Aug 22, 2012

Twitter Followers Box එකක් ඔයාගේ බ්ලොග් එකට මෙන්න


      කොහොමද යාළුවනේ....  ඔන්න මම උ.පෙ ඉවරවුනු ගමන්ම පොඩි විවේකයකුත් අරගෙනම අලුතින් ලිපියක් ලිව්වා... හැබැයි අපේ යාලුවෝ ගැන මට ගොඩක් සතුටුයි, මොකද මම මේ අඩවිය අලුත් නොකළට හැමදාම ඇවිත් යන්න ආවට... ඒකට මම ඔයාලට ස්තූතිවන්ත වෙනවා... අද ඉදලා නැවත මම මගේ මේ අඩවිය යාවත්කාලීන කිරීම අරඹනවා... ඉතින් මම අද ඔයාලට දෙන්න අරගෙන ආවේ බ්ලොගර් විජට්ටුවක්.... මේක වැදගත් වෙන්නේ ඔයාට Twitter ගිණුමක් තියනවා නම් තමයි... 

      මම අරගෙන ආවේ බ්ලොගර් විජට්ටුව තමයි Twitter Followers Box එකක්... ඔයාල දන්නවනෙ Facebook Fanpage ගැන.. ඒ Facebook Fanpage වල තියෙන Like Box එක වගේ තමයි මේ Twitter Followers Box එකත්... මම පහළින් මෙහි Live Demo එකක් දාලා තියෙන්නේ..




      ඉතින් ඔයාලගෙ Twitter Account එකේ Followers ල එහෙම වැඩි කරගන්න ඔයාලට මේක හුඟක් වැදගත් වේවි...

කොහොමද ඔයාලගෙ බ්ලොග් එකටත් මේක දාගන්නේ




  1. මුලින්ම ඔයාලා ඔයාලගෙ Blogger Account එකට ලොග් වෙලා Dashboard > Design > Page Elements යන්න.
  2. දැන් Add a Gadget කියන එකට ගිහින් HTML JavaScript එකක් ගන්න.
  3. දැන් පහල දිලා තියෙන කොඩ් එක Copy කරගෙන ඔයාලා ගත්ත
    HTML JavaScript එකට Paste කරල Save කරන්න.

<script type="text/javascript"
src="http://s.moopz.com/fanbox_init.js"></script><div
id="twitterfanbox"></div><script
type="text/javascript">fanbox_init("Gihan_Kashnuka");</script> 


වැදගත් : මතක ඇතුව Gihan_Kashnuka කියන තැනට ඔයාලගෙ Twitter Username එක ලබා දෙන්න.

      දැන් සියල්ල සිදුකර අවසන්... ඔබ නිවැරදිව පියවර අනුගමනය කළා නම්ඊහත පරදි එය දිස්වේවි... එහෙනම් මතක ඇතිව යාලුවන්ටත් කියන්න Sandriesoft.info අපගේ අඩවිය ගැන...

      එහෙනම් මම හිතනවා මේ පෝස්ට් එක ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා. මේක ඔයාලට ප්‍රයෝජනයක් උනා නම් කමෙන්ට් එකක් එහෙම දාලා මගේ බ්ලොග් එකේ මෙම්බර් කෙනෙක් වෙන්න. ඔයාලගෙ ප්‍රතිචාර හොඳ නම් තමයි තව එක එක දේවල් ඔයාලට දෙන්න හිතෙන්නෙ. එහෙනම් අපි ගියා ආයෙත් වැදගත් දෙයක් එක්ක හමුවෙමු...

0 ක් ප්‍රතිචාර ලැබී ඇත.:

Post a Comment

ලිපිය සම්බන්ධයෙන් ඇති ඔබේ අදහස්, ගැටලු ආදිය විමසීමට මෙය භාවිතා කරන්න. අනවශ්‍ය ලෙස Backlinks යෙදූ ප්‍රතිචාර ඉවත් කෙරෙනු ලැබේ..