Nov 1, 2012

පරිගණකය මන්දගාමීද? Defragment කරමු...!


 Sandriesoft සමග සිටි ඔබට බෙහෙවින් ස්තූතිවන්ත වෙනවා.. දින කීපයක සිට අඩවිය යාවත්කාලීන කිරීමට නොහැකි වීම පිළිබසව කණගාටුවට පත්වෙනවා... අතිශය කාර්යබහුලව කාලය ගතවීම නිසා මෙම තත්ත්වය ඇතිවුනේ... මේ අතරතුර විශාල වෙනසක් ඇතිවී තිබීම පිළිබදව ද මා කණගාටු වෙම්.. ඒ කුමක් දැයි මෙහිදී කතාකිරීමට බලාපොරොත්තු නොවෙමි. ඉතින් අද පටන් හැකි සෑම විටකම අලුත් ලිපියක් ලිවීහට මම උත්සාහ ගන්නවා... ඔන්න අද මම ඔයාලව දැනුවත් කරන්නේ පරිගණකයේ ක්‍රියාකාරීත්වය මන්දගාමීවීම නිසා කිසිදු කාර්යයක් කළ නොහැකි අවස්ථාවලදී වැදගත් වන උපදෙස් කිහිපයක් පිළිබදවයි.. ඔබ පරිගණකය Defragment කිරීමටසූදානම්වනවා නම් මේ කරැණු පිළිබදව ඔබේ අවධානය යෙදීම ඉතා වැදගත් වේවි..

      ඇතැම් අවස්ථාවල පරිගණකයේ ක්‍රියාකාරීත්වය මන්දගාමීවීම නිසා කිසිදු කාර්යයක් කළ නොහැකි තත්ත්වයන්ට පත්වෙයි.  එසේම පරිගණකයේ වැඩසටහන් එකවරම නතරවීම්, අවසන් වීම් වැනි අවස්ථාවල ද ඔබට දැනටමත් මුහුණදීමට සිදුවී තිබෙන්නට පුලුවන්... එසේ නම් පරිගණකය Defragment කිරීමට කාළය එළඹී ඇති බව මෙම දෝෂවලින් ඔබට දැනුම් දෙනු ලබයි.. පරිගණකයක් Defragment කිරීමට මූලිකවන හේතුව වන්නේ දෘඪ තැටියේ ඇත්ළත්ව ඇති වැඩසටහන් වල කොටස් විවිධ කැන්වල තැන්පත් වී ඇතිනිසා, ඒවා නැවත එක්තරා පිළිවෙලකට සකස් කිරීමයි. මෙවැනි  Defragment වැඩසටහන් මගින් සිදුකෙරෙනුයේ එළෙස තැන තැන තැන්පත් වී ඇති කොටස් එක්තැනකට පිළිවෙළකට එක්රැස් කිරීමයි... 


Windows තුළ Defragment මෘදුකාංගය විවෘත කරගමු


RUN => dfrgui.exe

      විශේෂයෙන් Defragment කිරීමට ප්‍රථම සැළකිල්ලට ගතයුතු කරැණු කිහිපයක් වෙයි. මේ සදහා බොහෝ වේලාවක් ගතවීම ප්‍රමුඛ කාරණයයි.

      ඇතැම්විට ඔබගේ දෘඪ තැටියේ ධාරිතාවය වැඩි අගයක් ගන්නේ නම් ඊට අදාළව මේ සදහා ගන්නා කාලය වැඩිවය හැකිය...

      එමෙන්ම Defragment කරන අවස්ථාවේ දී පරිගණකය දෘඪ තැටියේ අඩාගු දත්තයන් නැවත සකස් කරන තුරු RAM එකෙහි රදවාගන්නා බැවින් මෙවැනි අවස්ථාවකදී විදුලිබලය ඇණහිටීමක් සිදුවුවහොත් එය පරිගණකයේ ක්‍රියාකාරීත්වයට බලපෑමක් ඇතිකරන බැවින් විශේෂයෙන් අකුණුගසන අවසිථාවන්හීදි මෙය සිදු නොකිරීමට සැළකිලිමත් වියයුතුය.


නැවත හමුවන්නේ තවත් අපේ මෘදුකාංගයක් සමගයි...  

      එහෙනම් මම හිතනවා මේ පෝස්ට් එක ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා... මේක ඔයාලට ප්‍රයෝජනයක් වුණා නම් කමෙන්ට් එකක් එහෙම දාලා මගේ බ්ලොග් එකේ මෙම්බර් කෙනෙක් වෙන්න. ඔයාලගෙ ප්‍රතිචාර හොඳ නම් තමයි තව එක එක දේවල් ඔයාලට දෙන්න හිතෙන්නෙ. එහෙනම් ආයෙත් වැදගත් දෙයක් එක්ක හමුවෙමු...


8 comments:

  1. හ්ම්ම්..උත්සහ කරලා බලන්න ඕන..ස්තුතියි!

    ReplyDelete
  2. { හිරුහිමාවී } : හ්ම්ම්... :)

    ReplyDelete
  3. yaluwe pencil softweir eke 'hal kerima' lehanne kohmdz

    ReplyDelete
  4. Sumeda Fernando : Software eka mokakda?

    ReplyDelete
  5. විස්ටා වලටත් මේක හරිද?

    ReplyDelete
    Replies
    1. විස්ටා සදහා http://www.dummies.com/how-to/content/how-to-defragment-a-hard-drive-in-windows-vista.html

      Delete
  6. vsta වලටත් මෙක වැඩ කරනවද?

    ReplyDelete

ලිපිය සම්බන්ධයෙන් ඇති ඔබේ අදහස්, ගැටලු ආදිය විමසීමට මෙය භාවිතා කරන්න. අනවශ්‍ය ලෙස Backlinks යෙදූ ප්‍රතිචාර ඉවත් කෙරෙනු ලැබේ..