුනා... ඉතා සරළ මුහුණතක් තමයි මේ මෘදුකාංගයට තියෙන්නේ.. ඉතින් ඔයාලට මේ මෘදුකාංගය නිසා ඕනෑම තැනකට පෙන් එකක ගෙනෙහින් රේඩියෝ අහන්න පුලුවන් වේවි..

 
පැරණි සංස්කරණය

  
      Sandriesoft Radio වට ලැබුන ප්‍රතිචාර නිසාම එහි නව සංස්කරණයක් පසුගියදා නිකුත් කෙරුණා... මෙහිදී වැඩි අවධානයක් යොමුකළේ එක්සත් රාජධානියේ FM නාලිකාවන් කෙරෙහියි... මන්ද යත් බහුතර පිරිසකගේ රසාස්වාදය දිනාගත් නාලිකාවන් ට සවන්දීමට සෑම අයෙක්ම පාහේ කැමති නිසාය. මෙහිදී විශේෂ යමක් කිව යුතුමයි.. වැඩිදියුණු කළ  Sandriesoft Radio වට ඇතුළත් කර ඇති නාලිකා සියල්ලක්ම Sterio තාක්ෂණයෙන් යුතු අතර උසස් රසාස්වාදයක් සදහා වැඩි Bitrate අගයක් භාවිතා වේ. Sandriesoft Radio වේ නවතම සංස්කරණයට ලංකාවේ නාලිකා තුනක් ද ඇතුළත්ව නාලිකා 24ක එකතුවක් ඇත.

Sandriesoft Radio Premium Version එකේ නව අංග මොනවාද..?

·             දේශීය නාලිකා 3.
·         විදේශීය නාලිකා 21.
·         උසස් රසාස්වාදයක් වෙනුවෙන් වැඩි Bitrate අගයක්.
·         සෑම නාලිකාවක්ම Sterio තාක්ෂණයෙන් යුක්තයි.
·         පහසුවෙන් මෘදුකාංගයේ යාවත්කාලීන ලබාගැනීමේ හැකියාව.
·         මනබදිනා නාලිකා රදවනය.
·         භාවිතාකරන්නා මෘදුකාංගය පිළිබද දරන මතය සැමට දර්ශනය වන ස්ථානයක රැදවීමේ හැකියාව


කෙසේද මේ Sandriesoft Radio Premium Version එක දිනාගන්නේ..?

            Sandriesoft ට ආදරය කරන අපගේ පාඨක ජනතාව අපිට කිසිදා අමතක කළ නොහැකියි... ඔවුන් වෙනුවෙන් අප මෙතෙක් නිර්මාණය කළ සෑම මෘදුකාංගයක්ම නොමිලයේ ලබාදීමට අප කටයුතු කළෙමු... ඉදිරියටද අප එම ක්‍රියාවලිය ගෙනයාමට අපගේ කිසිදු පැකිලීමක් නොමැත. එහෙත් කළින් නිර්මාණය කළ ලාංකික ජනතාවට පමණක් නොමිලයේ වූ  Sandriesoft මෘදුකාංග රැසක් වෙනත් විදේශීය ආයතන කිහිපයකට අයත් වෙබ් අඩවි රාශියක පළකර තිබූ බව ඔබට මීට පෙර සදහන් කළා මතක ඇත. ඇතැමුන් ඒවා යළි විකිණීම්වලට පවා නැඹුරු වී සිටියා.. තවත් සමහරු Crack එකක් ද සමග download කරගැනීමේ පහසුකම් යොදා තිබුනා.. මේ නිසා Sandriesoft මගින් නිපදවන නව මෘදුකාංගවල ආරක්ෂාව උදෙසා යම් යම් ආරක්ෂක වැඩපිළිවෙලවල් යෙදීමට පසුකළෙක Sandriesoft Inc. තීරණය කළා... කෙසේ නමුත් මා මෙහිදී පැවසීමට උත්සාහ ගත්තේ අප ලාංකීය ජනතාවට වුවද නොමිලයේ මෘදුකාංග සැපයුවත් සෑම මෘදුකාංගයක්ම නොමිලයේ සැපයීමෙන් Sandriesoft Inc. වෙත කිසිදු ප්‍රතිලාභයක් නොලැබෙන බවයි. එම නිසා ඇතැම් මෘදුකාංගවල Premium Version වෙනම මිලදී ගැනීම් සදහා අප නිකුත් කිරීමට තීරණය කරා... ඒ අනුව නිකුත් කළ ප්‍රථම මෘදුකාංගය Sandriesoft Radio Premium Version එකයි.
 
      කෙසේ නමුත් එයද එක්තරා තරගයක් පවත්වා නොමිලයේ ලබාදීම සදහා අප තීරණය කළා.. මෙම තරගයට ඕනෑම අයෙකුට සහභාගී වීමේ අවස්ථාව හිමිවෙනවා... තරගයට සහභාගී වන සෑම අයෙක්ම පහත දත්ත ඇතුළත් කර වෙත එවීම සිදුකළ යුතුය.

      මෙහි දී තරගකරුවන් සිදු කළ යුත්තේ අප අසන පැනයට නිවැරදි පිළිතුර ලබාදීම පමණි. සතියකට එක ප්‍රශ්නයක් ලබා දෙන අතර එයින් එකකට හෝ නිවැරදි පිළිතුර සැපයුවහොත් ඔහුට හෝ ඇයට මෙම මෘදුකාංගය ලබාගන්න පුලුවන් වෙනවා.. ඒ අනුව මසකට ජයග්‍රාහකියින් 7 දෙනෙක් තොරාගැනීම සිදුකරනු ලබනවා.. සෑම කටයුත්තක්ම විනිවිධ භාවයකින් යුක්තව සිදු කරන බව මෙහිදී පැවසිය යුතුම කාරණයකි.. තරගය සම්බන්ධයෙන් ඇති ගැටලු , යෝජනා ආදිය Comment කරන්න.. 

නැතිනම් කෙසේද මේ Sandriesoft Radio Premium Version එක මිළදීගන්නේ..?

     වැඩිදියුණු කළ  Sandriesoft Radio මෘදුකාංගය ශ්‍රී ලාංකිකයින් සදහා Sandriesoft මගින් විශේෂ මිල අඩුකිරීමක් ලබා දේ. Sandriesoft Radio Premium version එක මිළදීගන්නා සෑම අයෙකුටම යාවත්කාලීන නොමිලයේ ලබාගැනීමේ හැකියාව ලැබෙන අතර නාලිකා ප්‍රමාණය වැඩිකරගැනීමේ හැකියාවත් තමන්ට අවශ්‍ය ප්‍රියතම නාලිකාවක් වේ නම් එයද ඇතුළත් කර නව යාවත්කාලීන ලබා දීමට Sandriesoft සූදානම්... Sandriesoft Radio Premium version එක මිළදීගැනීමට හෝ අවශ්‍ය විස්තර ලබා ගැනීමට sandriesoft@gmail.com යන විද්‍යුත් ලිපිනය භාවිතා කරන්න.

      එහෙනම් මම හිතනවා මේ පෝස්ට් එක ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා... මේක ඔයාලට ප්‍රයෝජනයක් වුණා නම් කමෙන්ට් එකක් එහෙම දාලා මගේ බ්ලොග් එකේ මෙම්බර් කෙනෙක් වෙන්න. ඔයාලගෙ ප්‍රතිචාර මත තමයි තව එක එක දේවල් ඔයාලට දෙන්න හිතෙන්නෙ. එහෙනම් ආයෙත් වැදගත් දෙයක් එක්ක හමුවෙමු...
 

Dec 14, 2012

ඔබගේ Galaxy Yදුරකථනය Modem එකක් ලෙස භාවිතා කරන්නේ මෙහෙමයි... How To Use Galaxy Y as Internet Modem...

      අද වන විට Samsung ආයතනයේ Samsung Galaxy Y දුරකථනය ලාභදායි සහ වුවමනා සපුරාලන ඇන්ඩ්‍රොයිඩ් දුරකථනයක් බවට පත්වී ඇත. Samsung Galaxy Y දුරකථනය තරුණ පිරිස් අතර වඩාත් ජනප්‍රිය වී ඇත්තේ ලාභදායිම ඇන්ඩ්‍රොයිඩ් දුරකථනයක් බවට එය පත් වී ඇති නිසාය. මේ වන විට බොහෝ පිරිසක් දුරකථනය modem එකක් ලෙස අඩු මුදලකින් ගෙදර සිටම පරිගණකයෙන් අන්තර්ජාලයට පිවිසීමට යොදාගනී. ඔබටත් Samsung Galaxy Y දුරකථනයක් තිබේනම් සහ එය modem එකක් ලෙස භාවිතා කිරීමට අවශ්‍ය නම් මෙම ලිපියෙන් ඒ සදහා උදව්වක් වනු ඇත.
 
      දුරකථනය modem එකක් ලෙස භාවිතා කර අන්තර්ජාලයට පිවිසීමට KIES නැමැති මෘදුකාංගයක් තිබුනත් අප මෙම ලිපියෙන් කතා කිරීමට බලාපොරොත්තු වන්නේ PDAnet නැමැති මෘදුකාංගය පිළිබදවයි. PDAnet මෘදුකාංගය ඇන්ඩ්‍රොයිඩ් මෘදුකාංග අතර හොදම 10 අතරට පැමිණි මෘදුකාංගයකි. එකම එක ක්ලික් එකකින් PDAnet මෘදුකාංගය ක්ෂණිකව පරිගණකය අන්තර්ජාලය හා සම්බන්ධය ගොඩනගයි. මේ සදහා ඔබගේ Samsung Galaxy Y දුරකථනය root කර තිබීමක් හෝ දුරකථනයේ firmware එක hack කර තිබීම අවශ්‍ය වන්නේ නැත. මෙම මෘදුකාංගය සෑම ඇන්ඩ්‍රොයිඩ් දුරකථනයක් තුළම ස්ථාපනය කිරීමේ හැකියාවද ඇත. PDAnet මෘදුකාංගය USB Tether සහ Bluetooth DUN යන දෙකටම support කරන්නකි. ඔ‍බගේ දුරකථනය data service, WiFi, හෝ VPN යන ඕනෑම ආකාරයකට පරිගණකය සමග සම්බන්ධ කරදීමේ හැකියාව මෙම මෘදුකාංගය සතුවේ.. සාමාන්‍යයෙන් USB ඔස්සේ සම්බන්ධ කළහොත් මෙම මෘදුකාංගය භාවිතාකර 35Mbps (35000kbps) ක පමණ download speed එකක් ලබාගත හැකිය.


දුරකථනය modem එකක් ලෙස භාවිතා කිරීමට අනුගමනය කළයුතු පියවර :

  • පළමුවෙන්ම  PDAnet මෘදුකාංගය downloadකර පරිගණකයේ ස්ථාපනය කරගන්න.

  • දැන් PDAnet මෘදුකාංගය දුරකථනයට Google Play Store වෙත ගොස් download කර install කරගන්න.

  •  PDAnet මෘදුකාංගය පරිගණකය තුළ ස්ථාපනය කරගන්නා අතරතුර ඔබේ දුරකථනය USB cable එක හරහා සම්බන්ධ කරන ලෙස ඉල්ලයි. පසුව ඔබේ දුරකථනය USB cable එක හරහා සම්බන්ධ කළ පසු drivers ස්ථාපනය වීම ආරම්භ වේ.

  • ස්ථාපනය වීම අවසන් වූ පසු ඔබේ දුරකථනය USB cable එක හරහා සම්බන්ධ කර දුරකථනයේ PDAnet මෘදුකාංගය වෙත ගොස් Enable USB Tether Mode යන්න touch කරන්න.

  • සියල්ල සිදුකර අවසන්! දැන් ඔබේ පරිගනකයේ taskbar හි ඇති PDAnet icon එක right click කර connect යන්න click කරගන්න. ( මේ අවස්ථාවේදී ඔබගේ දුරකථනයේ Use packet data [Settings > Wireless and network settings > Mobile network settings > Use packet data] යන්න enabled තත්වයේ තිබිය යුතුය.)

       මෙම පියවර කිහිපය අනුගමනය කරමින් ඔබට
Samsung Galaxy Y දුරකථනය  modem එකක් ලෙස භාවිතා කිරීමට හැකිවනු ඇත. ලිපිය සම්බන්ධයෙන් ඔබට කිසියම් ගැටලුවක් ඇත්නම් එය comment එකක් ලෙස යොදන්න.


      එහෙනම් මම හිතනවා මේ පෝස්ට් එක ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා... මේක ඔයාලට ප්‍රයෝජනයක් වුණා නම් කමෙන්ට් එකක් එහෙම දාලා මගේ බ්ලොග් එකේ මෙම්බර් කෙනෙක් වෙන්න. ඔයාලගෙ ප්‍රතිචාර හොඳ නම් තමයි තව එක එක දේවල් ඔයාලට දෙන්න හිතෙන්නෙ. එහෙනම් ආයෙත් වැදගත් දෙයක් එක්ක හමුවෙමු...