Aug 2, 2012

ඔයාගේ BMI අගය ගැන ඔයා තාම දැනුවත් නැතිද?

      කොහොමද යාලුවනේ..., Sandriesoft තුළින් අද මම ඔයාලට පොඩි මෘදුකාංගයක් දෙන්න හිතුවා... මේක සෞඛ්‍යට සම්බන්ධ මෘදුකාංගයක්... ළගදී නව මෘදුකාංගයක් ලබා දෙන්නත් හැකියාවක් නොලැබුනු නිසයි මෙම මෘදුකාංගය නිර්මාණය කරන්නට තීරණය කළේ... මෙම මෘදුකාංගයේ නම Sandriesoft BMI දර්ශකය.

      පුද්ගලයෙකු කිනම් වයස් කාණ්ඩයක වුවද ඔහුගේ හෝ ඇයගේ සෞඛ්‍ය හා පෝෂණ තත්ත්වය තීරණය කිරීමට ශරීරියේ බර ඉතාම වැදගත් සාධකයකි. උසට සරිලන නියමිත බර පවත්වා ගැනීමට පෝෂ්‍යදායි ආහාර පාන නිසි ප්‍රමාණයට ගැනීමත් දිනපතා ශාරීරික ක්‍රියාකාරකම්වල යෙදීමත් කළ යුතුය.

ශරීර ස්කන්ධ දර්ශකය
      පුද්ගලයෙකුගේ උසට සරිලන නියමිත බර ප්‍රමාණය තීරණය කිරීමේ මිනුම් දණ්ඩ BMI අගය හෙවත් ශරීර ස්කන්ධ දර්ශකය නමින් හැදින්වේ.


      ඉහත සදහන් කළ විස්තරය කියවූවානම් මම අද ඔයාලට දෙන මෘදුකාංගය පිළිබද දළ අදහසක් ලබාගන්නට පුලුවන්.. හොදයි..තව දුරටත් පැහැදිළිව කියනවා නම් මෙම මෘදුකාංගයෙන් ඔයාගේ සෞඛ්‍ය තත්ත්වය කොහොමද කියලා දැනගන්න පුලුවන්... පහළ රූපයේ දැක්වෙන්නේ එහි දර්ශනයක්...


      ඔයාගේ උස සහ බර දත්ත ලෙස ඇතුළත් කිරීමෙන් අදාළ ප්‍රතිඵල ලබාගන්න පුළුවන්... BMI දර්ශකය ඉතා වැදගත් බැවින් ඔබගේ BMI අගය මගින් ඔබගේ සෞඛ්‍ය පිළිබදව දළ අදහසක් ලබාගැනීමට හැකිවේවි.. එහෙනම් මෘදුකාංගය බාගෙනම බලන්නකෝ.. මෙය 408kb පමණක් විතරයි.
 





      එහෙනම් මම හිතනවා මේ පෝස්ට් එක ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා... මේක ඔයාලට ප්‍රයෝජනයක් වුණා නම් කමෙන්ට් එකක් එහෙම දාලා මගේ බ්ලොග් එකේ මෙම්බර් කෙනෙක් වෙන්න. ඔයාලගෙ ප්‍රතිචාර හොඳ නම් තමයි තව එක එක දේවල් ඔයාලට දෙන්න හිතෙන්නෙ. එහෙනම් ආයෙත් වැදගත් දෙයක් එක්ක හමුවෙමු...

7 comments:

  1. මේක නම් නියමයි සහෝ......මාත් ඩවුන්ලෝඩ් කරන්න යන්නේ..

    ReplyDelete
  2. ස්තූතියි හිරුහිමාවී.... :)

    ReplyDelete
  3. මම මේ සයිට් එක ගැන දැනගත්තෙ අද. මේකේ ගොඩා..ක් ලිපි වැදගත් උනා, මට නම්.
    මේ අඩවිය තව තවත් සාර්ථක වෙන්න කියල සුබ පතනව !

    ReplyDelete
  4. මම මේ සයිට් එක ගැන දැනගත්තෙ අද. මේකේ ගොඩා..ක් ලිපි වැදගත් උනා, මට නම්.
    මේ අඩවිය තව තවත් සාර්ථක වෙන්න කියල සුබ පතනව !

    ReplyDelete

ලිපිය සම්බන්ධයෙන් ඇති ඔබේ අදහස්, ගැටලු ආදිය විමසීමට මෙය භාවිතා කරන්න. අනවශ්‍ය ලෙස Backlinks යෙදූ ප්‍රතිචාර ඉවත් කෙරෙනු ලැබේ..