Aug 29, 2012

Sandriesoft වෙතින් Free Advertising Network එකක් - Admine!

      ඔන්න යාලුවනේ මම අලුත් වැඩක් පටන් ගත්තා... ගොඩ දවසකින් තමයි මේ අලුත් දෙයක් කරන්නට පටන් ගත්තේ.. මේක අපේ යාලුවන්ටත් අලුත්ම අත්දැකීමක් වේවි.. ඇත්තෙන්ම මෙය දැන්වීම් ප්‍රචාරය කිරීමේ අති සාර්ථකම ක්‍රමයයි කිව්වොත් ඒක 100%ක් නිවැරදියි... මොකක්ද මේ Free Advertising Network එකක්  කියන්නේ..? මේක අපේ බ්ලොග් අඩවි පවත්වාගෙන යන හැමෝටම සුභ ආරංචියක් වේවි... Sandriesoft වෙතින් මෙම Free Advertising Network එකක් පවත්වාගෙන යාමට හේතුව සහ මෙමගින් අපගේ ප්‍රධානතම අරමුණ වනුයේ ශ්‍රී ලාංකික අප වෙනුවෙන් පුළුල් පාඨක පිරිසක් වෙත ඔබගේ බ්ලොගය හෝ වෙබ් අඩවිය ගෙනයාමය. Free Advertising Network එකක් නොමැතිව අපගේ බ්ලොග් අඩවියට, වෙබ් අඩවියට නව සාමාජිකයින්, නව පාඨකයින් ගෙන්වාගැනීමේ අපහසුතාවයක් ඇත. නමුත් මෙවැනි  Free Advertising Network එකක් මගින් සැම දෙනා හට එක හා සමාන පුළුල් ප්‍රචාරයක් ලබාදීමට හැකිවීමය. තවද හුදෙක් මෙවැනි  Advertising Network එකකට දැන්වීමක් ඇතුළුකිරීමට  ඔබට අවශ්‍ය වුවහොත් ඔබට සාමාන්‍යයෙන් සැළකිය යුතු මුදලක් ගෙවා එම ප්‍රචාරණ කටයුත්ත සිදුකරගැනීමට සිදුවේ... නමුත් Sandriesoft මෙම සේවාව පවත්වාගෙන යන්නේ කිසිදු සැගවුනු ගාස්තුවක් ද නොමැතිවය. ඉතින් මේ වෙනුවෙන් අප කළ යුත්තේ අපගේ අඩවියේ සුළු ඉඩක් ලබාදීම පමණි. අප සැම වෙනුවෙන් ඔබට කළයුත්තේ එය පමණක් ම වීම වැදගත්ය...

Admine! ක්‍රියාකාරීත්වය කෙසේද?

            Admine! දැන්වීම් ප්‍රචාරණය සදහා 468x60 ප්‍රමාණයේ ඉඩක් අවශ්‍ය වේ. මෙම ඉඩ තුළ Admine! දැන්වීම් සියල්ල දර්ශනය කෙරේ... වැඩිම දැන්වීම් ප්‍රමාණයකට ප්‍රචාරණය සදහා ඉඩ සැලැස්වීමට නිරන්තරයෙන්  Admine! ක්‍රියාත්මක වේ. වරකට දැන්වීම් එකකට වඩා දර්ශනය කිරීමේ හැකියාව Admine! සතු බැවින් ඔබගේ දැන්වීමට එමගින් ද වැඩි Impressions ප්‍රමාණයක් හිමිවේ.
.
Admine! දැන්වීම් සේවාව වෙත දැන්වීම් එකතු කරන්නේ කෙසේද?

            Admine! දැන්වීමක ප්‍රමාණය 468x60 වේ. මෙම ඉඩ තුළ Admine! දැන්වීම් සියල්ල දර්ශනය කෙරේ... මෙම ප්‍රමාණයට සකස්කළ ඔබගේ දැන්වීමේ,

1. පින්තූරයට අදාළ ලින්කුව
2. ඔබගේ අඩවියේ ලින්කුව
3. ඔබගේ අඩවියේ නාමය

      යන දත්ත ඇතුළත් කළ විද්‍යුත් ලිපියක් gihankashnuka@gmail.com වෙත යොමුකළ යුතුය. ඔබගේ දැන්වීම පැය 24 ක් ඇතුළත  Admine! දැන්වීම් සේවාවට ඇතුළු කෙරේ.. තවද මේ සදහා ඔබට විවිධ ආකාරයේ අමතර දැන්වීම් 4ක් ඇතුළත් කිරීමට අවස්ථාව Admine! මගින් ඉඩ සළස්වා දේ... ඔබ එක්කරන සෑම වෙබ් අඩවියක්ම Admine! වෙත ඇතුළත් කිරීම සදහා Admine! Publisher Code එක එම එක් එක් අඩවියේ ඇතුළත් කිරීම සිදුකිරීම අත්‍යාවශ්‍ය වේ. මක් නිසාද යත් අපගේ මෙම සේවාවේ සේවය ඉහළින් ලැබීමට එය ඉවහල්වන නිසාමය..


      Admine! දැන්වීම් සේවාවට ඇතුළත් කරන වෙබ් අඩවි/ බ්ලොග් අඩවි සදහා ඇතුළත් කළ යුතු Admine! Publisher Code පහළින් ලබාගෙන එය ඔබගේ වෙබ් අඩවි/ බ්ලොග් අඩවි සදහා ඇතුළත් කරන්න.






      ඉතින් මේ සේවාව හොදින් පවත්වා ගෙන යාමට ඔබ, අප සැමගේ දායකත්වය අත්‍යවශ්‍යයි.. Admine! දැන්වීම් සේවාව පිළිබදව යම්කිසි ගැටලු ඇතහොත් ඒ සදහා ඉහත සදහන් කළ විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.. Admine! දැන්වීම් සේවාව සදහා ඔබ සැම ඉහළ ප්‍රතිචාරයක් දක්වාවි යන්න මාගේ හැගීමයි... ස්තූතියි!

7 comments:

  1. එල වැඩක් කොල්ලා ඔන්න මමත් ඇඩවුනා හොදටම කරමු අපෙන් ඔන් සප් එකක් දෙනවා

    ReplyDelete
  2. එළ.. එළ.. මමත් බැනර් එකක් හදල එවන්නං. ඇනිමේට් කරපුව අවුලක් නෑනෙ?

    ReplyDelete
  3. උමයංග මධුෂාන් ow... getaluwak nee...

    ReplyDelete
    Replies
    1. මටකියනවද wifi එකක් හැක්කරන්නේ කොහොමද කියල . 100% වැඩකරන සොෆ්ට්වෙයා එකක්ඕන

      Delete

ලිපිය සම්බන්ධයෙන් ඇති ඔබේ අදහස්, ගැටලු ආදිය විමසීමට මෙය භාවිතා කරන්න. අනවශ්‍ය ලෙස Backlinks යෙදූ ප්‍රතිචාර ඉවත් කෙරෙනු ලැබේ..