Aug 29, 2012

Sandriesoft වෙතින් Free Advertising Network එකක් - Admine!

      ඔන්න යාලුවනේ මම අලුත් වැඩක් පටන් ගත්තා... ගොඩ දවසකින් තමයි මේ අලුත් දෙයක් කරන්නට පටන් ගත්තේ.. මේක අපේ යාලුවන්ටත් අලුත්ම අත්දැකීමක් වේවි.. ඇත්තෙන්ම මෙය දැන්වීම් ප්‍රචාරය කිරීමේ අති සාර්ථකම ක්‍රමයයි කිව්වොත් ඒක 100%ක් නිවැරදියි... මොකක්ද මේ Free Advertising Network එකක්  කියන්නේ..? මේක අපේ බ්ලොග් අඩවි පවත්වාගෙන යන හැමෝටම සුභ ආරංචියක් වේවි... Sandriesoft වෙතින් මෙම Free Advertising Network එකක් පවත්වාගෙන යාමට හේතුව සහ මෙමගින් අපගේ ප්‍රධානතම අරමුණ වනුයේ ශ්‍රී ලාංකික අප වෙනුවෙන් පුළුල් පාඨක පිරිසක් වෙත ඔබගේ බ්ලොගය හෝ වෙබ් අඩවිය ගෙනයාමය. Free Advertising Network එකක් නොමැතිව අපගේ බ්ලොග් අඩවියට, වෙබ් අඩවියට නව සාමාජිකයින්, නව පාඨකයින් ගෙන්වාගැනීමේ අපහසුතාවයක් ඇත. නමුත් මෙවැනි  Free Advertising Network එකක් මගින් සැම දෙනා හට එක හා සමාන පුළුල් ප්‍රචාරයක් ලබාදීමට හැකිවීමය. තවද හුදෙක් මෙවැනි  Advertising Network එකකට දැන්වීමක් ඇතුළුකිරීමට  ඔබට අවශ්‍ය වුවහොත් ඔබට සාමාන්‍යයෙන් සැළකිය යුතු මුදලක් ගෙවා එම ප්‍රචාරණ කටයුත්ත සිදුකරගැනීමට සිදුවේ... නමුත් Sandriesoft මෙම සේවාව පවත්වාගෙන යන්නේ කිසිදු සැගවුනු ගාස්තුවක් ද නොමැතිවය. ඉතින් මේ වෙනුවෙන් අප කළ යුත්තේ අපගේ අඩවියේ සුළු ඉඩක් ලබාදීම පමණි. අප සැම වෙනුවෙන් ඔබට කළයුත්තේ එය පමණක් ම වීම වැදගත්ය...

Admine! ක්‍රියාකාරීත්වය කෙසේද?

            Admine! දැන්වීම් ප්‍රචාරණය සදහා 468x60 ප්‍රමාණයේ ඉඩක් අවශ්‍ය වේ. මෙම ඉඩ තුළ Admine! දැන්වීම් සියල්ල දර්ශනය කෙරේ... වැඩිම දැන්වීම් ප්‍රමාණයකට ප්‍රචාරණය සදහා ඉඩ සැලැස්වීමට නිරන්තරයෙන්  Admine! ක්‍රියාත්මක වේ. වරකට දැන්වීම් එකකට වඩා දර්ශනය කිරීමේ හැකියාව Admine! සතු බැවින් ඔබගේ දැන්වීමට එමගින් ද වැඩි Impressions ප්‍රමාණයක් හිමිවේ.
.
Admine! දැන්වීම් සේවාව වෙත දැන්වීම් එකතු කරන්නේ කෙසේද?

            Admine! දැන්වීමක ප්‍රමාණය 468x60 වේ. මෙම ඉඩ තුළ Admine! දැන්වීම් සියල්ල දර්ශනය කෙරේ... මෙම ප්‍රමාණයට සකස්කළ ඔබගේ දැන්වීමේ,

1. පින්තූරයට අදාළ ලින්කුව
2. ඔබගේ අඩවියේ ලින්කුව
3. ඔබගේ අඩවියේ නාමය

      යන දත්ත ඇතුළත් කළ විද්‍යුත් ලිපියක් gihankashnuka@gmail.com වෙත යොමුකළ යුතුය. ඔබගේ දැන්වීම පැය 24 ක් ඇතුළත  Admine! දැන්වීම් සේවාවට ඇතුළු කෙරේ.. තවද මේ සදහා ඔබට විවිධ ආකාරයේ අමතර දැන්වීම් 4ක් ඇතුළත් කිරීමට අවස්ථාව Admine! මගින් ඉඩ සළස්වා දේ... ඔබ එක්කරන සෑම වෙබ් අඩවියක්ම Admine! වෙත ඇතුළත් කිරීම සදහා Admine! Publisher Code එක එම එක් එක් අඩවියේ ඇතුළත් කිරීම සිදුකිරීම අත්‍යාවශ්‍ය වේ. මක් නිසාද යත් අපගේ මෙම සේවාවේ සේවය ඉහළින් ලැබීමට එය ඉවහල්වන නිසාමය..


      Admine! දැන්වීම් සේවාවට ඇතුළත් කරන වෙබ් අඩවි/ බ්ලොග් අඩවි සදහා ඇතුළත් කළ යුතු Admine! Publisher Code පහළින් ලබාගෙන එය ඔබගේ වෙබ් අඩවි/ බ්ලොග් අඩවි සදහා ඇතුළත් කරන්න.






      ඉතින් මේ සේවාව හොදින් පවත්වා ගෙන යාමට ඔබ, අප සැමගේ දායකත්වය අත්‍යවශ්‍යයි.. Admine! දැන්වීම් සේවාව පිළිබදව යම්කිසි ගැටලු ඇතහොත් ඒ සදහා ඉහත සදහන් කළ විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.. Admine! දැන්වීම් සේවාව සදහා ඔබ සැම ඉහළ ප්‍රතිචාරයක් දක්වාවි යන්න මාගේ හැගීමයි... ස්තූතියි!

Aug 22, 2012

Twitter Followers Box එකක් ඔයාගේ බ්ලොග් එකට මෙන්න


      කොහොමද යාළුවනේ....  ඔන්න මම උ.පෙ ඉවරවුනු ගමන්ම පොඩි විවේකයකුත් අරගෙනම අලුතින් ලිපියක් ලිව්වා... හැබැයි අපේ යාලුවෝ ගැන මට ගොඩක් සතුටුයි, මොකද මම මේ අඩවිය අලුත් නොකළට හැමදාම ඇවිත් යන්න ආවට... ඒකට මම ඔයාලට ස්තූතිවන්ත වෙනවා... අද ඉදලා නැවත මම මගේ මේ අඩවිය යාවත්කාලීන කිරීම අරඹනවා... ඉතින් මම අද ඔයාලට දෙන්න අරගෙන ආවේ බ්ලොගර් විජට්ටුවක්.... මේක වැදගත් වෙන්නේ ඔයාට Twitter ගිණුමක් තියනවා නම් තමයි... 

      මම අරගෙන ආවේ බ්ලොගර් විජට්ටුව තමයි Twitter Followers Box එකක්... ඔයාල දන්නවනෙ Facebook Fanpage ගැන.. ඒ Facebook Fanpage වල තියෙන Like Box එක වගේ තමයි මේ Twitter Followers Box එකත්... මම පහළින් මෙහි Live Demo එකක් දාලා තියෙන්නේ..




      ඉතින් ඔයාලගෙ Twitter Account එකේ Followers ල එහෙම වැඩි කරගන්න ඔයාලට මේක හුඟක් වැදගත් වේවි...

කොහොමද ඔයාලගෙ බ්ලොග් එකටත් මේක දාගන්නේ




  1. මුලින්ම ඔයාලා ඔයාලගෙ Blogger Account එකට ලොග් වෙලා Dashboard > Design > Page Elements යන්න.
  2. දැන් Add a Gadget කියන එකට ගිහින් HTML JavaScript එකක් ගන්න.
  3. දැන් පහල දිලා තියෙන කොඩ් එක Copy කරගෙන ඔයාලා ගත්ත
    HTML JavaScript එකට Paste කරල Save කරන්න.

<script type="text/javascript"
src="http://s.moopz.com/fanbox_init.js"></script><div
id="twitterfanbox"></div><script
type="text/javascript">fanbox_init("Gihan_Kashnuka");</script> 


වැදගත් : මතක ඇතුව Gihan_Kashnuka කියන තැනට ඔයාලගෙ Twitter Username එක ලබා දෙන්න.

      දැන් සියල්ල සිදුකර අවසන්... ඔබ නිවැරදිව පියවර අනුගමනය කළා නම්ඊහත පරදි එය දිස්වේවි... එහෙනම් මතක ඇතිව යාලුවන්ටත් කියන්න Sandriesoft.info අපගේ අඩවිය ගැන...

      එහෙනම් මම හිතනවා මේ පෝස්ට් එක ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා. මේක ඔයාලට ප්‍රයෝජනයක් උනා නම් කමෙන්ට් එකක් එහෙම දාලා මගේ බ්ලොග් එකේ මෙම්බර් කෙනෙක් වෙන්න. ඔයාලගෙ ප්‍රතිචාර හොඳ නම් තමයි තව එක එක දේවල් ඔයාලට දෙන්න හිතෙන්නෙ. එහෙනම් අපි ගියා ආයෙත් වැදගත් දෙයක් එක්ක හමුවෙමු...

Aug 2, 2012

adf.ly මගින් පහසුවෙන් මුදල් උපයමු...!

      Internet එකේ money හොයන්න ක්‍රම වගයක් හොයද්දි මට නියම Site එකක් හම්බුනා. මේ  Site එකේ නම තමයි  adf.ly. මේ අඩවිය මගින් ඔයාට ඉතා පහසුවෙන් මුදල් ඉපැයීම සිදුකරන්න පුළුවන්...

adf.ly කියන්නේ කුමක්ද?
 
      adf.ly කියන්නේ Links share කරලා මුදල් උපයන්න පුලුවන් හොද අඩවියක්. උපරිමයෙන් visitorsලා 1000කට $4ක් හොයන්න පුලුවන්. මේ අඩවියේ ක්‍රියාපටිපාටිය ගැන කීවොත්, අපි මේ අඩවිය හරහා අපේ දිගු links short කරලා කෙටි වෙබ් ලිපින ලබා දෙනවා. ඒ shorten link එක හරහා එන visitorsලාට මේ අඩවියෙන් බලෙන්ම ඇඩ් පෙන්නනවා. පෙන්නලා අපට ආදායමක් උපයලා දෙනවා. ඊට තත්පර 5කට පස්සේ visitorsලාට අපේ original link එකට Redirect වෙන්න පුලුවන්.
වැඩේ පටන් ගන්නේ කොහොමද?

      හරි ලේසියි. http://adf.ly වෙත ගිහිල්ලා නොමිලේ Register වෙන්නයි තියෙන්නේ.






කොහොමද adf.ly මගින් url short කරන්නේ?

මතක ඇතිව Login වෙලා ඉන්න. ඒක ගොඩක් වැදගත්. නැතිනම් ඔයාට මුදල් ලැබෙන්නේ නැහැ.

දැන් ඔයාට කෙටිකරන්න අවශ්‍ය ලින්කුව පහත රූපයේ පරිදි Shrink කරගන්න.




දැන් ඔබට කෙටි ලින්කුව ලැබේ. එම ලින්කුව ඔබගේ මිතුරන් අතරේ Share කර මුදල් ඉපැයීම ආරම්භ කරන්න.



මොනවගේ links ද short කරන්න පුළුවන්
 
ඕනේම link එකක්, දිගු වුනත්, කෙටිවුනත් ගැටලුවක් නෑ.
      United States, United Kingdom, Canada, Australia කියන රටවල එවුන්ට පෙන්නුවොත් තමයි වැඩිම මුදලක් ගෙවන්නේ. ඊට අමතරව අනෙක් රටවලට ගෙවන මිලගනන් මෙතනින් බලන්න. http://adf.ly/rates.php
ඉතින් ඔයාලට පුලුවන් ඒ ඒ රටවල අය ගෙන්වාගන්න. පහත ඇත්තේ විදේශිකයින් බහුලව ගැවසෙන වෙබ් අඩවි කිහිපයක්..




      ඒ ඒ රටවල අය ගෙන්වාගන්න උපක්‍රම යෙදීම ඔබේ අතේ පවතින්නේ... ඉතින් මගේ ප්‍රාර්ථනාව ඔයාට ඔයාගේ බලාපොරොත්තුව ඉක්මනින් මල්ඵල ගැන්වේවා යන්නයි...
  

      එහෙනම් මම හිතනවා මේ පෝස්ට් එක ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා. මේක ඔයාලට ප්‍රයෝජනයක් උනා නම් කමෙන්ට් එකක් එහෙම දාලා මගේ බ්ලොග් එකේ මෙම්බර් කෙනෙක් වෙන්න. ඔයාලගෙ ප්‍රතිචාර හොඳ නම් තමයි තව එක එක දේවල් ඔයාලට දෙන්න හිතෙන්නෙ. එහෙනම් අපි ගියා ආයෙත් වැදගත් දෙයක් එක්ක හමුවෙමු...

ඔයාගේ BMI අගය ගැන ඔයා තාම දැනුවත් නැතිද?

      කොහොමද යාලුවනේ..., Sandriesoft තුළින් අද මම ඔයාලට පොඩි මෘදුකාංගයක් දෙන්න හිතුවා... මේක සෞඛ්‍යට සම්බන්ධ මෘදුකාංගයක්... ළගදී නව මෘදුකාංගයක් ලබා දෙන්නත් හැකියාවක් නොලැබුනු නිසයි මෙම මෘදුකාංගය නිර්මාණය කරන්නට තීරණය කළේ... මෙම මෘදුකාංගයේ නම Sandriesoft BMI දර්ශකය.

      පුද්ගලයෙකු කිනම් වයස් කාණ්ඩයක වුවද ඔහුගේ හෝ ඇයගේ සෞඛ්‍ය හා පෝෂණ තත්ත්වය තීරණය කිරීමට ශරීරියේ බර ඉතාම වැදගත් සාධකයකි. උසට සරිලන නියමිත බර පවත්වා ගැනීමට පෝෂ්‍යදායි ආහාර පාන නිසි ප්‍රමාණයට ගැනීමත් දිනපතා ශාරීරික ක්‍රියාකාරකම්වල යෙදීමත් කළ යුතුය.

ශරීර ස්කන්ධ දර්ශකය
      පුද්ගලයෙකුගේ උසට සරිලන නියමිත බර ප්‍රමාණය තීරණය කිරීමේ මිනුම් දණ්ඩ BMI අගය හෙවත් ශරීර ස්කන්ධ දර්ශකය නමින් හැදින්වේ.


      ඉහත සදහන් කළ විස්තරය කියවූවානම් මම අද ඔයාලට දෙන මෘදුකාංගය පිළිබද දළ අදහසක් ලබාගන්නට පුලුවන්.. හොදයි..තව දුරටත් පැහැදිළිව කියනවා නම් මෙම මෘදුකාංගයෙන් ඔයාගේ සෞඛ්‍ය තත්ත්වය කොහොමද කියලා දැනගන්න පුලුවන්... පහළ රූපයේ දැක්වෙන්නේ එහි දර්ශනයක්...


      ඔයාගේ උස සහ බර දත්ත ලෙස ඇතුළත් කිරීමෙන් අදාළ ප්‍රතිඵල ලබාගන්න පුළුවන්... BMI දර්ශකය ඉතා වැදගත් බැවින් ඔබගේ BMI අගය මගින් ඔබගේ සෞඛ්‍ය පිළිබදව දළ අදහසක් ලබාගැනීමට හැකිවේවි.. එහෙනම් මෘදුකාංගය බාගෙනම බලන්නකෝ.. මෙය 408kb පමණක් විතරයි.
 





      එහෙනම් මම හිතනවා මේ පෝස්ට් එක ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා... මේක ඔයාලට ප්‍රයෝජනයක් වුණා නම් කමෙන්ට් එකක් එහෙම දාලා මගේ බ්ලොග් එකේ මෙම්බර් කෙනෙක් වෙන්න. ඔයාලගෙ ප්‍රතිචාර හොඳ නම් තමයි තව එක එක දේවල් ඔයාලට දෙන්න හිතෙන්නෙ. එහෙනම් ආයෙත් වැදගත් දෙයක් එක්ක හමුවෙමු...