Nov 26, 2012

පහසුවෙන් Facebook Group Multi Post කරන්නේ මෙහෙමයි


     අද මම ඔයාලව ටිකක් වෙනස් දෙයක් ගැන තමා දැනුවත් කරන්න හිතුවේ... කෙටියෙන්ම කියනවා නම් ප්‍රචාරණ කටයුතු සදහා Facebook Groups යොදාගන්නා අයට ඒ කටයුත්ත පහසුකරවන දෙයක් ගැන තමයි අද කතාකරන්නේ... ඇත්තෙන්ම කියනවා නම් මෙය Facebook Application එකක්... මෙමගින් සිදුකරන්නේ ඔබගේ Facebook ගිණුමේ ඔබ සාමාජිකත්වය ලබා සිටින සෑම Facebook Group එකකටම ඔබ විසින් සකස් කරන ලද ලින්ක්, කෙටි පණිවිඩය හෝ යැවීමයි. සාමාන්‍ය ක්‍රමයට ඔබ මෙම කාර්යය සිදුකරන්නට ගියහොත් ඒ සදහා විශාල කාලයක් අපතේ යැවීමට සිදුවනවා සේම ඒ සදහා සැළකිය යුතු දත්ත ප්‍රමාණයක් වැය වීමක් ද සිදුවනවා.. 

      කෙසේ නමුත් Facebook Application භාවිතයේදී තරමක් සැළකිලිමත් වීම වැදගත් කාරණයකි. මන්ද යත් ඔබ යම් Facebook Application එකක් ක්‍රියාකරවන අවස්ථාවන්හීදී ඔබගේ Facebook ගිණුමේ ඇති සෑම තොරතුරක් කෙරෙහිම අවධානය යොමු කරමින් අවශ්‍ය දත්තයන් සොයා ලබා ගැනීමේ හැකියාවක් Facebook Application වලට ඇති බැවැනි.  Facebook Application  සෑදීම ඕනෑම පුද්ගලයෙකුට සිදුකළ හැකි දෙයකි. විවිධ සිත්ගන්නා සුළු ආකාරයට පිටතට වෙනත් ප්‍රතිරෑපයක් මවමින් එම පුද්ගලයාගේ යටි අරමුණු ඉටුකරගැනීම සදහා නිර්මාණය කළ Facebook Application  එමටය. එමනිසා Facebook Application භාවිතයේදී සැක සහිත Facebook Application වලට  Connect වීමෙන් වැළකීමට ඔබ සැළකිළිමත් විය යුතුයි

      හොදයි... තවත් යමක් මතක් කරන්න තියෙනවා... Sandriesoft Radio වට ලැබුන ප්‍රතිචාර නිසාම එහි නව සංස්කරණයක් පසුගියදා නිකුත් කෙරුණා... 

මෙහිදී වැඩි අවධානයක් යොමුකළේ එක්සත් රාජධානියේ FM නාලිකාවන් කෙරෙහියි... මන්ද යත් බහුතර පිරිසකගේ රසාස්වාදය දිනාගත් නාලිකාවන් ට සවන්දීමට සෑම අයෙක්ම පාහේ කැමති නිසාය. මෙහිදී විශේෂ යමක් කිව යුතුමයි.. වැඩිදියුණු කළ  Sandriesoft Radio වට ඇතුළත් කර ඇති නාලිකා සියල්ලක්ම Sterio තාක්ෂණයෙන් යුතු අතර උසස් රසාස්වාදයක් සදහා වැඩි Bitrate එකක් භාවිතා වේ. Sandriesoft Radio වේ නවතම සංස්කරණයට ලංකාවේ නාලිකා තුනක් ද ඇතුළත්ව නාලිකා 24ක එකතුවක් ඇත. වැඩිදියුණු කළ  Sandriesoft Radio මෘදුකාංගය ශ්‍රී ලාංකිකයින් සදහා විශේෂ මිල අඩුකිරීමක් ලබා දේ. Sandriesoft Radio Premium version එක මිළදීගන්නා සෑම අයෙකුටම යාවත්කාලීන නොමිලයේ ලබාගැනීමේ හැකියාව ලැබෙන අතර නාලිකා ප්‍රමාණය වැඩිකරගැනීමේ හැකියාවත් තමන්ට අවශ්‍ය ප්‍රියතම නාලිකාවක් වේ නම් එයද ඇතුළත් කර නව යාවත්කාලීන ලබා ගැනීමේ පහසුකමත් Sandriesoft ලබාදීමට සූදානම්... Sandriesoft Radio Premium version එක මිළදීගැනීමට හෝ අවශ්‍ය විස්තර ලබා ගැනීමට sandriesoft@gmail.com යන විද්‍යුත් ලිපිනය භාවිතා කරන්න. 

      හොදයි... එසේ නම් පහසුවෙන් Facebook Group Multi Post කරන්නේ කෙසේද යන්න පිළිබදව අවධානය යොමු කරමු. මේ සදහා ඒ කාර්යය පහසු කිරීම පිණිස නිර්මාණය කළ Facebook Application වෙත ප්‍රථමයෙන් යාමට මෙතන ක්ලික් කරන්න.

අදාළ Facebook Applicationට අයත් වෙබ් අඩවිය විවෘත විය. එහි ඇති Connect යන්න ක්ලික් කරන්න. පසුව  

Go to App ලබාදී දැන් Allow යන්න ක්ලික් කරන්න.

එවිට පහත රූපයේ පරිදි දිස්වේ.. එහි,



Your Message :    යැවීමට අවශ්‍ය පණිවිඩය ලබා දෙන්න. (යුනිකොඩ් යෙදිමේන් වලකින්න.)
Post Link (URL) : යැවීමට අවශ්‍ය පණිවිඩය / ලිපියේ ලින්ක් එක ලබා දෙන්න.
Post Image Link (URL) : ගැලපෙන පින්තූරයක ලින්ක් එක ලබා දෙන්න.
Groups :   Select All ඉදිරියේ ඇති Check box එකට tik එකක් දමා පහළ ඇති Post යන්න ක්ලික් කරන්න.


සුළු කාලයක් තුළ අදාළ Facebook Group සියල්ලටම ඔබ ලබා දුන් පණිවිඩය ලැබෙනු ඇත.

   
      එහෙනම් මම හිතනවා මේ පෝස්ට් එක ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා... මේක ඔයාලට ප්‍රයෝජනයක් වුණා නම් කමෙන්ට් එකක් එහෙම දාලා මගේ බ්ලොග් එකේ මෙම්බර් කෙනෙක් වෙන්න. ඔයාලගෙ ප්‍රතිචාර හොඳ නම් තමයි තව එක එක දේවල් ඔයාලට දෙන්න හිතෙන්නෙ. එහෙනම් ආයෙත් වැදගත් දෙයක් එක්ක හමුවෙමු...


4 comments:

ලිපිය සම්බන්ධයෙන් ඇති ඔබේ අදහස්, ගැටලු ආදිය විමසීමට මෙය භාවිතා කරන්න. අනවශ්‍ය ලෙස Backlinks යෙදූ ප්‍රතිචාර ඉවත් කෙරෙනු ලැබේ..