Jul 6, 2012

Sandriesoft Black Pussycat නිකුත්වෙයි..!

       කොහොමද යාලුවනේ.., ටික කාලයක් යනකම් ලිපියක් නම් පලකරන්න මට බැරිවුණා.. ඒකට මාගේ කණගාටුව යලිත් ප්‍රකාශ කරනවා.. මට ඔයාලට ලිපියක් ලියන්න බැරිවුණේ එක්තරා විශේෂ කාරණාවක් නිසයි.. මම අලුත් වැඩක් පටන් ගත්තා.. මොකක් ද මේ අලුත් වැඩේ..? ඔයාලට මේ වනවිටත් කුතුහලයක් ඒ පිළිබදව ඇතිවෙලා ඇති... හොදයි.. මම මගේ මේ අලුත් වැඩසටහන පිළිබදව ඔයාලව දැනුවත් කරන්නම්...

      Sandriesoft Black Pussycat කියන්නේ වටිනා මෘදුකාංගයක් කියලා ඉදිරියේදී ඔයාලා කියාවි කියලා මට විශ්වාසයක් තියනවා.. ඇත්තටම Sandriesoft Black Pussycat කියා මම මෘදුකාංගයක් නිර්මාණය කරන්නට හේතු වුණේ ඔබගේ වටිනා කාලය අපතේ යාමක් වළක්වන්නයි.. අපේ යාලුවෝ ගොඩක් කාර්යයබහුලයි.. ඒක අපි දන්න නිසාම මේ මෘදුකාංගය සතියක්  හෝ පමා නොවන  පරිදි ඉක්මනින්ම නිර්මාණය කළා.. මම තාම කිව්වේ නැහැ මෙම මෘදුකාංගය මගින් සිදුකරන කාර්යය.. හොදයි.. මම කෙටියෙන් ම පැහැදිළි කරන්නම්..


      Sandriesoft Black Pussycat මෘදුකාංගය මගින් Sandriesoft අඩවියේ නැතහොත් අපගේ බ්ලොගයේ යාවත්කාලීන සෑම තොරතුරක්ම ඔබගේ Desktop එකටම එවනු ලබනවා.. කිසිදු අපහසුවක් නොකරම (Sandriesoft බ්ලොගයට නොපැමිණියත්) ඔබට අපගේ බ්ලොගයේ යාවත්කාලීන සෑම තොරතුරක්ම එවීමට මෙම මෘදුකාංගය සමත්ය. නිදසුනක් ලෙසට අපගේ බ්ලොගයේ යම් නව ලිපියක් පලවූ විගස එය ඔබේ පරිගණකයේ ස්ථාපනය කළ Sandriesoft Black Pussycat මෘදුකාංගය මගින් ඔබව දැනුවත් කරයි. මෙමගින්  Sandriesoft මෘදුකාංගය යාවත්කාලීන සංස්කරණ පිළිබදව ද නොමිලයේම දැනුවත් කරනු ලබයි. ඉතින් මෙම මෘදුකාංගය ඔබට විශාල උපකාරයක්ම වේවි.. මම තවත් අංගයක් මෙම මෘදුකාංගයට එක්කළා...

        Sandriesoft Black Pussycat බ්ලොග් කියවනය එහි අනිත් අංගයයි.. මෙමගින් ඔබට වෙනත් බ්ලොග් අඩවිවල යාවත්කාලීන තොරතුරැ ලබාගත හැකිය. මෙහි ක්‍රියාකාරීත්වය ඉතා සරළය. බ්ලොග් කියවනයක් නිර්මාණය නිරීමට මට තිබූ ආශාව නිසාම මම එය මෙම මෘදුකාංගය‍ට එක් කළෙමි.. එය ඔබට තවත් උපකාරයක්ම වේවි කියා මම සිතනවා... දැන් ඔබට නොමිලයේම Sandriesoft Black Pussycat බ්ලොග් කියවනය ට ඔබගේ බ්ලොගයද එක් කළ හැකිය.


Sandriesoft Black Pussycat බ්ලොග් කියවනය ට ඔබගේ බ්ලොගය එකතු කරන්නේ කෙසේද?

  • පහත සදහන් විස්තර පුරවා පහත විද්‍යුත් ලිපිනයට එවීමෙන් ඔබටත් ඔබගේ බ්ලොග් අඩවිය Sandriesoft Black Pussycat බ්ලොග් කියවනය ට එක් කළ හැකිය.



  • ඔබගේ  නම :
  • ඔබගේ බ්ලොගයෙහි නම :
  • බ්ලොග් ලිපිනය :
  • නවතම ලිපියට අදාළව සකස් කළ 250x90 ප්‍රමාණයේ ඡායාරෑපයේ ලිපිනය :

වැදගත් : ඉහත සදහන් කළ ලිපිනය නැවත වෙනස් කිරීමෙන් වළකින්න. නව ලිපියට අදාළව සකස් කරන සෑම ඡායාරෑපයක්ම ඉහත සදහන් කළ ලිපිනයට සකස් කරන්න. එසේ ඡායාරෑප Upload කිරීම සදහා google site එකක් නිර්මාණය කරගැනීම වඩාත් පහසු වේ.



Sandriesoft Black Pussycat බ්ලොග් කියවනය‍යෙන් බ්ලොග් අයිතිකරුවන්ට ඇති වාසිය කුමක්ද?


  • Sandriesoft Black Pussycat බ්ලොග් කියවන ස්ථාපනය කරගත් මිතුරන් හරහා ඔයාගේ බ්ලොග් එකට විසිටස්ලා ගෙන්න ගන්න පහසුයි.
  • ඔයාගේ බ්ලොග් ලිපිනය නොදන්න කෙනෙකුය වුණත් ඔයාගේ වැදගත් ලිපි කියවන්න පුලුවන්.
  • ප්‍රධානම දෙය නම් සිංහල බ්ලොග් කියවීමට කැමති අයට එකම තැනකදී සියලූම සිංහල බ්ලොග් සොයාගැනීමට හැකියාව ලබා දීමයි.
  • යාවත්කාලීන සෑම තොරතුරක්ම ඔබගේ Desktop එකටම එවනු ලබන නිසා අනවශ්‍ය වෙහෙසක් නොගෙනම අදාළ බ්ලොගයට පැමිණිය හැකිය.



Black Pussycat බ්ලොග් කියවනය ට එක් කරන ඔබගේ අඩවිය වෙනුවෙන් පහත Black Pussycat බ්ලොග් කියවනය ලින්කුව ඔබගේ අඩවියට Black Pussycat බ්ලොග් කියවනයට කරන උදව්වක් ලෙසට එක්කරගන්න.




Sandriesoft Black Pussycat බාගත කරගැනීම සදහා පහත ලින්කුව භාවිතා කරන්න.


Sandriesoft Black Pussycat

      එහෙනම් මම හිතනවා මේ පෝස්ට් එක ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා. මේක ඔයාලට ප්‍රයෝජනයක් වුණා නම් කමෙන්ට් එකක් එහෙම දාලා මගේ බ්ලොග් එකේ මෙම්බර් කෙනෙක් වෙන්න. ඔයාලගෙ ප්‍රතිචාර හොඳ නම් තමයි තව එක එක දේවල් ඔයාලට දෙන්න හිතෙන්නෙ. එහෙනම් ආයෙත් වැදගත් දෙයක් එක්ක හමුවෙමු...



0 ක් ප්‍රතිචාර ලැබී ඇත.:

Post a Comment

ලිපිය සම්බන්ධයෙන් ඇති ඔබේ අදහස්, ගැටලු ආදිය විමසීමට මෙය භාවිතා කරන්න. අනවශ්‍ය ලෙස Backlinks යෙදූ ප්‍රතිචාර ඉවත් කෙරෙනු ලැබේ..