Nov 21, 2012

Unlimited Free SMS..!! ඔව් Unlimited...!!!

      කොහොමද ඉතින්... අද මම ඔයාලව දැනුවත් කරන්න හිතුවේ නොමිලයේ කෙටි පණිවිඩ නැත්නම් Free SMS යවන්නේ කොහොමද කියලා කියන්නයි... ඊට කළින් යමක් කියන්න තියනවා... ගොඩ කාලයකින් තමා මේ අඩවිය යාවත්කාලීන කරන්නට වුනේ... ඉතින් මේ දවස්වල තරමක් කාර්යබහුලතාවකින් කාලය ගතවන නිසා අලුතින් මෘදුකාංගයක් නිර්මාණය කිරීමට අදහසක් ආවේ නෑ... ලංකාවේ අපේ යාලුවන්ට එදිනෙදා පරිගණකය භාවිතයේ දී ඇතිවන යම් යම් ගැටලු ඇතිවාට කිසිම සැකයක් නෑ.. ඉතින් ඒ ගැටලුවලට මෘදුකාංගයක් මගින් ප්‍රතිකර්මයක් සිදුකිරීමේ හැකියාවක් තියෙනවා... ඉතින් එසේ ඇතිවන ගැටලු නිසා ඔබට නව අදහස් එන්නට පුලුවන්... උදාහරණයක් හැටියට ඔයා පරිගණකය භාවිතා කරන විට කාලය ගෙවීයනවා තේරෙන්නෙත් නැතිව ඇති... ඒ කාලය අතරතුර ඔයාට කරන්න තියන වෙනත් කටයුතු පිළිබද සිහිකැදවීමේ මෘදුකාංගයක් තිබුනොත්... ඇත්තෙන්ම එය ප්‍රයෝජනවත් වේවි නේද,... ඒ වාගේ අදහසක් ආවොත් අපිට කියන්න... Sandriesoft ඔබට එම සේවා මෘදුකාංගය නොමිලයේම නිඒමාණය කර දීමට සූදානම්... ඉතින් ඔබේ අදහස් අගය කිරීම පිණිස ඔබේ නමත් මෘදුකාංගයට ඇතුළත් කිරීමට අප මැලි නොවන්නෙමු... ඉතින් ඔබේ නම අදහස්, යෝජනා ඉදිරිපත් කරන්න මේ ලිපිනයන් sandriesoft@gmail.com හෝ gihankashnuka@gmail.com භාවිතා කරන්න...

      හරි එහෙනම්... යලි ලිපියට අවධානය යොමුකරමු... මම කළින්ම කිව්වා අද ඔයාලව දැනුවත් කරන්න හිතුවේ නොමිලයේ කෙටි පණිවිඩ නැත්නම් Free SMS යවන්නේ කොහොමද කියලා කියන්නයි කියලා... ඔයාලා මේ ගැන කියලා තියන ගොඩක් අඩවි දැකලා ඇති... නමුත් එම කාර්යය හරි හැටි සිදු කරගත හැක්කේ අඩවි ඒ අතරින් කීපයකින් විතරයි... ඉතින් අද මම ඔයාලට දෙන්නේ ඒ අතරින් තෝරාගත් එක් අඩවියක්....

  • මුලින්ම ‍අඩවියට යා යුතුයි... ඒ සදහා මෙතන ක්ලික් කරන්න. 
  • එවිට පහත රෑපයේ පරිදි දිස්වේ...



  •  දැන්,
                    Select Country   :    SMS එක යවන්න අවශ්‍ය රට තෝරා දෙන්න.
                    Mobile Number :    පණිවිඩය ලබන්නාගේ දුරකථන අංකය ලබා දෙන්න.
                                                    (උදා : 009471*******)
                    Your Message   :    යැවීමට අවශ්‍ය පණිවිඩය සදහන් කරන්න.
                 
දැන් Send  කරන්න.


  බොහෝවිට මිනිත්තු 2ක් ඇතුළත පණිවිඩය ලැබෙනවා. සමහර විටක පැයක් හෝ පැය දෙකක් ගතවිමට පුළුවන.


      එහෙනම් මම හිතනවා මේ පෝස්ට් එක ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා... මේක ඔයාලට ප්‍රයෝජනයක් වුණා නම් කමෙන්ට් එකක් එහෙම දාලා මගේ බ්ලොග් එකේ මෙම්බර් කෙනෙක් වෙන්න. ඔයාලගෙ ප්‍රතිචාර හොඳ නම් තමයි තව එක එක දේවල් ඔයාලට දෙන්න හිතෙන්නෙ. එහෙනම් ආයෙත් වැදගත් දෙයක් එක්ක හමුවෙමු...


4 comments:

  1. වැදගත් ලිපියක් සහෝදරයා... දිගටම ලියනවනම් හොදයි. අපි ඔයත් එක්ක.

    ReplyDelete
  2. niyamai hoda wadak meka dowlad karanna barida?

    ReplyDelete

ලිපිය සම්බන්ධයෙන් ඇති ඔබේ අදහස්, ගැටලු ආදිය විමසීමට මෙය භාවිතා කරන්න. අනවශ්‍ය ලෙස Backlinks යෙදූ ප්‍රතිචාර ඉවත් කෙරෙනු ලැබේ..