Jun 28, 2012

Fit on room එකට යනවා නම් මේ ගැනත් හිතන්න.. ( ගෑණු ළමයින්ට පමණි! )

       Sinc NEWS තුළින් අද ඔයාලව විශේෂ කාරණාවක් පිළිබදව තමා දැනුවත් කරන්න යන්නේ.. මෙය ගොඩක් වැදගත් වන්නේ ගෑණු ළමයින්ටයි.. අපේ සාප්පු සවාරි යන ගෑණු ළමයින්ට ටිකක් නරක ආරංචියක් මුලින්ම කියන්න වෙන්නේ.. කෙටියෙන්ම කිව්වොත් ඔයාලා Fit on room එකට යනවා නම් මේ ගැනත් හිතන්නම වෙනවා... මේවන විටත් මම කියන්නට යන දේ ගැන යම් වැටහීමක් ඇවිත් ඇති කියලා මම හිතනවා.. එහෙනම් ලිපිය හොදින් කියවා බලා ලබා ගත් කරැණු ඔබේ යහලුවන්ටත් දන්වන්න...

 Pinhole Camera

      මේ රූපයේ පෙන්වා ඇති අයුරු pinhole කැමරා නම් ඉතා කුඩා කැමරා වර්ගයක්.. මේවා Fit on room තුළ සවිකොට ඔයාලා ඇඳුම් මාරුකරන විට ඇතැමුන් ඒ දර්ශන වීඩියෝගත කරනවා...

     ඇත්තටම දැන් දැන් ඒ මේවා ශ්‍රී ලංකාවේත් සීඝ්‍රයෙන් පැතිරීගෙන යාමේ ප්‍රවණතාව බොහෝම වැඩි වෙමින් යන බැවින් ඔබ සියලු දෙනාම ඒ පිළිබඳව දැනුවත් වීම ඉතා වැදගත්...



Pinhole කැමරා ඇත්දැයි පරීක්‍ෂා කරගන්නේ කෙසේද?

      ඔබ Fit on room තුළට ඇතුල්වීමට පෙර ඔබගේ ජංගම දුරකතනයෙන් දුරකතන ඇමතුමක් ගැනීමට හැකිදැයි පරීක්‍ෂා කර බලන්න... හැකිනම් ඉන්පසු ඒ තුළට ඇතුළුවී නැවත දුරකතන ඇමතුමක් ගැනීමට හැකිදැයි පරීක්‍ෂා කරන්න. ඔබට එවිට දුරකතන ඇමතුමක් ලබාගත නොහැකි නම් ඒ තුළ pinhole කැමරාවක් ඇති බව සනාථ වේ..

      මේ කැමරා Fit on room තුළ මෙන්ම පොදු වැසිකිලි තුළ, හෝටල් නාන කාමර තුළ පවා මේවා සඟවා තබා ඔබව වීඩියෝගත කිරීමට ඉඩ ඇති බව සිහිතබා ගන්න...


2-way Mirrors



      Pinhole කැමරා සේම තවත් භයානක දෙයක් දැන් Fit on room තුළ සවි කර තිබෙනවා. ඒ තමයි 2 -way mirrors. 2-way mirrors යනු එම කණ්ණාඩියට පිටුපසින් සිටින අයෙකුට ඔබව සම්පූර්ණයෙන් පෙනෙන මුත් ඔබට ඔවුන් නොපෙනේ. ඉතිං ඔබ එවන් කණ්ණාඩියක් ඉදිරිපිට සිට ඇඳුම් මාරුකලහොත් සිදුවන දේ අමුතුවෙන් කිවයුතු නැත...

2-way Mirrors භාවිතා කොට ඇත්දැයි පරීක්‍ෂා කරගන්නේ කෙසේද?








      ඔබ ඉදිරියේ ඇති කණ්නාඩිය මත ඔබේ ඇඟිලි තුඩ තබන්න. එවිට එහි ඇතිවන ප්‍රතිබිම්භය සහ ඔබේ ඇඟිලි තුඩ අතර හිඩසක් පෙනෙන්නට තිබේ නම් ඒ සාමාන්‍යය කණ්නාඩියකි. නමුත් එසේ නොවී ඔබේ ඇඟිලි තුඩ ඍජුව ප්‍රතිබිම්භයෙහි ගැටේ නම් එය 2 - way mirror එකක් බව සනාථ වේ.

      මේ පිළිබදව ඔබගේ යෙහෙලියන්ව ද දැනුවත් කර අනවශ්‍යය ගැටලු ඇතිවීම්වලින් බේරාගන්න..

      එහෙනම් මම හිතනවා මේ පෝස්ට් එක ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා... මේක ඔයාලට ප්‍රයෝජනයක් වුණා නම් කමෙන්ට් එකක් එහෙම දාලා අපගේ මෙම්බර් කෙනෙක් වෙන්න. ඔයාලගෙ ප්‍රතිචාර මත තමයි තව එක එක දේවල් ඔයාලට දෙන්න හිතෙන්නෙ. එහෙනම් ආයෙත් වැදගත් දෙයක් එක්ක හමුවෙමු...

 



2 comments:

ලිපිය සම්බන්ධයෙන් ඇති ඔබේ අදහස්, ගැටලු ආදිය විමසීමට මෙය භාවිතා කරන්න. අනවශ්‍ය ලෙස Backlinks යෙදූ ප්‍රතිචාර ඉවත් කෙරෙනු ලැබේ..